2013 වසරේ නොබෙල් සාම ත්යාගය, හිමිවිය යුත්තේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට යැයි රුසියාවේ මානව හිමිකම් කි්රයාකාරී සංවිධානයක් පවසයි.
සිරියානු අර්බුදය මුල්කොට ගනිමින් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී යුද්ධ කිරීමට සූදානම් වෙද්දී, රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මැදිහත් වී, එම අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා දීම හේතුවෙන් මහා විනාශයක් වැළැකී ගියේ යැයි ද එම මානව හිමිකම් කි්රයාකාරී සංවිධානය පෙන්වා දෙයි.
ඔවුන් මෙය සඳහන් කරමින් නොබෙල් කමිටුවට විශේෂ ලිපියක් ද යවා ඇති බව විදෙස් පුවත් සේවා කියා සිටී.
ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාට වඩා, පුටින් ලෝක සාමය අගය කරන බව ද එම සංවිධානය වැඩි දුරටත් කියා සිටී. ජනපති ඔබාමාට 2009 වසරේ දී නොබෙල් සාම ත්යාගය හිමිවිය. ඒ, ලෝකය යහපත් තැනක් බවට පත් කිරීමට ගන්නා උත්සාහය අගය කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කා නේද ඒ රටවල්වල තියෙන මානව හිමිකම් සංවිධාන වල හැටි? ඒවා තමන්ගේ රටවල් වලට ආදරය කරන සංවිධාන. ඒකට අපේ රටේ මානව හිමිකම් සංවිධාන..... රටේ වැරදීම තමයි ලෝකෙට බෙදා හරින්නේ. (නි)
මලාලා යුසුෆ් දැරියට නොබෙල් ත්යාගය ලබා ගන්න වයස මදි.(16) (නි)
පෙඩ්රික්, ඔයාට පිස්සුද? (නි)
හරිම හොද යෝජනාවක්. තව දෙයක් කියන්න තියෙනවා. නොබෙල් සාම තෑග්ග අපේ ජනාධිපතිතුමාටත් හිමි වෙන්න ඕනෑ. එතුමා ලංකාවට සාමය ගෙන ආ සාමයේ රජිදා ය (නි)
පුටින්ට වඩා අාර්ථිකය කඩාවැටුණ අැමරිකාවේ නායක ඔබාමාටනේ නා්ෙබල් සාම ත්යාගය දෙන්න ඕනෑ. (නි)
ලෝකයේ තිබුණු දරුණුම ත්රස්තවාදී සංවිධානයේ බල බින්දේ අපේ ජනාධිපතිතුමා (නි)
අහවල් රටේ කෙනාට දෙන්නේ නැද්ද? (නි)
නොබෙල් සාම තෑග්ග දෙන්න ඕනෑ අපේ ජනාධිපතිතුමාට. එයා තමා සුදුසුම කෙනා මේකට (නි)
ඔය නොබෙල් තෑග්ග දෙන්න ඕනෑ පාප්තුමාට බවයි මගේ අදහස (නි)
පුටින්ට දෙනවා නම් නොබෙල් සම්මාන, ඉතින් යකඩ අතින් මිනිස්සුව පාලනය කළ අනෙක් අයටත් දෙන්න ඕනෑ (නි)
හරියට හරි. (නි)
ඔක්කොම ලොකු ලොකු අය බෙදාගන්නවා. (නි)
හරිම හොද යෝජනාවක්. පුටින් ජනාධිපතිතුමා නොසැලී සිටි හන්දයි සිරියාවේ වෙන්න ගිය මහා විනාශය වැළකුනේ. නැත්නම් මේ වනවිට කොපමන පිරිසක් මිය යන්න තිබුනද? (නි)
එයාට මොන නොබෙල් සම්මානද? (නි)
අන්න හොද දෙයක් ගොඩක් කාලෙකට පස්සේ මානව හිමිකම් වලට පෙනිලා නැත්තනම් පුස්පල වගේ අය නැවතත් ඔබමටම දෙන්න කියයි (දී)
පුෂ්පා මහත්මිය, කියන විදිහට නොබෙල් සාම ත්යාගය දෙන්න මලාලා දියණිය සුදුසු නෑ. ඒකට හේතුව තමයි එයා කථා කරන්නේ පකිස්තානු අන්තවාදය ගැන පමණයි. නමුත් ඇමරිකානු ගුවන් පහරදීම් වලින් මිය යන අහිංසක තමන්ගේ මව්බිමේ පකිස්තානු දරුවන් ගැන ඇය කතා කරන්නේ නෑ. බටහිර රටවල් කරන පහරදීම් පිළිබඳ ඇය කිසිවක් කතා කරන්නේ නෑ. එසේ බටහිර රටවලට විරුද්ධව කතා කළොත් ඇය දැන් ලබන සියලු සැප පහසුකම් අහිමි වෙනවා නොඅනුමානයි. එම නිසාම ඇය ඉතා කෙටි කාලයකින් බටහිර ගැති ඉත්තෙක් වනවා නොඅනුමානයි. (ස)
කොහොමද පුටින්ට දෙන්නේ?? ? රුසියාවෙ අභ්යන්තර යුද්ධයක් තියෙද්දී.. (ස)
නොබෙල් සම්මානය අපේ ජනාධිපති තුමාටත් හිමි වෙන්න ඕනේ . එතුමා ලංකාවට සාමය ගෙනාපු හින්දා ..... (ස)
පූටින්ට මෙය ලැබුනොත් ලෝක විනාසයි... (ස)
ලුම්බිණි, ඔබාමට දෙන්න හොඳ නම්, පුටින්ට දුන්නට කොහොමත් කමක් නෑ. ඔබාමට දුන්නේ සාමය සඳහා එයා කරන්න හිතාගෙන හිටපුවට. ඒත් එයා කරේ තිබිච්ච ප්රශ්න තවත් වැඩි කරපු එක විතරයි. බලන්න ඉරාකෙට වෙලා තියෙන වැඩේ. පුටින්ට දෙන්න කියන්නේ කරපු දෙයකට. ලෝකෙම දැක්ක එකේ ප්රතිපලය. (ස)
නොබෙල් සාම ත්යාගය ලෝක සාමයට කරන අපහාසයක් ලෙසයි මම නම් දකින්නේ (නි)
යෝජනාව ගෙනල්ල තියෙන්නේ රුසියාවේ මානව හිමිකම් කි්රයාකාරී සංවිධානයක්. මේ යෝජනාව සිරියාවේ අසාද් ස්ථිර කරාවි. (නි)
නාඩගම් නැතුවට මේවා.... ඇමෙරිකන් සල්ලි.... (නි)
ලෝකය යහපත් තැනක් කිරීමට දරන ප්රයන්තය සඳහා දෙන නෝබල් සාම ත්යාගයට ඉතාම සුදුස්සා පකිස්ථානයේ වීර දැරිය මලාලායි. දැනට ඇගේ වයස අවුරුදු 16 යි. මේ දැරියගේ නම නෝබල් සාම ත්යාගය සඳහා යෝජනා වුනා මේ අවුරුද්දේ මාර්තුවල. ඇය තම ජීවිතය පවා පරදුවට තබා අන් දැරියන්ගේ අධ්යාපනය වෙනුවෙන් ඇති නිදහස වෙනුවෙන් තලෙයිබාන් වැනි අන්තවාදීන්ට විරුද්ධව යුද ප්රකාශ කළේ කිසිම දේශපාලන හෝ ආර්ථික වාසියක් බලාගෙන නොවෙයි. (නි)
සම්පූර්ණ ඇත්ත ! පුටින් මහතාට එය හිමි විය යුතුයි. (නි)
මෙන්න අපෙන් සහාය. (නි)