
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි පසුගියදා පැවැත්විණි.
ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සමීප කරවමින් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කරගෙන එම විද්‍යාලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හා එක්ව මෙම වැඩසටහන සංවිධානය කළේය.
එහිදී එම උත්සව සභාව ඇමතු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තු ක්‍රියාවලිය, එහි කාර්යභාරය හා පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුළුල්ව දැනුවත් කළේය.
පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ නිසි අවබෝධයක් පාසල් කාලයේදී ලබා ගැනීමෙන් සමාජයේ පවතින ගැටලුවලට ක්‍රමවත් පිළිතුරු ලබාගැනීමට පවතින අවස්ථාව ගැනද ඔහු මෙහිදී විග්‍රහ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd