බෙංගාල බොක්ක වටා පිහිටි රටවල් අතර බහුවිධ තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතා සමුළුව හෙවත් බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 15 සහ 16 වැනිදා ඉන්දියාවේ ගෝව නගරයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බිම්ස්ටෙක් සමුළුවට අමතර ව ගෝව නගරයේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට ද සහභාගි වීමට නියමිතය.
සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සහ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇතුළත් අන්තර් මහාද්වීපික සංවිධානයක් වන බ්‍රික්ස් මෙවර සිය සමුළුව පවත්වන්නේ ඉන්දියාවේ ගෝව නගරයේදීයි. එම සමුළුව සදහා සහභාගීවන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා බිම්ස්ටෙක් සමුළු සාමාජික රටවල් වලට නිල වශයෙන් ආරාධනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන ඒවා ගැන නොකිවුවත් කමක් නැහැ, ලංකාවේ ඉන්න වෙලාවට ඒ දෙන්නා දැන් ඉන්නවා කියලා කිවුවොත් හොඳයි මහජනතාවට දැනගැනීමට. මේවා දැකලම දැන් ඇතිවෙලා. එ්කයි. (නි)