චීන ජනපති ෂි ජින්පින්ග් ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව හා චීනය අතර නව වෙළද සබඳතා ඇති කර ගැනීමට රජය අපේක්ෂාවෙන් සිටී.
විශේෂයෙන් යටිතල පහසුකම්, සංචාරක ව්‍යාපාරය, භාණ්ඩ ප්‍රවාහනය යන ක්ෂේත්‍ර වල ඇති ආයෝජන අවස්ථා චීනයට හඳුන්වාදීම රජයේ අරමුණයි.
වටිනාකම සැළකූ විට ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සිදුකර ඇති රටවල් අතුරින් ඉහළින්ම සිටින්නේ චීනය වන අතර එම ආයෝජනයන්ගේ වටිනාකම ඩොලර් ලක්ෂ 2400 ක් පමණ වේ.
චීනය ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය වල වටිනාකම ඩොලර් බිලියන 4 ඉක්මවන්නකි.
චීනය හා ශ්‍රී ලංකාව අතර තවදුරටත් ශක්තිමත් කර ගැනීමට චීන ජනපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හොඳ අවස්ථාවක් වනු ඇතැයි රජයේ අදහසයි.
දැනටමත් චීන සමාගම් 14 ක් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන අතර ඒවායින් ලාංකීය ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා 2500 ක් පමණ ලබාදී තිබේ.
වරාය සංවර්ධන, ගැඹුරු මුහුදේ මසුන් මැරීම, භාණ්ඩ නිශ්පාදනය, ඇගලූම් කර්මාන්තය, පාපැදි එකළස් කිරීම, වැනි ක්ෂේත්‍ර වල මෙම සමාගම් ක්‍රියාත්මකය.
චීනයේ මැදහත්වීම මත ක්‍රියාවට නැංවෙන විසල් ව්‍යාපෘතීන්ද තිබෙන අතර උතුරු අධිවේගී මාර්ගය, කොළඹ - නුවර අධිවේගී මාර්ගය,කොළඹ වරායේ දකුණු දිග කොටසේ නව පර්යන්තයක් ඉදිකිරීම,ඩොලර් ලක්ෂ 8000 ක් වියදමක් දරා කොළඹ තරු 7 හෝටලයක් ඉදිකිරීම, ආදිය ඒවා අතරින් ප්‍රධානය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අපේ රටට ගොඩක් හිතවත් රටවල් සමග සම්බන්දතා වැඩි දියුණු කර ගත යුතුයි. විශේෂයෙන් චීනය රුසියාව කියුබාව පකිස්තානය වගේ රටවල් සමග. ඉන්දියාවත් දැන් දැන් අපේ පැත්තට හැරෙමින් පවතින එකේ එයාලවත් මේකට හවුල් කර ගත යුතුයි. (නදී)
ලංකාවට නිදහසේ ඔලුව උස්සන්න පුළුවන් වෙලා තිබෙන්නේ චීනය ,රුසියාව හා ඉන්දියාව නිසයි. නැත්නම් මෙලහකටත් රට කොටි ව්‍යාපාරයට හා ඇමෙරිකාවට යටත්වෙලා ඉවරයි.චීන සම්බන්ධය අපට ලොකු ආරක්ෂාවක්,ශක්තියක්. එජාපයේ සමහරු කියන්නේ රට චීනයට දෙන්න යනවා කියලා.නමුත් ඒගොල්ලෝ ආවොත් රට කාට දෙයිද? (නි)
ලංකාවට නිදහසේ ඔලුව උස්සන් ඉන්න පුළුවන් වෙලා තිබෙන්නේ චීනය, රුසියාව හා ඉන්දියාව නිසයි. නැත්නම් මෙලහට රට කොටි වයාපාරයට හා ඇමෙරිකාවට යටත් වෙලා ඉවරයි. චීන සම්බන්දය අපට ලොකු ආරක්ෂාවක් ශක්තියක්. එජාපයේ සමහරු කියන්නේ රට චීනට දෙන්න යනවා කියලා. නමුත් ඒගොල්ලෝ ආවොත් රට ඇමෙරිකාවට හා කොටින්ට යටත් කරනවා නියතයි (නදී)
ලංකාවට නිදහසේ ඔලුව උස්සන් ඉන්න පුළුවන් වෙලා තිබෙන්නේ චීනය ,රුසියාව හා ඉන්දියාව නිසයි. නැත්නම් මෙලහට රට කොටි ව්‍යාපාරයට හා ඇමෙරිකාවට යටත් වෙලා ඉවරයි. චීන සම්බන්දය අපට ලොකු ආරක්ෂාවක් ශක්තියක්. එජාපයේ සමහරු කියන්නේ රට චීනට දෙන්න යනවා කියලා. නමුත් ඒ ගොල්ලෝ ආවොත් රට ඇමෙරිකාවට හා කොටින්ට යටත් කරනවා නියතයි. (නදී)
ලංකාවට නිදහසේ ඔලුව උස්සන් ඉන්න පුළුවන් වෙලා තිබෙන්නේ චීනය ,රුසියාව හා ඉන්දියාව නිසයි. නැත්නම් මෙලහට රට කොටි ව්‍යාපාරයට හා ඇමෙරිකාවට යටත් වෙලා ඉවරයි. චීන සම්බන්දය අපට ලොකු ආරක්ෂාවක් ශක්තියක්. එජාපයේ සමහරු කියන්නේ රට චීනට දෙන්න යනවා කියලා. නමුත් ඒගොල්ලෝ ආවොත් රට ඇමෙරිකාවට හා කොටින්ට යටත් කරනවා නියතයි (නදී)
චීන්නු නේද? අනේ මන්ද?(අ)
චීනය සහ ලංකාව ආතර සම්බන්ධතා දියුණු වීම , සමහරුන්ට නයාට අඳු කොළ වාගේ. ඉන්දියාව වුනත් ලංකාව චීනයට ලංවනවාට කැමති නැහැ. නමුත් චීනය වැනි රටක් සමග ලඟින් සම්බතා පැවැත්ම ලංකාවට ඉතාම වාසි දායක දෙයක් (නදී)
ඉන්දියාව වුණත් ලංකාව චීනයට ළං වෙනවාට කැමති නැහැ. නමුත් චීනය වැනි රටක් සමඟ ළඟින් සම්බන්ධතා පැවැත්වීම ලංකාවට ඉතාම වාසිදායක දෙයක් (නි)
චීනය සහ ලංකාව අතර සම්බන්ධතා දියුණුවීම, සමහරුන්ට නයාට අඳුකොළ වාගෙයි (නි)
චීනය දැනට ආරම්භ කර ඇති කඩිනම් ව්‍යාපෘති අගය කරන අතර ඔවුන් කෘෂි ක්ෂේත්‍රයේද දක්ෂයින් බැවින් , රජරට ,පහතරට තෙත් කලාපයේ පුරන්වූ වැව් ,අමුණු පිළිසකර කරගෙන වී වගාව,දේශීය පලතුරු කර්මාන්තය,සත්ව පාලනය හා අතුරු නිෂ්පාදන ,කුළු බඩු නිෂ්පාදනයන්ද කඩිනම් ව්‍යාපෘති සේ සලකා රජය උනන්දු වන්නේ නම් රටේ දුගී,දුප්පත් භාවය කඩිනමින් තුරන් කල හැකි මාර්ගයකි (නදී)
මෙය ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් (නි)
සුභ පැතුම්! (නි)