එයාර්ටෙල් ලංකා සමාගම සහ විජය පුවත්පත් සමාගමේ ඩිජිටල් මාධ්‍ය අංශය අත්වැල් බැඳගනිමින්, විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර්’ , ‘ලංකාදීප’ සහ ‘ටැමිල් මිරර්’ යන පුවත්පත්වල අන්තර්ජාල ප‍්‍රකාශන ඩේටා ගාස්තු නැතුව කියවීමේ අවස්ථාව දැන් එයාර්ටෙල් පාරිභෝගිකයන් වෙත හිමිකර දී තිබේ.
ශ‍්‍රී ලංකාවේ පළමු වරට, මෙරට වැඩිම පාඨක පිරිසක් සහිත පුවත්පත් අන්තර්ජාලය ඔස්සේ ඩේටා සඳහා ගාස්තුවකින් තොරව කියවීමේ අවස්ථාව උදාවී ඇත.
එයාර්ටෙල් පාරිභෝගිකයන්ගේ එදිනෙදා ඩේටා අවශ්‍යතාවන්ගෙන් වැඩි කොටසක් පුවත් දැනගැනීම සඳහා යෙදෙන අතර, මෙම හවුල්කාරීත්වය හරහා එයාර්ටෙල් ශ‍්‍රී ලංකා සමාගම සිය පාරිභෝගිකයින්ට උණුසුම් පුවත් දැනගැනීමේ අවශ්‍යතාව මනා ලෙස සම්පාදනය කිරීම මගින් වඩා ගුණාත්ම සේවාවක් ලබාදේ.
‘‘අපගේ අන්තර්ජාල පාඨකයන්ගේ ප‍්‍රමුඛ අවශ්‍යතාවක් වන්නේ, වේගවත් අන්තර්ජාල සබඳතාවක් පැවතීමයි. මේ නිසාම මෙම කාර්යය වෙනුවෙන් එයාර්ටෙල් වැනි සමාගමක් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට මහත් සතුටක්. එයාර්ටෙල් හී වේගවත් අන්තර්ජාල සේවා සබඳතාව අපගේ පාඨකයන් වෙත අගනා අත්දැකීමක් ලබාදෙන බවට අපි විශ්වාස කරනවා’’ යැයි විජය ඩිජිටල් මීඩියා අංශයේ අධ්‍යක්‍ෂ උදේශ් ගුණතුංග මහතා පවසයි.
‘‘අලූත් පරම්පරාවේ පාඨකයන්ගේ ප‍්‍රවණතාව වන්නේ අන්තර්ජාලය ඔස්සේ පුවත් දැනගැනීමයි. මෙවැනි ක්ෂේත්‍ර දෙකක ආයතන මේ අයුරින් අත්වැල් බැඳගැනීමේ වැදගත්කම ඇත්තේ එබැවිනුයි’’ යනුවෙන් එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ජිනේෂ් හෙග්ඩේ මහතා ප‍්‍රකාශ කළේය.
විජය පුවත්පත් සමාගම වැනි ජනතා විශ්වාසය දිනාගත් සමාගමක් සමගින් මෙවැනි සබඳතාවකට එළඹෙමින් සිය පාරිභෝගිකයන්ගේ සේවාව අනගි කිරීමට හැකිවීම ගැන සතුටට පත්වන්නේ යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියි.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩේටා ගාස්තු නැතිව ලංකාදීප කියවන්න
Jagath Friday, 25 May 2018 07:20 AM
වඩා හොඳයි
A.R.WIJESINGHE Friday, 25 May 2018 12:13 PM
ඉතා හොඳ අදහසක්
තරංග ගුණරත්න Friday, 25 May 2018 04:24 PM
ලංකාවෙ අංක එකේ පුවත්පත තව තවත් ජනප්‍රිය වෙමින් ජනතාව අතරට... ජය වේවා !!!
ඉන්දික පෙරේරා Friday, 25 May 2018 05:32 PM
ඩේටා වැය වෙන්නේ නැතුව පත්තරේ බලන්න තියෙන එක ගොඩක් හොදයි.
මංජුල නිශාන්ත ජයසිරි Monday, 28 May 2018 02:37 PM
හොද දෙයක්
Udaya Wednesday, 30 May 2018 01:53 AM
ඩයලොග් වලටත් මේ පහසුකම හදලාදෙන්න පුළුවන් නම් නියමයි .