චීන ජනපති ෂි ජින්පින්ග් ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව හා චීනය අතර නව වෙළද සබඳතා ඇති කර ගැනීමට රජය අපේක්ෂාවෙන් සිටී.
විශේෂයෙන් යටිතල පහසුකම්, සංචාරක ව්‍යාපාරය, භාණ්ඩ ප්‍රවාහනය යන ක්ෂේත්‍ර වල ඇති ආයෝජන අවස්ථා චීනයට හඳුන්වාදීම රජයේ අරමුණයි.
වටිනාකම සැළකූ විට ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සිදුකර ඇති රටවල් අතුරින් ඉහළින්ම සිටින්නේ චීනය වන අතර එම ආයෝජනයන්ගේ වටිනාකම ඩොලර් ලක්ෂ 2400 ක් පමණ වේ.
චීනය ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය වල වටිනාකම ඩොලර් බිලියන 4 ඉක්මවන්නකි.
චීනය හා ශ්‍රී ලංකාව අතර තවදුරටත් ශක්තිමත් කර ගැනීමට චීන ජනපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හොඳ අවස්ථාවක් වනු ඇතැයි රජයේ අදහසයි.
දැනටමත් චීන සමාගම් 14 ක් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන අතර ඒවායින් ලාංකීය ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා 2500 ක් පමණ ලබාදී තිබේ.
වරාය සංවර්ධන, ගැඹුරු මුහුදේ මසුන් මැරීම, භාණ්ඩ නිශ්පාදනය, ඇගලූම් කර්මාන්තය, පාපැදි එකළස් කිරීම, වැනි ක්ෂේත්‍ර වල මෙම සමාගම් ක්‍රියාත්මකය.
චීනයේ මැදහත්වීම මත ක්‍රියාවට නැංවෙන විසල් ව්‍යාපෘතීන්ද තිබෙන අතර උතුරු අධිවේගී මාර්ගය, කොළඹ - නුවර අධිවේගී මාර්ගය,කොළඹ වරායේ දකුණු දිග කොටසේ නව පර්යන්තයක් ඉදිකිරීම,ඩොලර් ලක්ෂ 8000 ක් වියදමක් දරා කොළඹ තරු 7 හෝටලයක් ඉදිකිරීම, ආදිය ඒවා අතරින් ප්‍රධානය.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
චීන - ලංකා සබඳතා තරවේ
ඉසුරන්දි Sunday, 14 September 2014 05:34 AM
අපි අපේ රටට ගොඩක් හිතවත් රටවල් සමග සම්බන්දතා වැඩි දියුණු කර ගත යුතුයි. විශේෂයෙන් චීනය රුසියාව කියුබාව පකිස්තානය වගේ රටවල් සමග. ඉන්දියාවත් දැන් දැන් අපේ පැත්තට හැරෙමින් පවතින එකේ එයාලවත් මේකට හවුල් කර ගත යුතුයි. (නදී)
සේනාරත්න Thursday, 11 September 2014 09:29 AM
ලංකාවට නිදහසේ ඔලුව උස්සන්න පුළුවන් වෙලා තිබෙන්නේ චීනය ,රුසියාව හා ඉන්දියාව නිසයි. නැත්නම් මෙලහකටත් රට කොටි ව්‍යාපාරයට හා ඇමෙරිකාවට යටත්වෙලා ඉවරයි.චීන සම්බන්ධය අපට ලොකු ආරක්ෂාවක්,ශක්තියක්. එජාපයේ සමහරු කියන්නේ රට චීනයට දෙන්න යනවා කියලා.නමුත් ඒගොල්ලෝ ආවොත් රට කාට දෙයිද? (නි)
සේනාරත්න Thursday, 11 September 2014 09:49 AM
ලංකාවට නිදහසේ ඔලුව උස්සන් ඉන්න පුළුවන් වෙලා තිබෙන්නේ චීනය, රුසියාව හා ඉන්දියාව නිසයි. නැත්නම් මෙලහට රට කොටි වයාපාරයට හා ඇමෙරිකාවට යටත් වෙලා ඉවරයි. චීන සම්බන්දය අපට ලොකු ආරක්ෂාවක් ශක්තියක්. එජාපයේ සමහරු කියන්නේ රට චීනට දෙන්න යනවා කියලා. නමුත් ඒගොල්ලෝ ආවොත් රට ඇමෙරිකාවට හා කොටින්ට යටත් කරනවා නියතයි (නදී)
සේනාරත්න Thursday, 11 September 2014 10:39 AM
ලංකාවට නිදහසේ ඔලුව උස්සන් ඉන්න පුළුවන් වෙලා තිබෙන්නේ චීනය ,රුසියාව හා ඉන්දියාව නිසයි. නැත්නම් මෙලහට රට කොටි ව්‍යාපාරයට හා ඇමෙරිකාවට යටත් වෙලා ඉවරයි. චීන සම්බන්දය අපට ලොකු ආරක්ෂාවක් ශක්තියක්. එජාපයේ සමහරු කියන්නේ රට චීනට දෙන්න යනවා කියලා. නමුත් ඒ ගොල්ලෝ ආවොත් රට ඇමෙරිකාවට හා කොටින්ට යටත් කරනවා නියතයි. (නදී)
සේනාරත්න Thursday, 11 September 2014 10:42 AM
ලංකාවට නිදහසේ ඔලුව උස්සන් ඉන්න පුළුවන් වෙලා තිබෙන්නේ චීනය ,රුසියාව හා ඉන්දියාව නිසයි. නැත්නම් මෙලහට රට කොටි ව්‍යාපාරයට හා ඇමෙරිකාවට යටත් වෙලා ඉවරයි. චීන සම්බන්දය අපට ලොකු ආරක්ෂාවක් ශක්තියක්. එජාපයේ සමහරු කියන්නේ රට චීනට දෙන්න යනවා කියලා. නමුත් ඒගොල්ලෝ ආවොත් රට ඇමෙරිකාවට හා කොටින්ට යටත් කරනවා නියතයි (නදී)
අජිත් කරුණාරත්න Monday, 15 September 2014 06:21 AM
චීන්නු නේද? අනේ මන්ද?(අ)
සුනිල් මාපලගම Thursday, 11 September 2014 11:38 AM
චීනය සහ ලංකාව ආතර සම්බන්ධතා දියුණු වීම , සමහරුන්ට නයාට අඳු කොළ වාගේ. ඉන්දියාව වුනත් ලංකාව චීනයට ලංවනවාට කැමති නැහැ. නමුත් චීනය වැනි රටක් සමග ලඟින් සම්බතා පැවැත්ම ලංකාවට ඉතාම වාසි දායක දෙයක් (නදී)
සුනිල් මාපලගම Thursday, 11 September 2014 11:35 AM
ඉන්දියාව වුණත් ලංකාව චීනයට ළං වෙනවාට කැමති නැහැ. නමුත් චීනය වැනි රටක් සමඟ ළඟින් සම්බන්ධතා පැවැත්වීම ලංකාවට ඉතාම වාසිදායක දෙයක් (නි)
සුනිල් මාපලගම Thursday, 11 September 2014 11:35 AM
චීනය සහ ලංකාව අතර සම්බන්ධතා දියුණුවීම, සමහරුන්ට නයාට අඳුකොළ වාගෙයි (නි)
ගාමිණී සිරිවර්දන Monday, 08 September 2014 12:30 PM
චීනය දැනට ආරම්භ කර ඇති කඩිනම් ව්‍යාපෘති අගය කරන අතර ඔවුන් කෘෂි ක්ෂේත්‍රයේද දක්ෂයින් බැවින් , රජරට ,පහතරට තෙත් කලාපයේ පුරන්වූ වැව් ,අමුණු පිළිසකර කරගෙන වී වගාව,දේශීය පලතුරු කර්මාන්තය,සත්ව පාලනය හා අතුරු නිෂ්පාදන ,කුළු බඩු නිෂ්පාදනයන්ද කඩිනම් ව්‍යාපෘති සේ සලකා රජය උනන්දු වන්නේ නම් රටේ දුගී,දුප්පත් භාවය කඩිනමින් තුරන් කල හැකි මාර්ගයකි (නදී)
රුවන් Monday, 08 September 2014 03:31 AM
මෙය ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් (නි)
රවී Monday, 08 September 2014 03:32 AM
සුභ පැතුම්! (නි)