සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය නොදක්වන්නේ නම්, ඒ වෙනුවෙන් රුසියානු රජය සමඟ ප්රධාන පෙළේ අවි ගනුදෙනු ඇතිකර ගැනීමටත්, එරට ගෑස් අලෙවියට අභියෝගයක් නොකිරීමටත්, රුසියාව මේ වන විට සිරියාවේ පවත්වා ගෙන යන නාවික කඳවුර මැදපෙරදිග කලාපයේ දිගටම පවත්වාගෙන යෑමට ඉඩ සලසා දීමටත් සෞදි රජය සූදානම් වෙයි.
ඇමෙරිකාව, බි්රතාන්යය සහ ප්රංශය යන බටහිර බලවතුන්ට සිරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා හමුදාමය කි්රයා මාර්ගයක් ගැනීමට බාධාවක් වී ඇත්තේ රුසියාවය. රුසියාව සිරියානු රජයට සහාය දීම නැවැත්තුවහොත් සිරියාවට පහරදීමට බටහිර රටවලට හැකියාව ලැබේ.
රුසියාව සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දක්වන්නේ, සිරියාව රුසියාවේ ප්රධාන අවි ගනුදෙනුකරු පමණක් නිසාම නොවේ, මැද පෙරදිග කලාපයේ බලය රඳවා ගනිමින් නාවික කඳවුරක් පවත්වා ගෙන යෑමට රුසියාවට අවස්ථාවක් උදා කර දීමට සිරියානු ජනපති අසාද්ගේ රජය කටයුතු කරන නිසාය.
සෞදි අරාබිය ඇමෙරිකාවේ හිතවතෙකි. සෞදියේ බුද්ධි අංශ ප්රධානී බන්ඩාර් බින් සුල්කාන් කුමරු ඉකුත් සතියේ රුසියාවේ මොස්කව් අගනුවරට ගොස්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී, රුසියාවට ආර්ථික දිරිගැන්වීම් කරන බවට පොරොන්දුවක් දුන්නේය.
මේ තොරතුරු අනාවරණය කළේ ඉරානයේ ‘ෆාර්ස්’ පුවත් සේවයයි. රුසියාව මෙන්ම ඉරානය ද සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙයි.
ඉරානය සිරියානු රජයට සහාය දෙන්නේ, සිරියාව අස්ථාවර වුවහොත් ඇමෙරිකාව, බි්රතාන්ය සහ ප්රංශය යන බටහිර රටවල මීළඟ ඉලක්කය ඉරානය සහ ලෙබනනය වන නිසාය.
සිරියානු කැරැලිකාර පාර්ශ්වයට සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට ඇමෙරිකාව, බි්රතාන්යය සහ ප්රංශය සහාය දෙද්දී, සිරියානු රජයට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ සයාය ලැබේ. එම හේතුව නිසා හිස්බුල්ලා සංවිධානය තහනම් කිරීමට ද බටහිර රටවල් මීට මාස කිහිපයකට පෙර කටයුතු කළේය.
ලෙබනනය සහ සිරියාව බටහිර ආධිපත්යය හමුවේ අස්ථාවර වුවහොත්, බටහිර රටවල මීළඟ ගොදුර වනු ඇත්තේ යුරේසියානු කලාපීය රටවල් යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ බිය පළ කරති.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා සිරියාවට එරෙහිව යෝජනාවලියක් සම්මත කර ගැනීමට නොහැකි නම්, ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව, සිරියාවට පහර දෙන බවට ඇමෙරිකාවත් අනතුරු අඟවා ඇත.
මේ වනවිට ඇමෙරිකා ජනපති ඔබාමා සහ එරට ආරක්ෂක ප්රධානීහු සිරියාවට එරෙහිව හමුදා ප්රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් පිඹුරුපත් සකස් කරමින් සිටිති. ඕනෑම මොහොතක සිරියා රජයට පහර දීමට ඇමෙරිකා හමුදාව සීරුවෙන් තබා ඇත.
ඇමෙරිකාවට සහාය දක්වමින් ඊශ්රයාල එරට ජ්යෙෂ්ඨ නියෝජිත පිරිසක් ඉකුත් 27 වැනිදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ඇමෙරිකා ආරක්ෂක අංශ ප්රධානීන් හමුවී සිරියාවට පහර දෙන්නේ නම් එය කෙසේ කළ යුතු ද යන්න ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
ඇමෙරිකාව සහ බි්රතාන්යය තරයේ කියා සිටින්නේ ඉකුත් 21 වැනිදා සිරියාවේ සිදුවුණු සෙරීන් විස වායු ප්රහාරයට සිරියානු රජයේ හමුදා වගකිය යුතු බවය. කෙසේ නමුත් ඒ ගැන සාක්ෂි අවශ්ය බව ද ඇමෙරිකා ජනපති ඔබාමා අවධාරණය කර ඇත. එම ප්රහාරය එල්ල කළේ කවුදැයි සෙවීමේ පරීක්ෂණ මේ වනවිට සිදුවෙමින් පවතී. පරීක්ෂණ පවත්වන්නේ එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමකි.
සිරියානු රජයට සහාය පළ කරන ඉරානයත් රුසියාවත් කියා සිටින්නේ, විස වායු ප්රහාරය නිමිත්තක් කර ගනිමින් ඇමෙරිකාව සහ බි්රතාන්යය ලිබියාවට කලාක් මෙන් සිරියාවට ද පහරදීමක් කිරීමට සැරසෙන බවය.
ලිබියාව අස්ථාවර වූයේත්, ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි ඝාතනය වූයේත් ඇමෙරිකාව, බි්රතාන්යය සහ ප්රංශය එක් වී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ලිබියාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගෙන නේටා්ව ලවා ලිබියාවට ගුවන් ප්රහාර එල්ල කිරීමෙන් පසුවය.
සිරියානු කැරැලිකරුවන්ට සහ විපක්ෂ කණ්ඩායම්වලට සහාය පළ කරමින්, සිරියාවට එරෙහිව ද ඒ අයුරින්ම යෝජනා සම්මත කර ගැනීමට අවස්ථා කිහිපයකදී ඇමෙරිකාව, බි්රතාන්යය සහ ප්රංශය උත්සහ කළේය. එහෙත් ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජික රටවල් වන රුසියාව සහ චීනය නිෂේධ බලය භාවිතා කොට ඊට විරුද්ධ විය.
ඇමෙරිකාව කරන එම අනතුරු ඇඟවීමට ප්රතිචාර දක්වමින් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය කියා සිටින්නේ, ඇමෙරිකාවෙන් තම රටට ප්රහාරයක් එල්ල වුවහොත් ලෝකයා පුදුමයට පත් කරන අන්දමින් ඊට ප්රතිප්රහාර දැක්වීමට සූදානම් බවය.
|
සෞදි කුමරු (දකුණේ) ජනපති පුටින් හමුවෙමින්... |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ ඉරිසියාව වැඩිවී, සිරියාවේ සිරියාව නැති වී, ගලන පුවත් වැඩි වී, සුසුම්ලමු අනාගතය සිහි වී (නි)
බුදු සරණයි ! වෛරයෙන් වෛරය නොසන්සිඳේ (දී)
මුස්ලිම්වරුනි, බලන්න නුඹලාගේ මව් රටේ රාජ කුමාරයාගේ ජරා වැඩ.මේකද ඉස්ලාමයේ සහෝදරත්වය?අල්ලාහ් දෙවියන් උදව් කරන්නේ සුන්නිවරුන්ටද?ෂියා වරුන්ටද? (ස)
අපේ රට ගොඩක් හොද රටක් කකුලෙන් අදින මිනිස්සු නැත්නම් ,මින්ස්සුන්ගේ මානුශික පැත්ත හදන්න පුලුවන්නම්, (දී)
උපාලි, මමත් ඔයාගේ කතාව හිසමුදුනින් පිළිගන්නවා. මමත් පිටරට ජීවත් වෙන කෙනෙක්. අපේ රට කොපමණ උතුම් රටක්ද? (නි)
මමත් ඇමෙරිකානු නව ලිබරල් අධිරාජ්යවාදයට විරුද්ධයි.ඇමරිකාවට ජය. (නි)
සෞදියට ගහනවා නම් ඔය ලංකාවේ බන්දුල පෙරේරා ඉන්න පැත්ත බලලා ගැහුවොත් හොදයි මට නම් හිතෙන්නේ (නි)
අපිට මොනවද තියන ප්රශ්න. මවා ගත්තු බූත අදහස්. මම බොහෝ රටවල හිටපු අයෙක්. අප්රිකාවේ බොහෝ රටවල මිනිසුන්ට ආහාර හොයා ගන්න එක තමා මුලික ප්රශ්නය. අපේ රට තරම් හොඳ රටක් නැහැ . අපේ රටේ මිනිස්සු ඔනම දෙයකට ආණ්ඩුවට බනින්න තමා හදන්නේ. ස්වාබික සම්පත් ඇති මේ රටේ ජිවත් වෙලා ඉන්න එකත් වාසනාවක් විදියට දකින්න හිතන්න ඒ අයට පෙර කල පින් නැහැනේ (දී)
මෙයාව එවන්න ඇත්තේ කව්ද? (දී)
ඇමරිකාව කරන හැම දෙයටම හරි කියන අපේ අයට කියන්න ඔනේ පුටින් නෙත්නම් අපිටත් මෙලහකට ප්රශ්න. සෞදිය කවදත් හරි දැක්මක් ඇතිව කටුතු කලේ නැහැ . ඇමරිකාව ගැන අවබෝද වෙන්නෙ එයාලටත් ගහපු දාට. (දී)
සෞදියේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් වසාගන්න වෙනත් ක්රමයක් නැහැ. (නි)
සෞදියට කවදහරි ඇමරිකාව ගැන අවබෝද වෙන්නෙ එයාලටත් ගහපු දාට (අ)
සදාම්ට වෙච්ච දේ තමයි සෞදියට වෙන්නේ (අ)
බලන්නකෝ මේ අපේ කට්ටියගේ අදහස්? අපේ රටේ දැන් කොච්චර ප්රශ්න ත්යෙනවද ? මට හිනත් යනවා (අ)
කොහොම වුනත් ඇමෙරිකාව ගහන්නේ නෑ බයට කොරියාව වගේ තමා බුරනවා විතරයි. (ස)
මොකද මෙආ බලු කුක්ක ජොහාන් ....කොහෙන්ද ආවේ ..ජොහාන් යන්න එහෙටම (අ)
සෞදියටත් අල්ලගෙ පිහිට තමය
සෞදියට ගහපු දවසට මම ගමටම පාටියක් දෙනවා. (නි)
ඇමෙරිකාවට ස සෞදියට ජයවේවා (අ)
බලනු මැන තිරයෙන් පිටුපස (නි)
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් එකතුවෙලා සෞදි අරාබියාවට ගහපු දවසට තේරෙයි දැන් කරන මෝඩකම් වල රගේ... (නි)
මෙම රටවල කෙරෙන මානුෂික අයිතීන් පවා කඩ කිරීම් ගැන බලවත් රටවල් සහ එක්සත් ජාතීන්ගේ මණ්ඩලවත් කතා කරන්නේ නැහැ (නි)
එකම දෙවියන් අදහන ආගම් දෙකක් අතර දීර්ග කාලයක් පවතින ක්රෝධය නොවේද මේ? (නි)
රුසියාව සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දක්වන්නේ, සිරියාව රුසියාවේ ප්රධාන අවි ගනුදෙනුකරු පමණක් නිසාම නොවේ, මැද පෙරදිග කලාපයේ බලය රඳවා ගනිමින් නාවික කඳවුරක් පවත්වා ගෙන යෑමට රුසියාවට අවස්ථාවක් උදා කර දීමට සිරියානු ජනපති අසාද්ගේ රජය කටයුතු කරන නිසාය. මේ තොරතුරු අනාවරණය කළේ ඉරානයේ ‘ෆාර්ස්’ පුවත් සේවයයි. රුසියාව මෙන්ම ඉරානය ද සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙයි. ඉරානය සිරියානු රජයට සහාය දෙන්නේ, සිරියාව අස්ථාවර වුවහොත් ඇමෙරිකාව, බි්රතාන්ය සහ ප්රංශය යන බටහිර රටවල මීළඟ ඉලක්කය ඉරානය වන නිසාය. දැන්නේ දැන්නේ මේ කට්ටිය සහය දෙන්නේ මොන හේතුව හින්දද කියල ... (දී)
සෞදිය වර්ණනා කරන මුස්ලිම් උදවියට පේනවා නේද සෞදියේ පහත් ම්ලේච්චත්වය.(නදී)
මේක වෙන්න ඇති එකම දෙවියන් අදහන ෂියා සුන්නි මුස්ලිම් සහෝදරත්වය. මෙම යුද්ධයෙන් ඇමෙරිකාව හා සෞදිය පරදා සිරියාව ජයගත යුතුය.(නදී)
සෞදි අරාබිය විස්වාස කරන්න එපා.(නදී)