IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි

 

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) ප්‍රමුඛතම හවුල්කරුවකු ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කටයුතු කරයි. 

මෙම කඩොලාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සිදු කළ සාමූහික ප්‍රයත්නය අගයමින්  2024 වසර සඳහා ශ්‍රී ලංකාවට පිරිනමන ලද UN Decade of Restoration සම්මානයෙන් පිදුම් ලබමින් ගෞරවයට පාත්‍ර වූ පාර්ශවකරුවන් අතරට එක් වීම පිළිබඳව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සිය සතුට පළ කරයි.

වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) විසින් හේමාස් කන්සියුමර්බ්‍රෑන්ඩ්ස්  වෙත 2021 වසරේ දී යොමු කළ ආරාධනාවකට ප්‍රතිචාර දක්වමින්,  දංකොටුව හේමාස් නිෂ්පාදන ස්ථානය ආසන්නයේ පවතින තෝරා ගත් කඩොලාන පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම හේමාස් විසින් අවබෝධ කර ගන්නා ලදී. ජෛව විවිධත්වය සංරක්ෂණය, වෙරළ සංරක්ෂණය සහ දේශගුණික විපර්යාස අවම කිරීම යන පාරිසරික වගකීම් සමුදායක් ඉටු කරමින් පරිසරය සංරක්ෂණය සඳහා කඩොලාන පරිසර පද්ධති සිදු කරන වටිනා කාර්යභාරය හේමාස් විසින් තව දුරටත් අවබෝධ කර ගන්නා ලදී.

මෙම ගෞරව සම්මානය පිළිබඳව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  හි කළමනාකාර අධ්‍යක්ෂිකා, සබ්‍රිනා එසුෆලි මෙසේ පැවසුවාය. "හේමාස් විසින් පරිසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. එම මෙහෙවර අගයමින් 2024  වසර සඳහා UN Decade of Restoration  සම්මානයෙන් හේමාස් හි අපි පිදුම් ලැබීම අපට මහත් ගෞරවයක්. පරිසර අමාත්‍යංශය සහ WNPS සමඟ අත්වැල් බැඳ ගනිමින් සාමුහිකව එක්ව නැගී සිටිමින් අනාගත පරපුර උදෙසා අපගේ පරිසර පද්ධතියට වන බලපෑම අවම කිරීම සහ ස්වභාවික උරුමය ආරක්ෂා කිරීමට දරන උත්සාහය හා කැපකිරීම පරිසරයේ සැබෑ යහපත් වෙනසක් ඇති කිරීමට සමත් වී තිබෙන බව අපට මහත් ආඩම්බරයක්."

ජෛව පද්ධතියේ වැදගත් අංගයක් වන කඩොලාන පරිසර පද්ධතියේ වටිනාකම ඉතා ඉහළ වන නමුත්, වසර ගණනාවක් පුරා මෙම පරිසර පද්ධතිය බැරෑරුම් ලෙස අවදානමට ලක්ව තිබේ. වගකීම් සහගත ආයතනික පුරවැසියකු ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් මෙම තත්වය වටහා ගනිමින්, කඩොලාන නැවත යථා තත්වයට පත් කිරීම සඳහා සිය සම්පත්, විශේෂඥ දැනුම හා ශ්‍රම ශක්තියෙන් ඇප කැප වී කටයුතු කළේය.

-595



අදහස් (0)

කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 236 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2092 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site