ගම්පහ නීති සංසදය තුන් වැනි වරටත් සංවිධානය කරන නීති වැඩමුළුව ලබන සිකුරාදා (11) පස්වරු 2.30 ට ගම්පහ උසාවි පාරේ සණස ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ නීතීඥ යූ ආර් ද සිල්වා මහතා මෙහෙයවන මෙම වැඩමුළුවේදී හඳුනාගැනීමේ පෙරට්ටු, සැකකරුවකු පොලිසියට ඉදිරිපත් කිරීම සහ පාපොච්චාරණය යන මතෘකා ගැන සාකච්ඡා කෙරේ.
මෙම විවෘත වැඩමුළුව සඳහා නීතිය ගැන උනන්දුවක් දක්වන ඕනෑම අයකුට සහභාගී විය හැකි බව ගම්පහ නීති සංසදය කියයි.
මෙම මෘතෘකාවලට අදාළ ගැටළු ඇත්නම් ඒවාට පිළිතුර ද එදින ලබා ගත හැකි බව නීති සංසදයේ සාමාජික නීතීඥ තරංග වීරසිංහ මහතා පැවසීය.
මෙම වැඩමුළු මාලාවේ පළමු වැනි වැඩමුළුව පසුගිය මාර්තු 29 වැනි දා පැමැත්විණි. පරිගණක සාක්කි සහ ඉලෙට්‍රෝනික සාක්කි ගැන එහිදී සාකච්ඡා විය. දෙවැනි වැඩමුළුව සැප්තැම්බර 29 වැනි දා පැවැත්වූ අතර ඉන්ජන්ෂන් තහනම් ගැන එහි දී සාකච්ඡා කැරිණි.
මෙවැනි වැඩමුළු මාලාවක් ගම්පහ පවත්වන පළමු අවස්ථාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd