ඇමෙරිකාව, බි්රතාන්යය ඇතුළු බටහිර රටවල් විසින් අමානුෂික සහ දළදඬු යැයි හඳුන්වා දී ඇති ඉස්ලාමීය ෂරියා නීතිය නීතිගත කිරීමට පොදුරාජ්ය මණ්ඩලයට අයත්, නිරිත දිග ආසියානු රටක් වන බෲනෙයි රාජ්යය ඊයේ (22) තීරණය කළේය.
බෲනෙයි යනු මුස්ලිම් රාජ්යයකි. බෲනෙයි රාජ්යයේ සුල්තාන් හස්සනාල් බොල්කියා ජාතිය අමතමින් කියා සිටියේ, ඉස්ලාමීය ෂරියා නීතිය රටේ දණ්ඩ නීති සංග්රහයට ඇතුළත් කිරීමට සූදානම් බවය.
ඒකීය ඉස්ලාමීය නියත රාජාණ්ඩුවක් සහිත බෲනෙයි රාජ්යයේ, සුල්තාන් හස්සනාල් බොල්කියාය. එරට ඔටුන්න හිමිකුමරුන් වන්නේ අල් මුටාඞී බිල්ලාහ්ය.
බෲනෙයි රාජ්යයේ ජනගහණයෙන් සියයට 70 ක් මුස්ලිම්වරුන් වන අතර සියයට 15 ක් මුස්ලිම් නොවන ජනයාය. ඉතිරි පිරිස ස්වදේශීය ජනතාවය.
බි්රතාන්යයේ යටත් විජිතයක්ව පැවැති බෲනෙයි රාජ්යයට නිදහස හිමිවුණේ 1984 ජනවාරි පළමු වැනිදාය. බෲනෙයි රාජයයේ ජනගහනය 408,786 කි.
|
|
බෲනෙයි සුල්තාන් ජාතිය අමතමින් ... |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දබරේ කියල තියෙන්නෙ සහතික ඇත්ත. ෂරියා කියන්නේ දරුණු ග්රොත්රික නීතියක්. විහිලුවක්. (අ)
ශරීහා නීතිය යනු, මානුෂික ක්රියාකාරකම් පිළිබඳ නීතියයි. එය මුළු මහත් මිනිස් සංහතියටම යහපත ගෙනෙන නීතියයි. මෙය ක්රියාත්මක වෙන්නේ ඉස්ලාමීය රජයක් යටතේය. මෙය මිනිස් ජීවිතයේ සියලුම අංශයන් කෙරෙහි විහිදී ඇති නීතියයි. සමාජයිය, ආර්ථික, සංස්කෘතික, අධ්යාපන, එදිනෙදා ජිවිතයේ සිදුවන ක්රියාකාරකම් යනාදී සියල්ලම මෙහි අඩංගුය. දණ්ඩ නීතිය මෙහි 5% තරම් අඩුවෙන්ම සඳහන් වේ. ඒ නිසා යමෙකුට නොරුස්සන්නේ එක අමානුශිකයි කියා කීමට නොහැකිය. මනුෂ්ය ගතියෙන් ජීවත් වෙන්න නොහැකි අයට දැඩි දඬුවම් දීම වැරදි වන්නේ කොහොමද? මුලු පවුලම කපා කොටා මරන්න තිරිසන් සිත් ඇති අයට මරණ දඬුවම් දීම අමානුෂික යැයි යමෙකු කියනවා නම් ඔහු තරම් අනුවණ කෙනෙක් තවත් නැත. (නි)
මේකට හේතුව මිනිසා නිදහසේ අගය තේරුම් නොගෙන නිදහස උපරිමයෙන් විඳින්නට යාමේදී ඔවුන් තුල හැගී යනවා "අපි නිදහසේ ජීවත් වෙනකොට ප්රශ්න වැඩි" කියන්න වගේ හැගීමක්. ඒ හැඟීම විසින් තමන් වරදකාරයෙක් බවට තමන්වම පත් කරාවි කියන බිය නිසා තමයි මෙවැනි රටවල් එම නීති ගෙනෙන්නේ. කිහිප දෙනෙක් කරන වැරදි දැක තමන්ද එම වැරදි කරාවි කියන බිය සෑම මිනිසෙක් තුලම පවතී. බෲනෙයි රටට උනේ ලොව ආත්ම දමනය කිරීමට නොහැකි රටවල් අතරට (99% ක්ම මුස්ලිම් රටවල්) එක් වීමක් පමණි. (ස)
කමල් ගේ අදහසට ගරු කරනවා. මුස්ලිම් අයට වෙනම නීති ලංකාවේ තියනවා. මුස්ලිම් විවාහ නීතිය වෙනස්. ෂරියා නීතිය එයාලට විතරක් දමලා, බලමු මොකද වෙන්නේ කියලා. (ස)
කරුණාකර මෙය පාඨකයන්ට ෂාරියා නීතියේ විහිලුව දැන ගැනීමට පල කරන්න. ඔවුන්ට ඒ අයිතිය දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබට පින්. ඒ 2008 වසරේ නොවැම්බර් මාසයේ දිනයකි. ශබ්ද විකාශන යන්ත්රයක් බැදගත් ටොයොටා පික් අප් රථයක් දකුණු සෝමාලියාවේ කිස්මායෝ ගම්මානයේ සැරිසරන්නට වීය. ඒ “ගල් ගසා මැරීමක්“ පවත්වන්නට නියමිත බව කියමිනි. හවස හතර පමණ වන විට දහසක පමණ සෙනගක් කිස්මායෝ ගම්මානයේ පාපන්දු පිටියට එකතු වී සිටියහ. පාපන්දු පිටිය මැද පොළවේ වලක් හාරා තිබිණ. පැය බාගයකට පමණ පසු ගල් පිරවූ ලොරියක් එහි පැමිණියේය. නගරය පාලනය කරන අල් ෂබාබ් සාමාජිකයින් අහසට වෙඩි තබමින් ගල් රථය වෙත එන්නට උත්සාහ කළ සෙනග පාලනය කළහ. කුඩා දැරියක් පිට්ටනිය වෙත බලහත්කාරයෙන් ඇදගෙන එනු ලැබිණ. සිදු වෙන්නට යන්නේ කුමක්දැයි ඇය දැන උන්නාය. ඇය දඟලමින් නිදහස් වෙන්නට පොර බැදුවාය. “මට යන්න බෑ.. මට යන්න බෑ.. මාව මරන්න එපා..“ ඇය කෑ ගැසුවාය. එහෙත් පිරිමින් සතර දෙනෙකු එක්වී ඇයව බලෙන්ම අර වලට ඇද දමා ඇගේ ගෙල තෙක් පස් වලින් වසා දැමූහ. ඒ ඇයව ගල් ගසා මරා දමන්නටය. වැඩිහිටි පිරිමින් පනස් දෙනෙකු පමණ එක්වී ඇයට ගල් ගැසූහ. විනාඩි දහයකට පසු හෙදියන් දෙදෙනෙකු පැමිණ ඇය ජීවතුන් අතරදැයි පරික්ෂා කළහ. ඇය ඒ වන විටත් ජීවතුන් අතරය. ගල් ගැසීම නැවත ඇරඹිණ. එසේ ඇයව මරා දමනු ලැබිණ. එලෙස ගල් ගසා මරා දමනු ලබන්නට 13 හැවිරිදි අයිෂා ඊබ්රහීම් ඩුහුලෝ කළ වරද කුමක්දැයි ඔබ දන්නවාද?. පිරිමින් තුන් දෙනෙකු එක්ව ඇයව අමානුෂික ලෙස කෙලෙසනු ලැබිණ. ඇගේ පවුලේ අය ඒ පිලිබදව නගරය පාලනය කළ අල් ෂබාබ් සංවිධානයට පැමිණිලි කළහ. අනාචාරයේ හැසිරීමේ වරදට අයිෂාව අත් අඩංගුවට ගනු ලැබිණ. දූෂකයින්ව සොයන්නට කිසිදු උත්සාහයක් ගැනුණේ නැත. ඇයට මරණ දඩුවම ලබා දුන් පසු අල් ෂබාබ් සංවිධානයේ ෂේක් හයකලාහ් ගුවන් විදුලි නාලිකාවකින් කීවේ “ඇය ඇගේ වරද පිලිගත්තා. ඉස්ලාමීය ශාරියා නීතිය යටතේ දඩුවම් විදීමට ලැබීම ගැන ඇය සතුටු වුණා“ කියාය. මේ කතාව ඔබට මතක් කරන්නට සිතුවේ මේ වන විට ඉස්ලාමීය ශාරියා නීතියට අනුව ගල් ගසා මැරීමට එරෙහිව ලොව පුරා අත්සන් කෙරෙන පෙත්සම ගැන ඔබව දැනුවත් කරන්නටය. තිරිසන් නීතියක් පිටු දැක මනුෂ්යත්වයට යහපත් හෙටක් උරුම කරන්නට ඔබේ දායකත්වයත් ලබා දෙන්න. (ස)
කමල් ලංකාවේ ඉස්ලාම් ආගම අදහන ජනතාවට පමණක් ෂරියා නිතිය ක්රියාතමක කලොත් විශාල ප්රමාණයක් ඉස්ලාම් ආගම අතහැර දමාවි. එහෙම නැත්නම් රට හැර යාවි, ෂරියා නිතිය අද කාලයට සහ අපේ රටට ගැලපෙන්නේ නැහැ. අපේ රටේ දැනට තිබෙන නිතිය හරියට ක්රියාත්මක කරනවා නම් මේ ප්රශ්න ගොඩක් දුරට අඩුවේවි. රට දියුණු වේවි. (ස)
ශෆින්, ෂරියා නීතියේ තිබෙන මනුස්සකම නිසාද පහුගිය දවස්වල රිශානා මැරුවේ? ඔය නපුරු නීතිය මුළු ලෝකයෙන්ම තුරන් කරන්න ඕනෑ. කොහේ මැරුවත් මරන්නේ මිනිස්සු. (නි)
ද සිල්වා බෙර්ලින්, ලංකාවේ මුස්ලිම් අපිට ඕනෑම නීතියක් ගෙනාවට කිසිම ප්රශ්නයක් හෝ වෙනසක් වෙන්නේ නැහැ. ලංකාවෙන් පැනලා යන්න හෝ ආගම අතහැර දාන්නේ මොකටද? අපි මිනිමරන්නේ හෝ වෙනත් අපරාධ කරන්නේ හෝ නැහැ. දඬුවම් වලට බය වෙලා ආගම මාරු කරන්න ? අනේ විහිළු කරන්න එපා. මට හිනා යනවා! (නි)
මෙම නීතියත් සමාජ දියුණුවීමත් සමග නැතිවෙලා යාවි. (නි)
පස්රුල් ,ඔබ අපරාධ කරන්නේ නැතුවා ඇති.නමුත් ඔය කුඩු ජාවාරම්.මිනීමැරුම් කරන අනෙකුත් මුස්ලිම් අය ගැන ද සිල්වා මෙල්බෙර්න් වල ඉදලා කියන්නේ. (නි)
ෂරියා නීතිය ලංකාවේ මුස්ලිම්ලාට පමණක් ගෙනාවත්, ඒකෙන් අවාසි අපිටමයි. මොකද සිංහලයෙකුයි මුස්ලිම් මිනිහෙකුයි අතර තියන නඩු ඕක්කොම යන්නෙ ෂරියා උසාවි. වැඩි වාසි මුස්ලිම් ලාට. ඒක හොඳඳ? ඒක කැකිල්ලේ උසාවියක්. ළමයෙක් දූෂණය කලොත් නාකියෙක් විසින් ඒ ළමයාව මරනවා හැගීම් ඇවිස්සුවාය කියලා. වගකීමෙන් කියන්නෙ. අන්තර්ජාලයේ මේ වගේ තීන්දු තීරණ ගැන ඕනෙ තරම් ඇති දන්නැති අය මෝඩයෝ වගේ ලංකාවටත් ෂරියා සාපෙ ගේන්න කිව්වාට. (ස)
තමන්ගේ අහිංසක කෙනෙක්ව තව එකෙක් විසින් මරා දැම්මොත් ඉහත ප්රතිචාර දාපු ඔක්කෝගෙම කටින් ෂරියා පිටවෙනවා. කව්රුත් හිතාගෙන ඉන්නේ ෂරියා කීවහම දඩුවම් විතරක් තියෙන නීතියක් කියලා. හරියට ලිඳක් දැකලා සාගරය ගැන කතාකරනවා වගේ.(අ)
කරුණ කරලා මේක ලංකාවට ගෙන්න .(අ)
ඒ අයට මොන නිතිය ගෙනාවත් කමක් නැ.(දිල්)
ෂරියා නීතියට බයවෙන්න ඕනේ වැරදි කරන අයමිසක් නිවැරදි අය නොවේ (දිල්)
ෂරියා නීතිය වැනි යල් පැනපු නීති දැන් ඉවත් කරන්න කාලය ඇවිල්ලා. තමාගේ ආගම වුණත් අනෙක් ආගම් අදහන අයට බාධාවක්, අවහිරයක් නොවන ලෙසින් ක්රියාත්මක කළ යුතුයි. දැඩි නීති දැමීමෙන් පමණක් වැරදි කිරීම් වළක්වාගත නොහැකි බව, ශරියා නීතිය ක්රියාත්මක වන රටවල අපරාධ සිදුවීමෙන්ම පැහැදිලිව ඔප්පු වෙනවා. (නි)
කිසිදු අලුත් නීතියක් ඕනෑ නැහැ ලංකාවට.තිබෙන නීති ක්රියාත්මක කළහම ඇති. (නි)
ශරියා නීතියගෙනඒන ඒකට මටනමි හරි සංතෝෂයි (අ)
සිරකරුවොත් මනුෂ්යයෝය (නි)
තව ටික දවසකින් කී දෙනෙක්ගේ බෙල්ල කැපූව ද කියලා දැන ගන්න පුලුවන්. (ස)
මම දන්නා විදියට බෲනෙයි වල ෂරියා නිතිය දමන්න යන්නේ මුස්ලිම් අය සඳහා පමණයි. (ස)
මම කියනවා කුමාරිට අර අපේ එක් කෙනෙක් ලියු මුස්ලිම් නීතිය කියන පොත කියවන්න කියලා. (ස)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
තව රටක් අපරාධ ගණන අඩු කරගැනීමේ ප්රතිපත්තියකට ආවා, කෝ අපේ රට? කවදා හැදෙයිද ? (නි)
ඕනෑම නීතියකට හෝ දඩුවමකට බිය විය යුත්තේ වැරදි කරන පුද්ගලයින්ය. වැරදි කරන්නා අනිවාර්යයෙන් දඩුවම් ලැබිය යුත්තන් වේ. නීතියක් හරි හැටි ක්රියාත්මක නොවෙන රටක සිදුවෙන දරුණු අපරාධ කිසිවෙකුට වළක්වන්න බැහැ. කිසිම මානව හිමිකම් සංවිධානයක් අපරාධයක් වැළැක්වීමට ඉදිරිපත් වන්නේ නැහැ. නමුත් වැරදිකරුවෙකුට දඩුවම් දෙනවිට බෝඩ් උස්සාගෙන පාරට බහිනවා. බලාගෙන යන විට අපරාධකරුවන්ට මේ මානව හිමිකම් සංවිධාන තමා දිරි ගන්වන්නේ, ඔවුන්ව දඩුවම් කිරීම වෙනුවෙන්. ඉතින් මේවා අනුන්ගේ ආගම්වලට අදාළ නීති කියලා පයින් ගහන්නේ නැතුව අද ලෝකෙට ගැළපෙන අයුරින් නීති සම්පාදනය කළ යුතුය. (නි)
ෂරියා නීතිය අනුව ඝාතනයක් කළ විට එම ඝාතකයාටද මරණයම දඬුවමක් ලෙස ලබා දෙනවා. ඒ වගේම එම ඝාතනයට ලක්වූ තැනැත්තාගේ පවුලේ සාමාජිකයාට (ඔහුගේ කැමැත්ත අනුව) ලේ මුදල් (වන්දි මුදල්) ගෙවා බේරා ගැනීමේ ක්රමයක් ද තිබෙනවා. නමුත් අපේ ලංකා නීතියේ ඝාතනයක් වූ විට එම ඝාතකයාට අවුරුදු 10 හෝ 20 හෝ සමහරක් විට මරණ දඬුවම දීම කෙරෙනවා. ඒ වගේම වන්දි ගෙවීම් නැහැ. මේ දෙක සසඳා බැලු විට මම හිතන්නේ ෂරියා නීතිය මේ රටේ මිනිස්සුන්ට වාසිදායකයි. හේතුව අසරණ වන පවුලට ෂරියා නීතියෙන් වැඩි අයිතියක් හා සහනයක් ලබා දෙනවා (නි)
ෂරියා නීතිය අමානුෂික සහ දරදඬු යැයි හඳුන්වා දෙන ඇමරිකාව හා අනිකුත් රටවල් වල වෙන අමානුෂික ක්රියා අනුමත කරන්න පුලුවන්ද? ඔවුන්ට හිතුනොත් කෙනෙක්ව ත්රස්තවාදීන් කරන්නත් හොඳ මිනිස්සු කරන්නත් පුළුවන්. ඉන්දියාවේ හා ලංකාවේ වෙන හොරකම්, ළමා අපචාර, මිනී මැරුම්, වංචනික ක්රියා මැඩ පවත්වන්න නීතියක් තිබෙනවද? හැම එකටම ඇප දෙනවා. නීතියක් නැති රටවල් තමයි ෂරියා නීතියට බනින්නේ. (නි)
"ෂරියා" කියන වචනයේ අරාබි තේරුම නම් "ඉක්මන්'' කියන එකයි. දුෂණ , හොරකම් නොකර ඉන්නවා නම් එක නීතියක්වත් ඕනෑ නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
ලංකාවෙත් කැමැති නම් ඉස්ලාම් දහම අදහන මුස්ලිම්වරුන්ට පමණක් බලපාන ලෙස ෂරියා නීතිය ක්රියාත්මක කරවමු. අත උස්සන්න එක මුස්ලිම් සහෝදරයෙක්වත් හොයා ගන්න බැරි වේවි. (ස)
ෂරියා නිතිය දාලවත් හදන්න බැරි මිනිසුන් ලෝකේ ඉන්නවා තමා.ඒත් ඒක ගොඩක් දරුණු වැඩියි.වෛරයෙන් වෛරය නොසන් සිඳේ. අවෛරයෙන්ම වෛරය සන් සිඳේ. (ස)
ලංකාවට තවම නීතියක් හදලා නැතුව ඇති (නි)
බෲනෙයි වල එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..... තියෙන නීති වැඩ කෙරුවොත් ශරියාවක් ඕනෑ වෙන්නේ නෑ... (නි)
ෂරියා නීතියේ පවතින අමානුෂික, දරදඩු, මිලේජ්ජ නීති කලින් සමහර බටහිර රටවලත් ක්රියාත්මක උනා. සත්ය ලොවට හෙලිකල දාර්ශනිකයන්ට පවා එම නීති අනුව දඩුවම් දුන්නා.සොක්රටීස්ට වස කෝප්ප පෙව්වේත් ගැලිලියෝ එල්ලා මැරුවෙත් එම නීති ක්රියාත්මක වුන නිසා.නමුත් එම රටවල සමාජයීය දියුණුවත් සමඟ දැන් එම නීති ක්රියාත්මක වෙන්නේ නැහැ. (ස)
වරදක් වුනත් පෙරදා නොසිතුව කමට......... මොහොතක් වුනත් ඇති හොඳ මිනිහෙක් වෙනට..... (ස)
අනේ අපේ ලංකාවටත් ෂරියා නිතිය ක්රියාත්මක කරවමු. එතකොට රටේ සිදුවන අපරාධ අඩුවෙනවා . (ස)
කමල්ගේ නියම අදහස.මම නම් එකඟයි ඒකට. (ස)
ලංකාවටත් ෂරියා නීතිය තියෙනවා නම් හොඳා. (ස)
ලංකාවට ෂරීයා නීතිය වගේ ම්ලේච්ඡ නීතියක් අවශ්ය නැහැ. ලංකාවේ නීතියේ ප්රශ්ණයක් නැහැ. නීතිය නිසි පරිදි ක්රියාත්මක නොකිරීමයි තිබෙන ගැටළුව. (ස)