චීනය ඊයේ (10) පවසා සිටියේ රසායනික අවි සම්බන්ධයෙන් සිරියාවට ප්රහාර එල්ල කළහොත් රුසියාවට සහය දෙන බවයි.
චීන බලධාරීන් තවදුරටත් පවසා සිටියේ රුසියාවේ ක්රියාමාර්ගය ඔවුන් පිළිගන්නා බවත් ඒ සඳහා සහය දෙන බවත් ය.
|
රුසියානු ජනපති වැලැඩිමීර් පුටින් සහ චීන ජනපති ෂී ජින්පින්ග් |
අප ගත් තීරණය සිරියාවේ උණුසුම්කාරී තත්ත්වය අවම කරලීමට උපකාරී වන බවත්, සිරියානු අර්බුදය විසඳාගත යුත්තේ දේශපාලනික ක්රියාමාර්ගයකින් බවත්, එමඟින් සිරියාවේ සහ අරාබි කලාපයේ සාමය, ආරක්ෂාව හා සිරියාව ද ස්ථාවර වන්නට ද ඉවහල් වන බවත් චීන විදේශ කටයුතු අමත්යංශය නිවේදනයකින් ප්රකාශ කළ බව එරට මාධ්ය පවසයි. තවදුරටත් එම නිවේදනය උපුටා දක්වන චීන මාධ්ය පවසන්නේ ජාත්යන්තර ප්රජාව සිරියානු අර්බුදය කෙරෙහි ධනාත්මකව හා ඵලදායී ලෙස අවධානය යොමු කළ යුතු බවයි.
රුසියානු විදේශ ඇමැති සර්ගායී ලැව්රෝයී පැවසුවේ සිරියාවේ පවතින සියලූ රසායනික අවි ජාත්යන්තර පරීක්ෂකයන්ට ලබාදෙන ලෙසත් ඒවා ඔවුන් යටතේ විනාශ කරවා දමන ලෙසත්ය.
ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා පැවසුවේ එම අදහස විශේෂ සිද්ධියක් බවයි.
චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිෂේධ ඡන්ද බලය හිමි නිත්ය සාමාජිකයෙක් වන අතර ඔවුන් නිෂේධ ඡන්ද බලය හිමි නිත්ය සාමාජිකයෙක් වන රුසියාවත් සමඟ එක්වීමත් සමඟ වොෂින්ටනය හා මිත්ර පාර්ශ්ව ගන්නා තීරණවලට බාධා එල්ල කරන්නට පටන් ගෙන ඇත.
චීනය නිරන්තරයෙන්ම කියා සිටියේ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් දේශපාලනික විසඳුමක් අවශ්ය බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව කියන්නේ කොමිනිස්ට් රටක්.ඒ ගොල්ලන්ගේ ධර්මය ඇවිල්ලා, ඕනෑම දේකට විරුද්ද වෙන එක.(නදී)
ලුම්බිණි ප්රතිචාර දමන්නේ කොහෙන්ද කියා සැකයක් මතු වෙනවා . මුළු ලංකාදීප පුවත්පතම ගඳ ගස්සනවා. (ස)
කුමාර, ඇමෙරිකාවේ දවසක් හරි ඉඳලා ඇති. ඒකද ඇමෙරිකාවට කඩේ යන්න හදන්නේ. ඉන්ටර්නෙට් හොයා ගත්තේ ඇමෙරිකාව වුන පලියට අපි ඇමෙරිකා ගැත්තෝ වෙන්න උවමනාවක් නැහැ. අනෙක ඉන්ටර්නෙට් එකෙන් යම් යම් දේවල් ලියන්න කලින් මුළු ලෝකෙම ලිව්වේ කඩදාසි වල. කඩදාසි හොයාගත්තේ චීන්නු බව අමතක උනාද? (ස)
ලංකාවේ කොටි ගැස් ගහලා මිනි මරණ කොට පොඩි ළමයි ගල්වල ගහන කොට සුද්දෝ බුදියාගන හිටියේ. දැන්වත් ඒ ගැන කතා නැහැ. මේවට විරුද්ධව කතාකරන අයට අපි සහාය දෙන්න ඕනේ. අපිට කෙලින් කතා කරන්න අය නැති නිසා. ඉස්ලාම් හා බුද්ධාගම නැති කරන එක බටහිර කරන්න හදන්නේ. සමගි නැති වුනොත් අපිව නිකම්ම ගිලී.(නදී)
ඇමෙරිකාව ඉරාකයට ගැහුවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න.. කෝ කලාද ? ලිබියාවට ගැහුවෙත් ඒකට අදටත් නීතියේ පාලනයක් නැහැ.. ඉතියෝපියාවේ මිනිස්සු සාගින්නේ මැරෙනවා .. ඔය යුද්ධ කරන සල්ලි වලින් මොනතරම් යහපත් දේවල් කරන්න පුලුවන්ද ? සම්පත් තියෙන රට වල අභ්යන්තර ප්රශ්න ගැන මොකද මේ අය ඔච්චර උනන්දු ??? අපි දන්නවා රහස (ස)
ගැහුවට කමක් නැහැ! (නි)
එකක් මම දන්නවා. නැපෝලියන් බොනපාට් කියන අධිරාජ්යයා රටවල් රැසකට ගහලා ගහලා අන්තිමට පාඩමක් ඉගෙන ගත්තේ රුසියාවෙන්. හිට්ලර් කියන කෙනාටත් එහෙමයි වුනේ. එයත් අන්තිමට ගිහින් හිරවුණේ රුසියාවේ. අපි තවම ඇමෙරිකාවයි රුසියවය් අතර යුද්ධයක් දැකලා නැහැ. ඇමෙරිකාව ගැහුවේ ඔක්කොම පොඩි රටවල් වලට. ජපානයට ගැහුවේ පරමාණු වලින්. නැත්නම් එදා ඇමෙරිකාව ජපානය මගින් විනාශ කරනවා. (නි)
ඇමරිකාවයි,ඊශ්රායලයි නැතිවුණා නම් අන්තවාදියෝ බඩ පිනුම් ගහවි. ඔය අය අල්කයිඩා එක කරපු එක වරදක්වත් පිලිගන්නවාද?(නදී)
ලුම්බිණි කියන්නේ තමාගේ නමටත් අගෞරව කරන කෙනෙක්. (නි)
මේ මොනවා වුණත් මම නම් කැමති ඇමරිකානු ආණ්ඩුවක් ලංකාවේ තියෙනවා නම් (නි)
මොන්ටිසෝරි ළමයි වගේ (දී)
උදය, මොකද රුසියාවට උනේ ඇෆ්ගනිස්තානේදී? මතක නැද්ද ?(නදී)
ඇමරිකාව සිරියාවට පහර දෙන්න සූදානම් වෙන්නයි ඔය සිරියානු ජනතාවට ආදරේට නෙවෙයි. ඔවුන්ගෙ සැඟවුනු නියාය පත්රයක් ක්රියාත්මක කරන්න. මැදපෙරදිග රටවල්ගෙන ඇමරිකාව ක්රියාත්මක වෙන හැටි හොඳට අධ්යනය කලොත් ඕනෙම කෙනෙකුට එය හොඳටෝම තේරේවි. (ස)
මිනිපේ අද කොහෙවත් කොමිනිස්ට් රටවල් නොමැත . ඒවා කාලයක ජනප්රිය උනාට අද ලෝකයට ගෙලපෙන්නේ නැහැ . රුසියාව අද බලවත් කැපිටලිස්ට් රටකි . චීනයත් එසේමය . අද යුරෝපයේ වේදීම බිලියන් ඩොලර් සල්ලි කාරයෝ වෙඩි රට රුසියාව . මෙයින් අදහස කරේ ලොකුම සල්ලි කාරයෝ නොව . නමුත් වෙඩිම බිලියන් ඩොලර් හිමිකරුවන් සිටින රටක් . බලන්න ෆෝබ්ස් සඟරාව හෝ වොර්ල්ඩ් රිචෙස්ට් මෙන්ස් ලිස්ට් එක . මිනිපේ අවබෝදයක් නැතිව අවුරුදු 20 කට 30 කට කලින් අදහස් පල කරන්නේ (අ)
මිනිපේ පස්චාත් බගයෙන්ද කතා කරන්නේ ? මොනාද මේ දමන බොරු ප්රතිචාර . පොඩ්ඩක් කියවල දැනුමක් අරන් ප්රතිචාර දාන්න . (අ)
මම කැමති ඇමරිකාවට. ඕගොල්ලෝ සිරියාව සවුදිය ඉරානයට. බෞද්ධය, ක්රිස්තියානි අය යන්න. බෙල්ල කපල මෙහෙ එවෙනවා. වැරැද්ද කැමති ආගමක් අදහීම ඇමරිකාවට ගිය මම ඔයාල බලල දුක්වෙනවා. (අ)
මම ඇමෙරිකා විරෝධියෙක් හැබැයි ගහන්න ඕනේ (අ)
ලුම්බිණි,වරුණ,අසන්කාලට පැම්පර් අන්දලා සුප්පුවක් කටට දීලා මොන්ටිසෝරි යවන්න ඕනෑ මුල ඉඳලා ඉගෙනගන්න. (නි)
අශාන්තගේ කතාව මම පිළිගන්නවා (නි)
වත්සලා, ඔයා වැරදයි, ඔයා රටවල් දෙක ධනවාදී වෙන්නේ කොහොමද?ධනවත් මිනිසුන් දහදෙනෙක් හිටයා කියලා ඒ රට ධනවත් වෙන්නේ නැ.ෆොර්බ්ස් සගරාවේ ධනවත්ම එක්කෙනා මැකසිකන් කාරයෙක්.ඊ ලගට ඇමරිකාව.චීනය තවමත් කොමිනිස්ට් රටක්.ඒ රටේ මිනිසුන් ගේ සාමන්ය වේතනය ලන්කවෙටත් අඩුයි. (දී)
මිනිපේ ඔයාගේ දැනුම තව ටිකක් වර්ධනය කර ගන්න . නිකන් බොරු ලියා මෙම පුවත් පත පුරවන්නේ නැතුව . ඔබට අල්ලාහ් දෙයියන්ගේ පිහිට ලැබේවා . දැනුම ලැබේවා . බොරු නොලියෙවා. (ස)
මේකේ ප්රතිචාර දමන බොහෝ දෙනෙක් ඇමරිකවේ පදිංචියක් නොමැතිව එම රටට කඩේ යන්නේ. මම අවුරුදු 18 ක කාලයක් ඇමරිකාවේ පදිංචි කෙනෙක්. නමුත් ඔබ කියනා මානුෂික අයිතිවාසිකම මෙම රටේ නොමැත. වර්ණ වාදය සහ මුදල් තිබෙන ධනකුවේරයන් විඳින අයිතිවාසිකම දුප්පත් මිනිසුන්ට නොමැත.එම අතින් ලංකාවේ පොලිසිය සිය ගුණයක් හොඳය. සිනමාවේ දකින ඇමරිකාව නොවේ මෙහි සිටින අයට දකින්න ලැබෙන්නේ. මිනිපේ මහත්තයෝ, ඔබ පොඩ්ඩක් මෙයට වැඩිය වගකිව යුතු ආකාරයේ ප්රතිචාර දමන්න (නි)
මිනිපේ මහතාට චීනයේ කෙනෙකු දවසට ලබන වේතනය ලංකාවේ මෙන් දෙගුණයක් . නොදන්නවා නම් සොයා බලන්න . එනිසා චීනය දෙන් විදේශ අඩු පඩි ලබන රටවල් කෙරේ යොමු වනවා .ඔවුන්ගේ කර්මාත්ත ඉදිරියට ගෙන යාමට අවම මිලක් තබා ගැනිමට (අ)
තවත් ප්රශ්න නොදා හොඳින් ඉවර කරගන්න. (ස)
ඇමරිකාව ඉල්ලගෙන කන්න හදන්නේ. අද ගොඩක් ප්රශ්නවලට මුල ඇමරිකාව.(නදී)
අපි නම් සිතාගෙන ඉන්නේ ඇමරිකාව තමයි විසදුම් කරු කියලා. රුසියාව චීනය නැත්නම් උන් අපිටත් ගහලා.(නදී)
ලුම්බිණි, ප්රශ්නයක් ගැන හිතන හැටි. මේ වගේ මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ, එකනේ නිලුයි, කොලයි විතරක් රජ වෙන්නේ. තවත් එක මෝඩයෙක් විතරයි. (නදී)
ලුම්බිණි.. චීනය සහ රුසියාව නැතිනම් ..අපි හැමදෙනාම ඇමරිකාවේ කොලනි කාරයෝ නේද. (ස)
කමක් නෑ චීනෙයි රුසියාවයි සෙට් වෙලා මුළු ලෝකෙම යටත් කරගන්නවා නම් මම කැමති.මොකද ලංකාව චීනන් ණය දීලා දීලා උගස් අරන් තියෙන්නේ. එතනට රුසියාවත් ආවා නම් හරි. පූටින් ගහන්නකෝ ඇමරිකාවට බලබලා ඉන්නේ නැතුව. (ස)
හැම දෙනාම බනින්නේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලට. මේ විදියට අදහස් දමන්න උපකාරී වන අන්තර් ජාලය සොයා ගත්තේ ටීම් බනර්ස් ලී විසින් 1990 දෙසැම්බර් මස 25 දින. එහි තනි හිමිකම ඇමරිකාව තබා ගත්තේ නැහැ. මුළු ලෝකයටම දුන්නා. ඔය උමතු වාදීන් මොනවද ලොවට හොයල දීල තියෙන්නේ. නව නිපැයුම් මොනවාද. දැන් භාවිතා කරන ඉලක්කම් පවා වේද ගණිතය ආශ්රයෙන් බිහිකර ගත්තු ඒවා. (නදී)
හැම දෙනාම බනින්නේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලට. මේ විදියට අදහස් දමන්න උපකාරී වන අන්තර් ජාලය සොයා ගත්තේ ටීම් බනර්ස් ලී විසින් 1990 දෙසැම්බර් මස 25 දින. එහි තනි හිමිකම ඇමරිකාව තබා ගත්තේ නැහැ. මුළු ලෝකයටම දුන්නා. ඔය උමතු වාදීන් මොනවද ලොවට හොයල දීල තියෙන්නේ. නව නිපැයුම් මොනවාද. දැන් භාවිතා කරන ඉලක්කම් පවා වේද ගණිතය ආශ්රයෙන් බිහිකර ගත්තු ඒවා. (නදී)
ලෝක බලවතාගේ කට විතරයි..ඕකා ඔය කීවට ගහන්නේ නෑ..ලිබියාකාරයා අනාගත්තට අනිත් එවුන් අනාගන්නේ නෑ කියලා මිනිහා දන්නවා..උතුරු කොරියාවට ගහන්න ගිහින් මතකනේ.. සිරියාවට ගහපු ගමන් උන් අනිත් රටවල් එක්ක එකතු වෙලා යටින් දෙයි ඔසාමා දුන්නා වගේ මරු ගේමක්..එහෙම වුනා නම් තමා හොඳ..යුද්ධයකින් අනිත් රටවල සිදුවන දේපළ හා මිනිස් ජීවීත විනාශය කෙතරම් දැයි නිවැරදිව අවබෝධ කර ගැනීමට ඔබාමාට අපි අවස්ථාවක් දිය යුතුය..ඒ සදහා අනිවා ඇමරිකාවට බලවත් ප්රහාරයක් එල්ල කල යුතුය.. (ස)
චීනයේ හෝ රුසියාවේ මානව අයිතිවාසිකම් වලට කිසිම අයිතියක් නැහැ. මාධ්යට කට අරින්න තහනම්.(නදී)
කවුරු උනත් කමක් නැහැ ඇමරිකාවට ගහන්න කුඩු වෙන්න. ඇමරිකන්කාරයෝ ඇෆ්ගනිස්තානයේදියි ඉරාකයේදියි නිරායුධ සාමාන්ය අහිංසක මිනිස්සු කී දාහක් නම් මැරුවද. කෝ කවුරුවත් ඔය ගැන කතා කරනවද ? (ස)
ලුම්බිණි-වරුණ-මෝඩකම ප්රදර්ශනය කරනවා. (ස)
මේක අලුත් දෙයක් නොවෙයි. සිරියාවේ ප්රශ්නයට විසඳුම් නැත්තේ චීනය සහ රුසියාව නිසා. (ස)
ඇමරිකාව එන්න එන්නම ආර්ථික අතින් කඩා වැටෙනවා. ඒක නිසා අනෙකුත් රටවල් වලට බලවත් වෙන්න නොදී ඒ රටවල් මර්දනය කරන්න ඇමරිකාව කටයුතු කරනවා. අන් රටවල පරමාදිපත්ය රටවල ස්වාදීනත්වයට බලපෑම් කරනවා. ඇමරිකාව හිතාගෙන ඉන්නේ මම තමා ලෝකයේ අයිති කාරයා කියලා. එක්සත් ජාතීන්ගේ සන්විදානේ මානව හිමිකම් සන්විදානේ සුළු සුළු අභ්යන්තර අර්බුද තියන රටවලට ඔලුව දාලා ඒ රටවල් දියුනුවෙන්න නොදී පාගාගෙන ඉන්න හදන්නේ. ඒකට රුසියාව,චීනය උතුරු කොරියාව,ඉරානය වගේ රටවල් එකතුවෙලා දැවැන්ත ප්රහාරයක් එල්ල කලොත් පස්ස පූට්ටු වෙයි.(නදී)
කලන නිකන් පඩියා වෙන්න එපා, ප්රභාකරරන් වගේ අය බිහි උනේ ඔයාගේ වගේ ත්රද්තවාදී අදහස් නිසා. මුලින් කාරණය හොදින් විමර්ශනය කරලා අදහස් පල කරන්න. (නදී)
මිත්රවරුනි, මම දෙයක් ලියන්නේ නිකම් හිතුනට නොවෙයි. සිරියාව ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩල රැස්වීම් වාර්තා ඔය ගොල්ල කී දෙනෙක් කියෙව්වද කියලා මම දන්නේ නැහැ. යු එන් එච් සී ආර් එකේ වාර්තා වල තියෙනවා සිරියන් අනාථයන් ඒ වටේ තියෙන රට වලට ගිහින් විඳින දුක ගැන. මිය ගිය පොඩි ළමයින් ගැන, බඩගින්නේ දුක් විඳින වයසක මිනිසුන් ගැන, තුවාල වෙලා අසනීප වෙලා දුක් විඳින මිනිසුන් ගැන. ලක්ෂයකට වඩා ජනතාවක් මිය ගිහින් මේ යුද්ධය නිසා. රුසියාව මේකට යුදමය විසඳුමක් හෝ වෙනයම් විසඳුමක් ගෙන ඒමට ඉඩනොදී අසාද් එක්ක එකතු වෙලා තමන්ගේ බලය පෙන්නීමක් තමා කර ගෙන යන්නේ. (ස)
ලුම්බිණි, මෝඩ කතා කියන්න එපා. මිනිස්සු බඩගින්නේ ඉන්නවනම්, අසනීප වෙලා දුක් විඳිනවා නම් යූ.එන් එක කරන්න ඕනේ ආධාර කරන එක මිසක් යුද්ද කරන එක නෙවේ. ඉරාකෙට ගිහිල්ල දැන් මොකද වෙලා තියෙන්නේ? සදාම් ඉන්න කාලෙට වඩා දැන් මැරෙනවා නේද? ඇෆ්ඝනිස්තානෙට මොකද වෙලා තියෙන්නේ. ඇමෙරිකාව ඒ රටවල අභ්යන්තර ප්රශ්න වලට ඇවිල්ල කලින් ටත් වැඩිය මිනිස්සු මැරෙනවා. ඇමෙරිකාව ඉරාකෙන් ගියේ සාමෙ උදා කරලද ?(නදී)
අද රුසියාව සහ චීනය නොතිබෙන්න අප ලෝකයම බටහිර සහ ඇමරිකවේ කොලනි වී අපේ ආර්ථිකයත් සන්ස්කෘතියක් රටේ ඒකීය බවත් නැති කරගෙන හමාරය .ලුම්බිණි වැනි නුගත් අයට මෙය නොවැටහෙති . මම හිතන්නේ අධ්යාපනයේ දුර්වල කමක් හෝ කියවීම දෙකෙහිම අඩු කමක් ඇති කෙනෙක් ලුම්බිණි. දැනටම ඇමරිකාව සහ යුරෝපය ලංකාවේ අභ්යන්තර කටයුතු වලට ඇඟිලි ගසමින් රට බෙදීමට කටයුතු කරනවා , ලුම්බිනිට මේවා පෙන්නේ නැහැ . තවමත් අප මෙලෙස සිටින්නේ රුසියාවත් චීනයත් නිසා . එමෙන්ම ලෝකයේ බොහෝ රටවල් තවම නිදහස්ව ඉන්නේ ඔවුන් නිසා . ආරක්ෂක මණ්ඩලයට වාර්තා දෙන්නෙත් හදන්නෙත් ඔවුන්. නඩුත් ඔවුන්ගේ බඩුත් ඔවුන්ගේ. ඉරාකයේ රසායනික අවි තිබේ කියා ඉරාකයට ගසා ඉරාකය නැති කර දැම්ම. අද දිනකට 30 ක පමණ පිරිසක් මිය යනවා . ලිබියාවද එසේමය .ඊජිප්තුව එසේමය . මොවුන් අත තැබූ කිසිම රටක සාමයක් උදා වෙලා නැත . ලුම්බිණි අන්ද මන්ද බුද්දික නිකන් ඇමරිකාවට කඩේ යන කෙනෙක් කියා මට සිතෙන්නේ.(නදී)
අද ලෝකයේ මානව හිමිකම් කියා දෙයක් නැත . අද මානව හිමිකම් කතා කරන්නේ තුන් වන ලෝකයේ තමන්ගේ රට මුදලට පවා දෙන කොටස්ය . අද මානව හිමිකම් වැඩියෙම්ම කඩන්නේ ඇමරිකාව සහ යුරෝපය. කවුද ඔවුන්ට විරුද්ධව මානව හිමිකම කඩවීම කතා කරන්නේ ? මේ ඔක්කොම තුන් වන ලෝකයේ නොදියුණු සහ දියුණු වන රටවල පමණක් විදේශ මුදල් මත යැපෙන කොටසක් අද කරන්නේ . මුදලට රටේ ආරක්ෂාව සහ රට පවා දීම . මානව හිමිකම් කොමිසම අද පුස්සක් . එය පාලනය කරන්නේ බටහිර ලෝකයේ රටවල් . ඔවුන්ට ඕනේ විදියට අනික් රටවල් පාලනය කිරීමට (ස)
ලුම්බිණි යමක් ලියන්නේ ආවට ගියාට නොවෙයි වග දාන දාන කොමෙන්ට්ස් වලින් තේරෙනවා. කවදා හරි දෙව් මව් තුරුලේ සාමදානේ සැතපෙන්න වෙන බව අමතක කරන්න එපා.(නදී)
ඔය කඳවුරු දෙක ලඟදීම ලොකු යුද්ධයකට පැටලෙවි කියලා මට හිතෙන්නෙ. (ස)
ඔන්න ඔහොම එන්නකෝ චීනය. ඇමෙරිකාව අපට කලත් ඔබලා ඔය දේම කරනවා නේද? බොහොම හොඳයි බොහොම හොඳයි (ස)
දෙවියන් උදව් කරන්නේ තවත් කෙනෙක් ලව්වා. අනිවාර්යෙන් සිරියාව දිනනවා...... (ස)