IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්

 

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මූල්‍ය සේවා වෘත්තිකයකු වන රාජා සේනානායක මහතා පත් කර තිබේ. 

මුෂීන් මහතා මීට පෙර කොමර්ෂල් බැංකුවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා එම තනතුරෙන් විශ්‍රාම යාම හේතුවෙන් මුෂීන් මහතා සභාපතිවරයාවීමෙන් පසුව උපසභාපති ධූරයේ ඇති වූ පුරප්පාඩුවට විධායක නොවන අධ්‍යක්ෂවරයකු වන සේනානායක මහතා තෝරා පත්කර ගත් බව බැංකුව සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුෂීන් මහතා ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම්, ආයතනික මූල්‍යනය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළවල් යන අංශ සම්බන්ධයෙන් පුළුල් අත්දැකීමක් සහිත බැංකුකරුවකු වේ. ඔහු ආසියාවේ මූල්‍ය ආයතන කිහිපයකම උපාය මාර්ගික ආයතනික න්‍යාය පත්‍ර සහ මාර්ගගත සිතියම් ක්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වමින් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල සහ ජ්‍යෙෂ්ඨ නායකත්ව කණඩායම්වල ජ්‍යෙෂ්ඨ සමාජිකයකු ලෙස කටයුතු කර තිබේ. ඔහු මීට පෙර Credit Suisse, Bank of America Merrill Lynch සහ JP Morgan යන ගෝලීය ආයෝජන බැංකුවල ප්‍රමුඛතම වෘත්තිකයකු ලෙස සේවය කර ඇත. මීට අමතර ව, ඔහු Deloitte හි, සහකාර අධ්‍යක්ෂකවරයා ලෙස ද සේවය කර තිබේ.  

මුෂීන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගෙන තිබෙන අතර වෙස්ටර්න් මිචිගන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාරික පරිපාලනය (ගෞරව) පිළිබඳ මූලික උපාධිය ලබාගෙන තිබේ. එසේම, නිව්යෝක් හි, JP Morganසමඟ ආයතනික මූල්‍යනය පිළිබඳ පුහුණු වැඩසටහනක්ද ඔහු විසින් සම්පූර්ණ කර ඇත.

2020 සැප්තැම්බර් මාසයෙහි සිට කොමර්ෂල් බැංකුවේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු  වූ රාජා සේනානායක මහතා CA Sri Lankaහි සාමාජිකයකු වන අතර ගණකාධිකරණ වෘත්තියෙහි වසර 30කට වැඩි කලක් සේවය කරමින් ලැබූ පළපුරුද්ද සහ පශ්චාත් සුදුසුකම් ඇති පුද්ගලයෙකි. එමෙන් ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ PIM වෙතින් පශ්චාත් උපාධි ඩිලෝමාවක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් B.com (විශේෂ) උපාධියක් සහිත උපාධිධාරියෙක් ද වෙයි. මීට අමතර ව, Euromoney සමඟ බැංකු සහ මූල්‍ය කටයුතු පිළිබඳ පුහුණුවක් සහ සිංගප්පූරුවෙහි ජාතික විශ්වවිද්‍යාලයෙහි කළමනාකරණය පිළිබඳ පුහුණුවක් ද ලබාගෙන ඇත.

Ernst & Youngහි ලිපි සම්පූර්ණ කිරීමෙන් වරලත් ගණකාධීකාරීවරයකු ලෙස සුදුසුකම් ලබන සේනානායක මහතා 1991 දි Singer Industries (Ceylon) PLCහි මූල්‍ය ගණකාධිකාරීවරයෙක් ලෙස සම්බන්ධ වන අතර 1994 වර්ෂයේ දී ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකරුවකු ලෙස කොමර්ෂල් බැංකුව හා සම්බන්ධ විය. 2004 ජනවාරී මාසයේදී සේනානායක මහතා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය සහ සැලසුම්) තනතුරට පත් වූ අතර 2007 වර්ෂයෙහි පෙබරවාරි දක්වා මෙම තනතුර හෙබවීය. ඉන්පසු 2007 වර්ෂයේ මාර්තු මාසයේ දී Nations Trust Bank PLC හි ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස සම්බන්ධ විය. මීට අමතරව සේනානායක මහතා කොමර්ෂල් බැංකුවේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන CBC Finance Ltd හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් ද විය.

සේයාරු සටහන:

ෂාර්හන් මුෂීන් මහතා සහ රාජා සේනානායක මහතා

-595



අදහස් (0)

කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්
2024 මැයි මස 14 576 0

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැව


හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 288 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 224 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 144 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 265 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 54 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 744 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2281 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1963 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site