IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජගත් තරුණ සමුළුවට රටවල් 100ක් ලංකාවේ

ලබන මැයි මස 6 සිට 9  දක්වා දිනයන්හීදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇති ලෝක තරුණ සමුළුව සදහා රටවල් 103 ක් තමන්ගේ සහභාගීත්වය ස්ථීර කර ඇතැයි තරුණ කටයුතු අමාත්‍යංශය කියයි.

සමළුවට පැමිනීමට නියමිතව සිටින්නන් අතර එම රටවල මැති ඇමතිවරුන් හා පාර්ලිමෙන්තු සභිකයින්,හා එම රටවල් නියෝජනය කරන්නාවූ හා එම රටවල කි්‍රයාත්මක විවිධ සමිති සමාගම් නියෝජනය කරන්නාවූ තරුණ නියෝජිතයින් 300 කට අධික ප්‍රමාණයක් වන බව සදහන්ය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ සභාපති ජෝන් විලියම් ඈෂ් හා එක්සත් ජාතීන්ගේ ලේකම් ජනරාල් තැන යටතේ වන තරුණ කටයුතු සම්බන්ධ නියෝජිත ධූරය හොබවන අහමඩ් අල්හෙන්ඩාවි ඇතුලූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානීහු රැසක් සමුළුවට සහභාගී වනු ඇත.

සමුළුවෙන් 1500 ක පමණ දෙනා එකට ඒකරාශී කිරීමට අපේක්ෂා කෙරෙන බවත් ඔවුන් අතරින් 350 පමණ දෙනා විවිධ සමාජ පසුබිම්හි සිට පැමිණෙන්නවුන් වනු ඇති බවත් තරුණ කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙනිසා මෙවර තරුණ සමුළුවෙන් එක් සමාජ පසුබිමකට පමණක් සීමා නොවී විවිධ සමාජ පසුබිම්ද ඇතුළත් වන පරිදි සමස්ථ තරුණ පරම්පරාවම නියෝජනය වනු ඇතැයි අමාත්‍යංශය කියයි.



අදහස් (0)

ජගත් තරුණ සමුළුවට රටවල් 100ක් ලංකාවේ

සුමේධ Tuesday, 06 May 2014 10:21 AM

තවත් රටවලුත් සහභාගි වන්න කියා අපිත් හදවතින් පතමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site