IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ජැකලීන්ට අලුත් තනතුරක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සන්නාම තානාපතිවරිය වශයෙන් ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමග ගිවිසුමකට එළඹ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් මහතා සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අතර ඊට අදාළ ගිවිසුමට මුම්බායි සෙන්ට් රෙජීස් හෝටලයේදී පසුගිය 29 වැනිදා නිල වශයෙන්  අත්සන් තබා ඇත.

එහිදී අදහස් දැක්වු ජැකලින් ෆර්ඩිනැන්ඩස් ප්‍රකාශ කර ඇත්තේ තම මව් රටේ නිල ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.
සුපිරි ක්‍රිකට් තරුවූ මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර ද ශ්‍රී ලංකා ගුවන් සේවයේ සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කරති.
 ‍



අදහස් (0)

ජැකලීන්ට අලුත් තනතුරක්

සුගත් Monday, 01 August 2016 08:03 AM

ඉතාම හොඳ තෝරා ගැනීමක් , මේකෙන් ලැබෙන මුදල ජකලින්ට එතරම් ලොකු දෙයක් වෙන එකක් නෑ, මොකද අද බොලිවූඩ් සිනමාවේ පළමු පස් දෙන අතර ජකලිනේ ඉන්නවා. මේ දවස් වල එක දිගට ෆිල්ම් එනවා.හරිම සතුටු ලංකාවේ සම්භවයක් ඇති කෙනෙක් මෙහෙම තැනකට පැමිණීම. මම දන්නා විදිහට එක ෆිල්ම් එකකින් ලන්කන් රූපී කෝටි 8 කට වඩා ජකලිනේ අය කරනවා. හරිම හොඳයි .(රේ)

:       0       0

දමිත් උනම්බුව Sunday, 31 July 2016 02:35 PM

මම නිතර ව්‍යාපාර කටයුතු සදහා රට රටවල් වල යනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය කෙසේ වෙතත් අනෙක් ගුවන් සේවාවලත් අපට සැලකිල්ලක් නැහැ. ඒක තමයි යථාර්තය. (ර)

:       0       0

ස්මිත් Tuesday, 02 August 2016 10:57 AM

දැන් අප්පේ හොඳයි වගේ නේද (බ)

:       0       0

බෙනට් Sunday, 31 July 2016 03:49 PM

ආප්ප කඩයක් දාල හරි සල්ලි හොයන්න හදන කෙනෙක්ට ඔය වගේ කොන්තරත්තුවක් ලැබුනම එපා කියයි . (අ)

:       0       0

විමලගුණ Sunday, 31 July 2016 09:57 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

අල්විස් Sunday, 31 July 2016 10:00 PM

එතකොට මෙයාව පත්කළාට පස්සේ පාඩු ලබන එක නවතිනවාද? (නි)

:       0       0

කවින්ද Sunday, 31 July 2016 04:30 PM

අනේ ඉතින් එයාලට තනතුරු ලැබුනා කියලා අපේ බඩකට පිරෙනවද? (නි)

:       0       0

අනිල් Tuesday, 02 August 2016 01:46 PM

ශ්‍රී ලන්කන් එකේ වැඩ කරනවා කියන්නත් ලජ්ජි මට. එක පාඩු ලබල නිසා. (අ)

:       0       0

චන්න බුවනක Sunday, 31 July 2016 04:36 PM

ගුවන් සේවය බංකොලොත්. විකුණන්න යනවා කියලයි අපිට නම් ආරංචි. ලොක්කෝ බයිලා ගහනවා. අපිට ගෙදර යන්න තියෙන ප්ලේන් එකත් නැතිවෙයි මෙහෙම ගියොත්. (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Sunday, 31 July 2016 11:50 AM

ශ්‍රී ලන්කන් ගුවන් සේවය අපේ හදවත වගෙයි ,,, ඒ තරමටම අපි අපේ ගුවන්සේවයට ආදරෙයි , එ්ත් පැරිසියට එන්නේ නැති ගුවන් සේවයකින්අපිට ශත පහකවත් වැඩක් නැහැ මින් පස්සේ (බ)

:       0       0

ලසිත් Tuesday, 02 August 2016 02:37 PM

අපේ ගුවන් සේවිකාවන් යන්නේ යානාවටත් අඩි 10 ක් උඩින්. ලංකාවේ මගියෙක් දැක්කම පුදුම උද්දච්ච කමක් පිටවෙන්නේ. අපි නම් පලවෙනි වතාවේ ගියාට පසුව ආයෙත් ජිවිතේට යන්නේ නැහැ කියලා හිතා ගත්තා. පාරිභෝගික සේවාව අන්තිමයි. ජකලින්ට නෙවෙයි අයිශ්වර්යාටවත් මේක ගොඩ දාන්න බැහැ. (අ)

:       0       0

විකුම් Sunday, 31 July 2016 06:11 PM

නාලක කියන දේ සහතික ඇත්ත. විදේශිකයන් කීපදෙනෙක් තමන් සමඟ එකතු කරගත්තොත් හොඳ ගමනක් යන්න පුලුවන් (නි)

:       0       0

නාලක Sunday, 31 July 2016 06:11 PM

පුළුවන්නම් එකතුවෙන්න වෙන එයාලයින් එකක් එක්ක අවුරුදු 5ක් වගේ කාලයකට. දාන්න කොන්ත්‍රාත් අත්සන් කරලා පූර්ණකාලීන නැතුව. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 03 August 2016 07:26 PM

පසුගිය රජයේ මෝඩකම් තමා මේ රජයත් කරන්නේ. තමන්ට හිතැති අයව තනතුරු වලට දාන එක. වෙනස නම් සැපය! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 31 July 2016 02:01 PM

නිකන් මුදල් කාබාසිනියා කරන වැඩ. (ර)

:       0       0

විකුම් රංගන Sunday, 31 July 2016 02:07 PM

ඒ වුණාට ශ්‍රී ලන්කන් එකේ වැඩකරන අය සුදන්ට දත් තිස් දෙකම පෙන්වලා නිවට ලෙස දෙකට නැමිලා කතා කළාට අපේ අයව දකිද්දී නිකන් පුම්බගෙන ඉන්නවා වගේ ගතියක් තමයි අපිට නම් පෙන්නේ. එමිරේට්ස් , එතිහඩ් වගේ එයාර් ලයින් වල වැඩ කරන අය එහෙම නැහැ කාටත් එකයි. ඒ හින්දා උන්ගේ ගණන් උන්ට චුන් කියලා අපි හරි අගේට අනිත් එයාර් ලයින් වලින් ගමන් කරනවා. ශ්‍රී ලන්කන් හදන්න ඕනෑම නම් විදේශ තරුණ තරුණියන් බඳවා ගන්න . කාට තිත්ත වුණත් ඇත්තයි අපි ලියන්නේ. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 31 July 2016 02:08 PM

නිකන් මුදල් කාබාසිනියා කරන වැඩ, (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 31 July 2016 02:03 PM

නිකන් මුදල් කාබාසිනියා කරන වැඩ, (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 910 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1000 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 396 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site