නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 3.2කින් පහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම පුරෝකථන ඇතුළත් මධ්‍ය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් එම සංවිධානය ඒ බව සඳහන් කර ඇත.
මෙම ආර්ථික පසුබැසීම, 1930 වසරේ ඇති වූ මහා ආර්ථික අවපාතයෙන් පසු ලෝකය මුහුණ දෙන ‘‘සියුම් ම ආර්ථික හැකිළීම’’ මෙය යැයි ද පැවසේ.
ලෝක ආර්ථිකය මෙලෙස කඩා වැටීමෙන් ලොවපුරා මිලියන 34.3කට ආසන්න ජනතාවක් දැඩි දරිද්‍රතාවයට පත්වනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එම පිරිසගෙන් වැඩිදෙනකු ජීවත් වන්නේ අප්‍රිකානු මහද්වීපයේ බව ද පැවසේ.
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මේ වසරේ දී හා ලබන වසරේ දී ගෝලීය ආර්ථිකයේ නිමැවුම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 8.5කින් කපාහරිනු ඇතැයි ද පැවසේ. එම මුදල ලෝක ආර්ථිකය වසර හතරක් මුළුල්ලේ එක්රැස් කරගත ආර්ථික ප්‍රතිලාභවලට සමාන වේ.
මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 2.5ක සාමාන්‍ය අගයකින් වර්ධනය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වසරේ ජනවාරි මාසයේදී පුරෝකථනය කළේය.
අල්ජසීරා
(055)
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලෝක ආර්ථිකය සියයට 3.2 කින් පහළට