IMG-LOGO

2023 මැයි මස 31 වන බදාදා


ආර්ථික පසුබෑමකින් යැපෙන සමාජයක්

ආර්ථිකය ඒකාකාරීව පවතින්නේ නැත. එහි විවිධ වෙනස්කම් සිදුවෙයි. වර්ධන වේගය අඩු වැඩි වන අවස්ථාවල වෙනස්කම් දැනෙන්නට පටන් ගනී. ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරය සමග බැඳුන රටකි. ආනයනය සහ අපනයනය පමණක් නොව ආගමන හා විගමන වශයෙන් ඉතා සංකීර්ණ ක්‍රියාවලියකය. ආර්ථිකයේ වෙනස්කම්වලට රට තුළින් ඇතිවන තත්ත්ව පමණක් නොව ජාත්‍යන්තරයෙන් එන පීඩනය ද හේතුවෙයි. පවතින ආර්ථික ව්‍යුහයේ ගොදුරක්වීම එකකි. රාමුව වෙනස්කර අලුත් පැත්තකට හරවා ගැනීම අනෙකකි.

ආර්ථික අභියෝග ගැන කරන අනතුරු ඇඟවීම ජීවත්වීමේ අරගලය ඉදිරියේ, එපමණ අවධානයට ගැනෙන්නේ නැත. නිවැරදි ප්‍රතිපත්ති මගින් ආර්ථික ක්‍රමයක වාසි අත්පත් කරගත හැකිය. ඉක්මනින් තීරණ ගෙන කාර්යක්ෂමව ක්‍රියාත්මකවීම ඉතාම වැදගත්ය. එහෙත්, සම්ප්‍රදායික සමාජ ක්‍රමයක් එකවර වෙනස් කිරීම පහසු නැත. අද අතට ලැබෙන දේ ගැන විශ්වාස කරන අතර අලුත් තීරණ වලින් සිදුවිය හැකි යහපත ගැන සැකයක් තිබේ. එම සැකය අසාධාරණ නැත. අලුත් ප්‍රතිපත්ති වලින් රට ගොඩනගන බව ප්‍රකාශ කරන ලද දේශපාලනඥයෝ පසුව මගහැර ගොස් සිටිති. ජනතා යහපතට බව ප්‍රකාශ කරන නමුත් විකල්ප වැඩපිළිවෙළකට ගමන් කරන්නට ධෛර්යයක් නැත. මෙරට පාලනය කළ ආණ්ඩුවල සෑහෙන හොඳ අදහස් තිබුණ නමුත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගිලිහිය හැකි හෙයින් එවැනි අවස්ථාවලින් ප්‍රයෝජන ගෙන නැත. ශ්‍රී ලංකාව අවස්ථා අහිමිකරගත් රටක් වන අතර ගතානුගතිකත්වය හා ඇබ්බැහිවීම එයට වගකිව යුතුය.

කොරෝනා වයිරසයේ වසංගත තත්ත්වය මුළු ලෝකයටම ප්‍රශ්නයක් වී තිබේ. ජන සමාජ භීතියට පත් කර ඇති අතර ආර්ථික සංවර්ධනය අවම තැනකට පත් කර ඇත. එවැනි පසුබිමක් තුළ දුෂ්කරතා ඇතිවෙයි. ජීවන වියදම ඉහළ යන අතර කර්මාන්ත හා ව්‍යාපාර වලට ගැටලු පැන නැගේ. සෑම ක්ෂේත්‍රයකම බිඳ වැටීම් නිරීක්ෂණය කළ හැකිය. වාණිජ හා නේවාසික දේපොළ කුලියට හෝ විකිණීමට දෙන බව දක්වන දැන්වීම් ලොකු කුඩා නගර වල බහුලය. එම ස්ථාන වල තිබුණ ව්‍යාපාර ඉවත් කරගෙන ඇත. අලෙවිය අඩු අතර කුලිය ගෙවීම ද ව්‍යවසායකයන්ට ප්‍රශ්නයක් වී ඇති බව පෙනේ. ව්‍යාපාරික ස්ථානය වැසූ පිරිස ප්‍රධාන මාර්ග වල වෙළෙඳාමට යොමු වී සිටිති. සෑම නගරයක්, මංසන්ධියක් පාසා වීදි වෙළෙඳාම සීමාව ඉක්මවන තැනට පැමිණ ඇත. ප්‍රධාන කර්මාන්ත හා ව්‍යාපාර අංශ පවා බැංකු ණය හා දේපොළ විකිණීම ගැන අවධානය යොමු කර ඇති බව පෙනේ. සැහෙන පිරිසකගේ රැකී රක්ෂා අවදානමකය. රන් භාණ්ඩ උකස් කරන ප්‍රවණතාව වර්ධනය වී ඇත. උකස් තැබූ රන් භාණ්ඩ බේරා ගැනීමට ඉදිරිපත්වන අතරමැදි ව්‍යාපාරයක් ද බිහිවන තරමට ප්‍රශ්නය සංකීර්ණ බව පුවත්පත් වල නිතර පළවන දැන්වීම් ඉඟි කරයි. අප අවට ඇති සංකේත අද ඇති ආර්ථිකය ගැන මැනැවින් දක්වයි. නිසි තීරණ සහිත ප්‍රතිසංස්කරණයකින් හැර තාවකාලික පැලැස්තර වලින් විසඳුමක් නොලැබේ. නිර්භීත තීන්දු වලින් අලුත් අවකාශයක් විවෘත කරගැනීමට බැරිකමක් නැත.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපාර හා කර්මාන්ත ප්‍රතිසංස්කරණයක් කළ යුතුය. අලුත් බලශක්ති ප්‍රභව එනම් සූර්ය විදුලිය හා තොරතුරු තාක්ෂණය යන අංශ එහි දී වැදගත්ය. අලුත් වටයකින් ආයෝජනය අවශ්‍යම සාධකයකි. වාර්තා පෙන්වා දෙන පරිදි පවතින වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සහන වශයෙන් ජනතාවට වෙන් කර ඇති මුදල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.5 ක් බව හෙළිකරයි. දියුණුවන රටවල එම ප්‍රතිශතය සියයට 10-15 අතරය. සහන වැඩ පිළිවෙළක් ගැන අවධානය යොමු කිරීම ද අවශ්‍යය. ජනතාව ජීවත් කරන අතර පුනර්ජීවනය ඇති කරන පියවර ගැනීම වගකිව යුතු අංශවල කාර්යභාරයකි. එවැනි පියවර නොගතහොත් රට තුළ දිළිඳු ජන කොටස අලුත් වටයකින් ඉහළ යා හැකි අතර සමාජ විෂමතා උග්‍රවෙන්නට ඉඩ තිබේ. තත්ත්වය හඳුනාගෙන කල් ඇතිව තිත්ත තීරණ ගැනීම අනාගතය ඉමිහිරි කරනු ඇත.

කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කරන්නට ශ්‍රී ලංකාව සමත් විය. මෙරට සෞඛ්‍ය අංශවල පාලනයට නතුකර ගන්නට හැකිවීම ඉතා වැදගත්ය. එම නායකත්වය ආර්ථිකය වෙනුවෙන්ද ආයෝජනය කළ යුතුව තිබේ.

(***)
- මිලින්ද මොරගොඩ

 



අදහස් (0)

ආර්ථික පසුබෑමකින් යැපෙන සමාජයක්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘සූර්යා සුවඳකූරු’ බෙල්ලන්විලට යයි
2023 මැයි මස 30 31 0

ශ්‍රී ලංකාවේ සාඩම්බර සන්නාමයක් වන ‘සූර්යා’ නාමය යටතේ පසුගිය වෙසක් පෝදා එෛතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේදී ‘සූර්යා සදහම් සැරිසර’ වැඩසටහන ඉතා සාර්


Fits Air සිය 50,000වන ගුවන් මගී වාරය සමරයි
2023 මැයි මස 29 297 0

ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරිත්වය ඇති ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, සිය ගුවන් මගී සේවා දියත් කිරීමෙන් මාස 6ක කාලයක් ඇතුළත මගීන් 50,000 කට අධික සංඛ්‍


සියැට් වෙතින් පාසල් 20 කට මාර්ග සුරක්ෂිතතා උපකරණ
2023 මැයි මස 24 93 0

මාර්ග තදබදය අධික ප්‍රදේශවල පිහිටි තවත් පාසල් 20 ක් සඳහා 2023 මුල් මාස තුන තුළ දී මාර්ග සුරක්ෂිතතා උපකරණ ප්‍රදානය කිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම පස




චයිනා මර්චන්ට්ස් සමූහයේ ලංකාවේ ආයෝජන ඩොලර් බිලියන 2 ඉක්මවයි
2023 මැයි මස 13 505 0

සිය නවතම ආයෝජන සැලසුම් තුළින්, මේ දක්වා ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවන බව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටි චයිනා මර්චන්ට් සමූහ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 78 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 811 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 499 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site