IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්

(අමිල චින්තක ගමගේ)

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැවැසීය.

හෙතෙම එසේ සඳහන් කළේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) වාර්ෂිකව සංවිධාන කරන වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවරයාට පිරිනැමෙන ඉංජිනේරු (ආචාර්ය) ඒ.සී. විශ්වලිංගම් සම්මානයේ නිල එළිදැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙහි විමලසුරේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ඒ.සී. විශ්වලිංගම් මහතා මෙසේ ද කීය.

“මෙම සම්මානය ප්‍රදානය කිරීමට අවස්ථාව සලසා දීම ගැන ඉංජිනේරු ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මෙරට වෘත්තීය ඉංජිනේරුවරුන් සඳහා වන ප්‍රමුඛතම ආයතනයක්. තම සාමාජිකයන් වෙනුවෙන් අවංකභාවයෙන් යුතුව රාජකාරි කරන ආයතනයක්. අපේ අරමුණ යාවත්කාලීන ඉංජිනේරුවන් හඳුනා ගැනීමට උත්සාහ දැරීමක්.

මෙම සම්මානයෙන් ආදර්ශමත් කැපවීමක් ඇති ආචාරධර්ම භාවිතයෙන් පිළිපදින විශිෂ්ට ඉංජිනේරුවරයකු ඇගයීමට ලක් කරනවා. ඉංජිනේරුවරයකුත් රාජකාරි කළ යුත්තේ සම්මාන හෝ ත්‍යාග දිනා ගැනීමට නොවෙයි.”

මෙහිදී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපති, ඉංජිනේරු ප්‍රියල් දි සිල්වා මහතා සඳහන් කළේ, වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවරයා වෙනුවෙන් ප්‍රදානය කරන ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් සම්මානය සඳහා සුදුසුකම් ලබන්නේ සාමාන්‍ය ඉංජිනේරුවරයකු නොව තමන්ගේ දැනුම කුසලතා සහ හැකියාවන් ඉහළම ස්ථානයට ළඟා වූ ආදර්ශමත් ඉංජිනේරුවරයකු බවයි.

ඉංජිනේරු ආයතනයේ සභාපති, ඉංජිනේරු, මහාචාර්ය රන්ජිත් දිසානායක මහතා ද අදහස් දැක්වීය.

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය සමග ආකර්ෂණීය ත්‍යාග මුදලක් සහ පදක්කම් පිරිනැමෙන අතර, සම්මානයට අයැදුම් කිරීමට කැමැති ඉංජිනේරුවන් සඳහා මැයි 31 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇත. සම්මාන සඳහා වන අයැදුම්පත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙහි 120/15, විජේරාම මාවත, කොළඹ 07 ලිපිනයෙන් හෝ www.iesl.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

සම්මාන උළෙල පිළිබඳව ඉකුත් දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

වමේ සිට - ඉංජිනේරු නීල් අබේසේකර, ඉංජිනේරු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි, ඉංජිනේරු ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු, ඉංජිනේරු ආයතනයේ සභාපති, ඉංජිනේරු, මහාචාර්ය රංජිත් දිසානායක, ඉංජිනේරු, ආචාර්ය ඒ.සී. විශ්වලිංගම්, ඉංජිනේරු ලලිත් කහටපිටිය, ඉංජිනේරු පියල් ද සිල්වා යන මහත්වරු මෙහි සිටි

 



අදහස් (0)

ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට සිට වැස්ස වැඩිවෙයි
2024 ජුනි මස 18 36 0

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉන්දීය සහකාර මහ කොමසාරිස් නාමල් උයනට යයි
2024 ජුනි මස 18 214 0

ගල්කිරියාගම ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් බැහැ දැක, ජාතික නාමල් උයනද නිරීක්ෂණය සඳහා ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැත


ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු
2024 ජුනි මස 18 112 0

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවි දෙකක්, මැගසින් දෙකක් සමග සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර කියයි.


රට පොල්තෙල් මිල ඉහල දැමීම කූඨ ක්‍රියාවක්
2024 ජුනි මස 18 191 0

ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක


අනතුරින් මණ්ඩලයට කෝටි එක හමාරක පාඩුවක්
2024 ජුනි මස 18 444 0

ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පම


නීතිපති සේවා දිගුව: අවසාන තීරණය අද
2024 ජුනි මස 18 440 0

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1319 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3043 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2493 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site