ඇමෙරිකාවේ එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය, එරට සී.අයි.ඒ. බුද්ධි අංශයේ අනුදැනුම මත සිදු කළ ඔත්තු බැලීම් දුරදිග ගොස් ඇති බව තමා අනුමත කරන බව ඇමෙරිකා රාජ්ය ලේකම් ජෝන් කෙරී පවසා ඇත.
ලෝක නායකයන්ගේ දුරකතන සංවාදවලට හොරෙන් කන් දීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් සභාව ඉදිරියේ කරුණු දක්වමින්, ජාතික ආරක්ෂක ඒජන්සියේ ප්රධානී ජනරාල් කීත් ඇලෙක්සැන්ඩර් පවසා ඇත්තේ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් එම ඔත්තු බැලීම් කළ බවය.
ඇමෙරිකාවේ එම නීතිවිරෝධී ඔත්තු බැලීම් සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාට දොස් අහන්න සිදුවී ඇත. ජනපති ඔබාමා පවසා ඇත්තේ, ඇමෙරිකා ආරක්ෂක අංශ මීට වඩා ‘විනයානුකූලව’ කටයුතු කළ යුතු බවය.
ජර්මනිය, ප්රංශය වැනි යුරෝපා රටවල් මෙන්ම බ්රසීලය ද ඇමෙරිකාව සිදුකළ එම නීතිවිරෝධී ඔත්තු බැලීම් ගැන සිය අප්රසාදය පළ කර ඇත. ඇමෙරිකා රජය, අන්තර් ජාතික නීති උල්ලංගනය කරමින්, එරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසා, ලෝක නායකයන් ගැන සිදු කරන ඔත්තු බැලීම් වහා නැවැත්විය යුතු යැයි බල කරන ජර්මනිය සහ බ්රසීලය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සැරසෙයි.
ඔත්තු බැලීම්වලට විරෝධය පෑමක් වශයෙන්, යුරෝපා සංගමයට අයත් රටවල් ඇමෙරිකාව සමඟ ඇති වෙළෙඳ සබඳතා අත්හිටුවා ඇති බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔත්තු බැලීම් වලට විරෝධය පෑමක් වශයෙන්, යුරෝපා සංගමයට අයත් රටවල් ඇමෙරිකාව සමඟ ඇති වෙළෙඳ සබඳතා අත්හිටුවා ඇති බව වාර්තාවේ. කොච්චර කාලෙකටද ??? (ස)
ඇමෙරිකාව කොහේ ඔත්තු බැලුවත් ලංකාව ගැන බලලා නම් අහුවෙන්න එපා. දන්නවනේ අපේ උපවාස ඇමතිතුමා. එතුමා ඔව්වා ගැන හරි උනන්දුයි. (ස)
රවින්ද කියන්නේ අර කටකාර, රතු කට්ටියගෙන් ආ කෙනා ගැනද? ඇත්ත තමා. පස්සේ ඒ ගොල්ලෝ සමග කරට අත දා ගෙන නටනකොට ඒ ඔක්කොම ඉවරයි. (නි)
මේවට නැද්ද විනය පරීක්ෂණ, මානව හිමිකම් කඩ කිරීම් , මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම් වගේ චෝදනා ?(නදී)