කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඊයේ (21) ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය.
ඒ අනුව ඊට පෙර දිනය අවසානයේදී ඒකක 1094.14ක් ලෙස දැක්වුණු ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඊයේ දිනයේදී දිනයේදී ඒකක 132.90කින් ඉහළ යමින් සියයට 6.28ක වර්ධනයක් වාර්තා කළේය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය මැයි 18 වැනිදා සියයට 5.25කින් ඉහළ ගිය අතර ඒ අනුව සතියක් ඇතුළත ඓතිහාසික අගයකින් ඉහළ ගිය දෙවැනි අවස්ථාව මෙය යැයි එම වෙළෙඳපොළ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මාස එකහාමාරකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික කටයුතු සඳහා විවෘත කරන ලද්දේ මැයි 11 වැනිදාය. එදිනත් මැයි 12 වැනිදාත් පහත කොළඹ කොටස් වෙළෙඳපොළ පහත වැටිණි. ඉන් අනතුරුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනය අවසානයේදී ඒකක 4,784.80ක් ලෙස දැක්වුණු අතර එය ඒකක 129.58ක එනම් සියයට 2.78ක වර්ධනයකි.
මාර්තු 13 වැනිදායින් එම දර්ශක දෙක වාර්තා කළ ඉහළම අගයන් ඒවා විය.
කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය දින නවයක කාලයේදී වාර්තාගත ඉහළ පිරිවැටුමක් වාර්තා කළ අතර එහි දෛනික සාමාන්‍ය රුපියල් බිලියන 1.73ක් විය. එය පසුගිය වසරේ (2019) මෙම දිනයට දැක්වුණු දෛනික සාමාන්‍ය පිරිවැටුම හා සැසඳීමේදී සියයට 45ක වර්ධනයකි.
එහිදී සාමාන්‍ය අගය රුපියල් බිලියන 1.19කි. ඒ අනුව මැයි 11 වැනිදා වෙළෙඳපොළෙ විවෘත කිරීමෙන් පසු වෙළෙඳ කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කර ඇති බව දකොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කළේය.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, එල්.ඕ.එල්.සී.,එච්.එන්.බී. හා සම්පත් බැංකුව යන සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යාම දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.
055
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිබිදීමක්
දුටුගැමුණු Saturday, 23 May 2020 12:21 AM
කොටස් වෙළඳපොලත් ඓතිහාසික නම් ඕක ඉන්දියාවට විකුණමු. ඒ කියන්නෙ අපි නව ලිබරල්නේ...
චමින්ද Saturday, 23 May 2020 12:56 AM
මමත් සුළු මුදලක් කොටස් මිලට ගැනීමේ අදහසින් කොරෝනා එන්න පෙර කියපු බැංකු ගිණුමේ තැන්පත් කළා. කොටස්මිල පහළටම ගිය වේලාවේ නියෝජිතයාට සමාගම් දෙකක නම් කියා එයින් කොටස් ගන්න කියල කිව්වා. නමුත් ඔහු අරගෙන නැහැ. දැන් ඒ සමාගම්වල මිල ඉතාම ඉහළ ගිහිල්ලා. මට හරිම කණගාටුයි.