
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක් කරා ගෙන යාමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය මූලික පියවර වන්නේ නවීන තාක්ෂණයට අනුකූල වන මානව සම්පතක් නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
ඒ සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල වැඩි ඉඩක් වෙන් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පැවැත්වූ AI තාක්ෂණය පිළිබදව "NATIONAL AI EXPO 2025 " සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයෙහි ආරම්භක අවස්ථාවට එක්වෙමින් බත්තරමුල්ල මොනාර්චි ඉම්පෙරියල් හෝටලයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය සැප්තැම්බර් 29 හා 30 දෙදින පුරා බත්තරමුල්ල මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වේ.
AI ජාතික ප්‍රදර්ශනය යනු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ නවෝත්පාදන සඳහා වූ ප්‍රමුඛතම ගමනාන්තයක් වන අතර, කෘත්‍රිම බුද්ධිය නවීන තාක්ෂණය සමග යොදා ගැනීම , පර්යේෂකයන්, ව්‍යාපාරිකයින් සහ සමාගම් අතර සම්බන්ධීකරණයක් ඇති කරමින් කෘත්‍රිම බුද්ධිය විවිධ කර්මාන්තවල දියුණුවට යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීම, පාසල් අවධියේ සිට AI තාක්ෂණය හදුන්වා දීම හා මෙවලම් භාවිතය හදුන්වා දීම මෙම සමුළුවෙහි අරමුණුයි.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය රොබෝවරයෙක් සමඟ සංවාදයේද නිරත වුවාය.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හරිනි - රොබෝ එක්ක කතා කරයි
මැක්ස් Monday, 29 September 2025 09:24 PM
ළමා අයිතිවාසිකම් නමැති කඩතුරාවට මුවා වී අප රටේ දරු පරපුර විනාශ කරන්නට පාර කපන පනත් සම්මත කරන මේ ආංඩුවේ ලොකු ලොක්කන් ලොක්කියන් පමණක් නොව සොක්කන් සහ සොක්කියනට ද අවසානයේ කතාබහට ඉතිරි වන්නේ හැඟීම් දැනීම් නොමැති රොබෝවරුන් වැනි දරු පරපුරකි. එසේත් නැත්නම් රු. 5000 නුදුන්නොත් අද ඉස්කෝලෙ යන්නෑ කියමින් දෙමාපියනට තර්ජනය කරන හිස් කවන්ධ සහිත දරු පරපුරකි.
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 30 September 2025 03:47 PM
රොබෝ එක්ක කතා කරනවට වඩා වැඩි යමක් කරන්නමයි හිත, නැද්ද හරිනී ?