IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


SLT-MOBITEL ග්‍රාමීය ප්‍රදේශ ඩිජිටල් බලයෙන් සවිමත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දරන උත්සාහයට අත්වැලක් වෙයි

ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ පනාන ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රථම 4G කුලුන විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවීන ඩිජිටල් තාක්ෂණය මහජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාවට නංවා ඇති ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ පනාන ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රථම 4G කුලුන විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා සහ SLT-MOBITEL සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා, Mobitel වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා ඇතුළුව SLT-MOBITEL දෙපාර්ශ්වය හා රජය නියෝජනය කරන පිරිසක් සහ තවත් විශේෂ ආරාධිතයන් පිරිසක් එක්වූහ.

ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ විවෘත කරන ලද ප්‍රථම 4G කුලුන මෙය වන අතර, සබරගමුව පළාතේ සම්බන්ධතා පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට විශාල දායකත්වයක් දක්වනු ඇත. SLT-MOBITEL සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අතර හවුල්කාරීත්වය, පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේද යටිතල පහසුකම් අවශ්‍යතා සපුරාලමින් සහ, රටේ ග්‍රාමීය ප්‍රජාවන් ඩිජිටල් සම්බන්ධතා වලදී මුහුණ දෙන බාධාවන් අවම කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින්, රටට 100% ක් 4G LTE සම්බන්ධතාව ලබාදීම යන මූලික දැක්ම සාක්ෂාත් කරගැනීමට උපකාරී වනු නිසැක ය. එමෙන්ම, SLT-MOBITEL මෙම ව්‍යාපෘතියට දායක වී සිටීම, ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනය කරා යන ගමනට විශාල ශක්තියක්ද වනු ඇත. 



අදහස් (4)

SLT-MOBITEL ග්‍රාමීය ප්‍රදේශ ඩිජිටල් බලයෙන් සවිමත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දරන උත්සාහයට අත්වැලක් වෙයි

Hema Wednesday, 28 July 2021 11:16 PM

ගොඩක් හොඳයි .ටියුෂන් පන්ති යද්දී වැයවන වියදම් ,මහන්සිය එහෙම නෑ .ඩිජිටල් තාක්ෂණයෙන් ගොඩක් වැඩ අඩු වියදමකින් කර ගත හැකිය . එස් එල් ටී , මොබිටෙල් ගමින් ගමට කරගෙන යන වැඩසටහන හොඳයි

:       0       0

DK Maiuri kumari Anuruddika Thursday, 29 July 2021 12:35 PM

එලෙස 4G කුලුණක් සබරගමු පළාතට ලබා දීම පිළිබද ස්තුතිවන්ත වන අතර, නමුත් දැනට කිහිප වාරයක් මොබිටෙල් ආයතනයට ,අනෙකුත් දුරකතන ජාල වලට ,ටෙලිකොම් ආයතනයට මෙන්ම ජනාධිපතිතුමාටද සබරගමු පළාතේ රත්නපුර නගරයේ නීරලගම නම් අප ප්‍රදේශයට මෙම දුරකථන ජාලාවන් නොමැතිව ඉතාම දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන බව දන්වා සිටියද , ඒ සදහා මෙතෙක් කිසිදු විමසුමක් අප ගමට ලැබී නොමැත .මෙම කොමිසන් එකෙන් හෝ මේ ගැන සොයා බලා මෙම නීරලගම ප්‍රදේශයටත් කුලුණක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .

:       0       0

Nilushika Lakmali Saturday, 31 July 2021 10:12 AM

ගොඩක් හොද වැඩසටහනක්. මම ජීවත් වන වැල්ලවාය නගරයට ආසන්න හිගුරුකඩුව, අබදන්ඩාර ගමට දුරකතන සන්නිවේදනය පහසුකම් නොමැති නිසා පාසල් දරුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, රජයේ රැකියාව වල නියලෙන පිරිස බොහෝ ලෙස අසරන තත්වයට පත්ව තිබෙනවා. වසර කිහිපයක් තිස්සේ ජනාධිපති කාර්‍යලය, දුරකතන ජාල වලට දැනුම් දීම් සිදුකරත් මෙතෙක් කිසිම විසදුමක් ලබා දී නොමැත. මේ තත්වය මත දරුවන් ගස්මත, කදු මුදුන් තුල අධ්‍යාපන කටයුතු කරගෙන යන බව කණගාටු ලෙස පැවසිය යුතුය. හිගුරුකඩුව අබදන්ඩාර ගමට සන්නිවේදනය කුලුනක් ලබා දෙන ලෙස කාරුණිකව ව ඉල්ලා සිටිමි .

:       2       1

Sadeepa nethsara Saturday, 31 July 2021 11:46 AM

මාගේ නිවාසය සාදාගන්න උදවු කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31319 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13529 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site