IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ඩයලොග් එන්ටප්‍රයිස් Dialog Sekur හඳුන්වා දෙයි

ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය සහ ප්‍රමුඛ පෙළේ ස්විස් ආරක්ෂක දත්ත කළමනාකරණ හා ක්ලවුඩ් සන්නිවේදන සමාගමක් වන Globex Data සමඟ එක්ව ව්‍යාපාර සඳහා සුරක්ෂිත සන්නිවේදන මාධ්‍යයක් ලෙස Dialog Sekur හඳුන්වා දෙන දුන්නේය. ආයතනයේ කාර්යභාරය පහසුවෙන් ඉටුකළ හැකි තත්ත්වයකට අනුගතවීමට උනන්දු වන සමාගම්, සිය සමාගම්වල කීර්තිනාමයට හානියක් නොවන පරිදි සේවකයන්ගේත් පාරිභෝගිකයන්ගේත් දත්ත වඩා හොඳින් සුරක්ෂිත කළ හැකි ආරක්ෂිත උපාංග පිළිබඳ අභියෝගයට බොහෝවිට මුහුණපායි. ව්‍යාපාර සඳහා සුරක්ෂිත හා විශ්වසනීය සන්නිවේදන ක්‍රමවේදයක අවශ්‍යතාවය අභියෝගයක් වී තිබෙන අතර, බොහෝ සමාගම් පුද්ගල සංවේදී තොරතුරුවල ඉලක්ක බවට පත්ව සිටියි.

Dialog Sekur හරහා Sekur Messanger Sekurmail සහ SekurSafe යන සුරක්ෂිත සන්නිවේදන යෙදුම් පෙළක්ම ව්‍යාපාරවලට හඳුන්වාදෙන අතර, ඒවා ඉහළම සුරක්ෂිතභාවයෙන් යුතු ආරක්ෂිත සන්නිවේදන ප්‍රමිතිවලින් සමන්විතය. සුරක්ෂිත Chat මාධ්‍යයක් වන Sekur Messanger මගින් දත්ත කේතනය කළ ලිපිගොනු හුවමාරු කිරීම, හඬ පණිවිඩ සහ Chat සඳහා පහසුකම් සැලසේ. ආරක්ෂක අංශවලට ගැලපෙන ප්‍රමිතියෙන් යුතු එම දත්ත කේතන වෙනත් තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කළ හැකි තවත් තොරතුරු එක්රැස් නොකරයි. SekurMail Phishing වළකාලන තාක්ෂණයෙන් සමන්විත වන අතර, Sekur Send තාක්ෂණයෙන් රහස්‍යභාවයෙන් යුතුව අසීමිත විද්‍යුත් පණිවිඩ යොමු කිරීමේ හැකියාවෙන් යුතු වේ.

මෙම සේවාව, වෙනත් පාර්ශවයකට තොරතුරු යොමුවීම සහ වංචනික ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා වන තාක්ෂණයකින් අනූන නිසා සමාගමකට සංවේ දී තොරතුරු අඩංගු විද්‍යුත් පණිවිඩ යොමු කිරීමේ දී කිසිඳු බියක් හෝ සැකයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවේ. SekurSafe තුළින් දත්ත සඳහා සුරක්ෂිත තාක්ෂණික සහායක් හා ආරක්ෂිතව ලිපි ගොනු හුවමාරු කළ හැකි අතර, එහි ඇති end-to-end දත්ත කේතනය කළ onlinestorage පහසුකම මගින් සමාගම්වලට ආයතනය තුළත් ඉන් පිටතත් රහස්‍යභාවය සුරැකෙන අයුරින් ලිපිගොනු හුවමාරු කරගැනීමට පහසුකම් සලසයි.

Sekur සේවා තුළින් පාරිභෝගිකයාට හොඳම ආරක්ෂාවක් සැලසෙන අතර එමගින් භාවිත නොකරන ඩේටා, සංක්‍රමණයේ දී භාවිත කරන ඩේටා සහ භාවිත වෙමින් පවතින ඩේටා ආවරණය වේ. සේවාවන් නිර්මාණය කිරීමේදී රහස්‍යභාවය සැලකිල්ලට ගෙන තිබෙන අතර, එය සමන්විත වන තාක්ෂණය FADP සහ   GDPR යන දැඩි රහස්‍ය නීතිවලට අනුකූල වේ. එමෙන්ම ආරක්ෂක අංශවලට ගැළපෙන ප්‍රමිතියෙන් යුතු දත්ත කේතනවලින් සමන්විත වන අතර තුන්වෙනි පාර්ශවයක සම්බන්ධතාවකින් තොර, වෙනත් තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කළ හැකි තවත් තොරතුරු එක්රැස් නොකරනු ලබයි.

වැඩි විස්තර  business.dialog.lk වෙත පිවිසීමෙන් ද ලබා ගත හැකිය.



අදහස් (2)

ඩයලොග් එන්ටප්‍රයිස් Dialog Sekur හඳුන්වා දෙයි

දිනේශ් Thursday, 17 June 2021 09:14 PM

මොනවා තිබුණත් වැඩක් තියෙනවද සිග්නල් නැතුව....

:       0       49

Jayasekara Sunday, 20 June 2021 12:29 AM

ආපෝ ස්විස් ජරාව මොකට දා ගත්තද මන්දා...? ලාබෙට බාලෙට හම්බෙන්න ඇති. මේ සමාගම ක්ශේත්‍රයේ ප්‍රවීණයෙක් නෙමේ. ඇමරිකාවේ මැකාෆි, සිමන්ටෙක්, සිස්කෝ, අර්.එස්.ඒ., පල්ස් සෙකියුර්, ෆෝර්ටිනෙට්, ක්‍රවුඩ් සිට්‍රයික්, චෙක් ජනරජයේ අවාස්ට්, රුසියාවේ කැස්පර්ස්කයි ලැබ්ස් කියන්නේ සයිබර් ආරක්ෂාවට විශ්වාසනීය නමක් දිනූ ආයතන. එම ආයතන වලට අමතරව මයික්‍රොෙසොෆ්ට්, අයි.බී.එම්., අමේසන්, ඔරැකල් වගේ සමාගම් තමන්ගේම සයිබර් ආරක්ෂක සේවා පවත්වනවා. ඇයි මේ වගේ විශ්වාසනීය ආයතනයක සේවය ගන්න බැරි?. මේ ස්විස් සමාගම ආරක්ෂාව පිළිබඳ ලොව ප්‍රමුඛයන් මුල් 100 අතර වත් නෑ. මේ වගේ ඒවගේ ජරාව දාගෙන අන්තිමට සයිබර් ප්‍රහාර වලට ලක්වෙනවා. සමහර විට දන්නෙත් නෑ. මම කිව්වට විශ්වාස කරන්න එපා. ඔයාලම හොයලා බලන්න. ආරක්ෂාව හොයද්දී සැලකිලිමත් වෙන්න.

:       0       128

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site