IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්

(අමිල චින්තක ගමගේ)

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැවැසීය.

හෙතෙම එසේ සඳහන් කළේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) වාර්ෂිකව සංවිධාන කරන වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවරයාට පිරිනැමෙන ඉංජිනේරු (ආචාර්ය) ඒ.සී. විශ්වලිංගම් සම්මානයේ නිල එළිදැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙහි විමලසුරේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ඒ.සී. විශ්වලිංගම් මහතා මෙසේ ද කීය.

“මෙම සම්මානය ප්‍රදානය කිරීමට අවස්ථාව සලසා දීම ගැන ඉංජිනේරු ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මෙරට වෘත්තීය ඉංජිනේරුවරුන් සඳහා වන ප්‍රමුඛතම ආයතනයක්. තම සාමාජිකයන් වෙනුවෙන් අවංකභාවයෙන් යුතුව රාජකාරි කරන ආයතනයක්. අපේ අරමුණ යාවත්කාලීන ඉංජිනේරුවන් හඳුනා ගැනීමට උත්සාහ දැරීමක්.

මෙම සම්මානයෙන් ආදර්ශමත් කැපවීමක් ඇති ආචාරධර්ම භාවිතයෙන් පිළිපදින විශිෂ්ට ඉංජිනේරුවරයකු ඇගයීමට ලක් කරනවා. ඉංජිනේරුවරයකුත් රාජකාරි කළ යුත්තේ සම්මාන හෝ ත්‍යාග දිනා ගැනීමට නොවෙයි.”

මෙහිදී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපති, ඉංජිනේරු ප්‍රියල් දි සිල්වා මහතා සඳහන් කළේ, වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවරයා වෙනුවෙන් ප්‍රදානය කරන ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් සම්මානය සඳහා සුදුසුකම් ලබන්නේ සාමාන්‍ය ඉංජිනේරුවරයකු නොව තමන්ගේ දැනුම කුසලතා සහ හැකියාවන් ඉහළම ස්ථානයට ළඟා වූ ආදර්ශමත් ඉංජිනේරුවරයකු බවයි.

ඉංජිනේරු ආයතනයේ සභාපති, ඉංජිනේරු, මහාචාර්ය රන්ජිත් දිසානායක මහතා ද අදහස් දැක්වීය.

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය සමග ආකර්ෂණීය ත්‍යාග මුදලක් සහ පදක්කම් පිරිනැමෙන අතර, සම්මානයට අයැදුම් කිරීමට කැමැති ඉංජිනේරුවන් සඳහා මැයි 31 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇත. සම්මාන සඳහා වන අයැදුම්පත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙහි 120/15, විජේරාම මාවත, කොළඹ 07 ලිපිනයෙන් හෝ www.iesl.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

සම්මාන උළෙල පිළිබඳව ඉකුත් දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

වමේ සිට - ඉංජිනේරු නීල් අබේසේකර, ඉංජිනේරු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි, ඉංජිනේරු ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු, ඉංජිනේරු ආයතනයේ සභාපති, ඉංජිනේරු, මහාචාර්ය රංජිත් දිසානායක, ඉංජිනේරු, ආචාර්ය ඒ.සී. විශ්වලිංගම්, ඉංජිනේරු ලලිත් කහටපිටිය, ඉංජිනේරු පියල් ද සිල්වා යන මහත්වරු මෙහි සිටි

 



අදහස් (0)

ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site