IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුඩා - මධ්‍යම ව්‍යවසායක අභියෝග ජයගැනීමේ සම්මන්ත්‍රණය අනිද්දා

( හර්ෂණ තුෂාර සිල්වා)

පශ්චාත් කොවිඩ් - නව ආර්ථිකයේදීමූල්‍ය කළමනාකරණයබැංකු අරමුදල් ලබාගැනීම සහ ව්‍යවසායක නායකත්ව ක්ෂේත්‍රවලදී කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් මුහුණපාන අභියෝග ජයගැනීම සඳහා විසඳුම්” යන මාතෘකාව යටතේ විශේෂ සම්මන්ත්‍රණයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අනිද්දා (20) වැනිදා පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වේ.


ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (සී.එම්.ඒ. ශ්‍රී ලංකා) “සී.එම්.ඒ. ශ්‍රී ලංකා කොවිඩ්-19 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන කමිටුව” මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරයි.


සම්මන්ත්‍රණයේ ආරම්භක උත්සවය පෙරවරු 8.30 සිට පස්වරු 10.30 දක්වා පැවැත්වෙන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ.


හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වාණිජ බැංකුවල ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීම මෙම සම්මන්ත්‍රණයේ එක් අරමුණකි. මෙම සම්මන්ත්‍රණය සඳහා කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය 300ක් පමණ සහභාගී වනු ඇතැයි සංවිධායක මණ්ඩලය අපේක්ෂා කරයි.


මූල්‍ය කළමනාකරණයබැංකු අරමුදල් ලබාගැනීමව්‍යවසාය කළමනාකරණ නායකත්වයකම්කරු,සහ අලෙවිකරණ යන මාතෘකා යටතේ ප්‍රධාන පෙළේ කථිකයන් මෙහිදි දේශන පවත්වන බවත් එම කටයුතු සමඟ එක්ව ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයන් සමඟ විශේෂ සාකච්ඡා වාර ද පැවැත්වෙන සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.
 
දේශීය මෙන් ම විදේශීය යන අංශ දෙකෙහි ම කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශ වර්ධනය කිරීම සඳහා “සී.එම්.ඒ. ශ්‍රී ලංකා කොවිඩ්-19 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන කමිටුව” බදුකරණය සහ දිරිගැන්වීම් පිළිබඳ යෝජනා මාලාවක් ද සකස් කර ඇති අතර මෙම සම්මන්ත්‍රණයේ දී එම යෝජනා මාලාව ද ඉදිරිපත් කිරීමට නියමිත ය.


වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂපරිසර අමාත්‍ය මහින්ද අමරවීරකර්මාන්ත අමාත්‍ය විමල් විරවංශක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂමුදල් සහ ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්,  සහ ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහත්වරුන් ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමට නියමිත ය.  


ආසන්නයේ පිහිටි බැංකු ශාඛාව හෝ හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය සම්බන්ධ කරගැනීමෙන් මෙම සම්මන්ත්‍රණය සඳහා ලියාපදිංචි විය හැකි යැයි සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.



අදහස් (0)

කුඩා - මධ්‍යම ව්‍යවසායක අභියෝග ජයගැනීමේ සම්මන්ත්‍රණය අනිද්දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 124 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site