වයිබර් තුළ තිබෙන එකිනෙකට ක්‍රියාකාරී කෘත්‍රිම බුද්ධි (Al) චැට්බොට් එකක් තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් සහ ගනුදෙනුකරුවන් නොවන අයට ක්ෂණික බැංකු සේවා ලබාගැනීමේ අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇතැයි එම බැංකුව සඳහන් කරයි.
මෙම සේවාව ආරම්භ කිරීමත් සමගම වයිබර් භාවිත කරන්නන්ට නිවාඩු දිනද ඇතුළත්ව ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට කොමර්ෂල් බැංකුවේ සේවා බාධාවකින් තොරව ලබාගැනීමේ අවස්ථාව හිමිවන බව බැංකුව සඳහන් කරයි. මෙම සේවාව ‘Bank with ComBank on Viber’ නමින් නම්කර තිබෙන අතර කොමර්ෂල් බැංකු ශාඛාවක් වෙත නොයා මූලික බැංකු සේවා මේ තුළින් ලබාගැනීමට හැකිය.
ශ්‍රී ලංකාවේ සිටින වයිබර් භාවිත කරන්නන් සඳහා පුරෝගාමීව ආරම්භ කළ මෙම සේවාව පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය.
“ලියාපදිංචි භාවිත කරන්නන් මිලියන 15කට වැඩි පිරිසක් සමඟ ආසියානු ශාන්තිකර කළාපයේ වයිබර් වෙළෙඳපොළවල්වලින් මුල් පහ අතර ශ්‍රී ලංකාවත් සිටිනවා. ඒ නිසා, තාක්ෂණයෙන් ඉහළ බැංකුවක් ලෙස වඩාත් කාලීන විසඳුම් ගනුදෙනුකරුවන්ට ලබාදීමට කැපවීමක් ලෙස මෙම ජනප්‍රිය සේවාව තුළින් බැංකු සේවා ලබාදීම වඩාත් තර්කානුකූල පියවරක් ලෙස සඳහන් කළ හැකියි. මෙය බැංකුවේ සමාජ ජාලා බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල තවත් සංධිස්ථානයක් වෙනවා.”
මේ අනුව, ‘Bank with ComBank on Viber’ සේවාව භාවිත කිරීම සඳහා පළමුවෙන්ම ‘App Store’ yd ‘Google Play’ මගින් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයට වයිබර් ඇප් එක ඉන්ස්ටෝල් කර ඉන්පසුව, ‘Bank with ComBank on Viber’ සේවාව සර්ච් කළ යුතු වේ.

2025 නොවැම්බර් මස 21
175
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1119
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොමර්ෂල් බැංකුවෙන් වයිබර් බැංකුකරණ සේවා