ඊශ්රායලය කරන අනවසර පදිංචි කිරීම්වලට විරෝධය පළ කරමින් බ්රිතාන්ය පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගත්තේය. එපමණක් නොව ඊශ්රායලය විසින් කරන එවැනි ක්රියා නවත්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2334 යෝජනාව ද බ්රිතාන්ය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබිණි.
පලස්තීන භූමියේ ඊශ්රායලය විසින් සිදු කරනු ලබන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පැවැති විවාදයේදී බ්රිතාන්ය පාර්ලිමේන්තුව අදාළ යෝජනාව සම්මත කරගත්තේය. මෙම විවාදය කලින් යොදාගත්තකි. යුරෝපා පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා විය.
ඊශ්රායල පාර්ලිමේන්තුව පසුගිය දිනෙක පලස්තීනයට අයත් පෞද්ගලික භූමියක ජනාවාස 4000ක් ඉදිකිරීම සඳහා අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි නීතියක් සම්මත කරගත්තේය.
ඊශ්රායලයේ මෙම ක්රියාවලට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම වත්මන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පවා තමන්ගේ විරෝධය පළ කළේය. එක්සත් රාජධානිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රටවල් 15 න් අංක 2334 යෝජනාවට සහාය දුන් සාමාජික රටවල් 14 අතුරින් එකකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට අනවසර පදිංචිකිරීමේ ප්රශ්න හැමතැනම (නි)
වලිසිංහ එක අහන්න දෙයක්ද ඒ ලෝකයේ ලොකු ව්යාපාර කරුවන් සහ බුද්දිමතුන් ජූස්ල නිසා. ඊශ්රායලය ත්රස්තවාදී වැඩ කලේ ලෝකේ කාටද. පලස්තීන ජාතිකයින් සමග ඔවුනට ප්රස්න තිබෙනවා නමුත් ලෝකෙට ඔවුන්ගෙන් ප්රසන නැත. (අ)
ඔයා අවුරුදු 60 කට එහා පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් බැලුවොත් වටහාගන්න පුළුවන් වේවි. එතකොට ඊශ්රායල් එකක් මේ ලෝකෙවත් නැහැල්ලු එතකොට හීබෘ ජාතිකයින් කොහෙද හිටියේ. බයිබලයේ සඳහන් වන මෝසස් මොන ජතිකයක්ද? අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ ඊශ්රායල්ය 1200 BCE. ඉතිහාසයක් තිබෙන බවයි. (අ)
හර්ෂෙ, ඔබ කරුණු අවබෝධතාවක් නැතුව කතා කරනවා. ඔයා අවුරුදු 60 කට එහා පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් බැලුවොත් වටහාගන්න පුළුවන් වේවි. එතකොට ඊශ්රායල් එකක් මේ ලෝකෙවත් නැහැ. (නි)
මේ දඩබ්බර ඊශ්රායලය කරන ත්රස්තවාදී වැඩ නවත්වන්න ලෝකෙට බැරි හැටි. ලෝකෙට ලොක්කා ඇමෙරිකාව ඔවුන්ට උදව් කරනවනේ (නි)
යුදෙව්වෝ කියන්නේ ඒගොල්ලොන්ට දෙවියෝ ලියලා දුන්නා කියලා ඔය ඊශ්රායලය. කවුරුහරි ඇවිල්ලා අපටත් දෙවියෝ ලංකාව ලියලා දුන්නා කිව්වොත් අපටත් අකුලාගෙන තමයි යන්න වෙන්නේ. මෙහෙම දෙවියෝ අපට දුන්නා කියාගෙන අනුන්ගේ ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචි වුණාම හොඳට හිටීවි. (නි)
ඔය ඊශ්රායලය ලෝකේ කවුරුවත්ම කියන දේ අහන්නේ නැතුව අනුන්ගේ ඉඩම් සහ ගෙවල් බලෙන් අල්ලාගෙන යනවා. ලෝකේ ඉන්න හැම රටකින්ම වගේ යුදෙව් ජාතිකයන් ගෙනල්ලා ඒවායේ පදිංචි කරනවා. අපේ රටත් මේ වගේ දෙයක් වේවිද දන්නේ නැහැ ඉන්දියාවේ එට්කා ගිවිසුම අත්සන් කළාම. (නි)
හර්ෂ, ඉතිහාසය දන්නේ නැත්නම් කාගෙන්හරි අහලා දැනගන්න. මේ ඊශ්රායලය පිහිටෙව්වේ 1948 ජර්මනියේ ඉදලා ආපු යුදෙව්වෝ ටිකක්. ඊට ඉස්සර පලස්තීනය මුස්ලිම් කිතුනු යුදෙව් තුන්ගොල්ලොම ජීවත්වුණා. යුරෝපයේ ඉන්න යුදෙව්වන්ට හිට්ලර් කරදර කරනවා කියලා මැදපෙරදිගට ගෙනවිත් දැම්මා. මේක හරියට ඇමරිකාවේ ඉන්න රතු ඉන්දියානුවන්ට ඇමරිකාව කරදර කරන නිසා ලංකාවට ගෙනවිත් දානවා වගේ වැඩක්. (නි)
ලෝකයේ ප්රභලම රටක පාර්ලිමේන්තුවේ හැටි මේ ඡායාරූපයෙන් දැකගන්නට හැක. එ්කටත් එක්ක... ලෝකයේ දුප්පත්ම, ණයබරින් මිරිකී සිටින, වංචා දුෂණය ඉහවහාගිය ජරාජීර්ණ වූ ශ්රී ලංකාව නම් දූපතේ මහා ගාම්භීර පාර්ලිමේන්තුවේ ඇති පහසුකම් කෙසේදැයි ඔබ හොඳින්ම දන්නවා ඇතිනේ. (නි)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විරුද්ධත්වය පවා ගණන්නොගත් උද්දච්ච ඊශ්රාලයේ ගමන නැවැත්වීමට මෙවන් යෝජනාවකින් පුලුවන් වෙයිද..? අනෙක, ලෝකෙට ලොක්කා වන ඇමෙරිකාවේ පුර්ණ සහයෝගයෙන් කටයුතු කරනා ඊශ්රාලය මොන වගේ අසාධාරණයක් කාට කළත් එය සාධාරණය කරන්න තරම් ඔවුන්ගේ අතකොලු මාධ්යයන් සැදී පැහැදී සිටිනවා කියනඑක තතුදත් උදවියට රහසක් නොවේ. (නි)
මෙයාල ඒ කාලේ අනුන්ගේ රටවල් වලට පැනලා අල්ලාගත් එකට වන්දි ගෙවන්නේ කවුද (නි)
මෙන්න පාර්ලිමේන්තුව තුල වාඩිවෙන ක්රමය. එ්කට අපේ දුප්පත් රටේ? ගෙදර ගෝනිය බිම එලාගෙන වාඩි වුණ අය පාර්ලිමේන්තුවට ඇවිත් සැප පුටුවල වැඩිවෙලා. (නි)
ඒ පාර මොවුනුත් අනික් මිනිසුන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න පටන් අරගෙන. එ් මිනිසුන්ගේ වැඩ ඒ මිනිස්සු බලාගනී. නුඹල නුඹලාගේ වැඩ බලාගන්න. (නි)
කලක් යනකොට ලංකාවට වෙන්නෙත් මේකම තමා. ඊශ්රායලයට අවුරුදු 4,000 ක ඉතිහාසයට හිමිකම් කියන මව්බිම වෙනත් අය අල්ලාගත්තා වගේ, අවුරුදු 2,000 ක ලක්බිමත් ඉන්දියානු ව්යාප්තවාදයට යටත්වේවි. (නි)
ඊශ්රායලය මෙහෙම කරන්න හේතුවක් තියෙනවා. ඊශ්රායලය වටේට ඉන්න රටවල් ඊශ්රායලයට පහර දී අල්ලාගැනීමට උත්සහකරද්දී ඊශ්රායලය කරන්නේ ප්රතිප්රහාර දීම විතරක් නොව පහරදුන් අයගේ රටවලින් කොටසක් අල්ලා ගන්න එක. මේ විදියට ප්රතිපත්තියක් නැතුව ඊශ්රායලය වැනි රටකට එන්න අමාරුයි. හේතුව වටේම ඉන්නේ හතුරු රටවල්. (නි)
මෙහෙම එ්වා අපේ රට වෙනුවෙනුත් අනුමත වෙන්න තිබුනා. මේවා අපිටත් එන්න තිබුණා. මහින්ද මහත්තයා නොහිටින්න එහෙම වෙන්නත් තිබුණා. ඊශ්රායල් රට අපේ රට වගේ තුනෙන් පංගුවක්. (නි)
ඔන්න දැනුයි ලෝකයේ නියම ත්රස්තවාදියා කවුද කියලා බය නැතුව ඉදිරිපත් වෙන්නේ. හේතුව? මොළේ තියෙන උදවියට අවබෝධ වේවා..... (නි)
එක්සත් ජාතීන්ගේ බලවත්ම පිරිස වන ආරක්ෂක මණ්ඩලය මේ තරම් ප්රබලව ඊශ්රායලයට විරුද්ධ වෙද්දීත් ඊශ්රායෙලය තමන්ට උවමනා දේ කරගෙන යනවා. ඒකෙ අනු මණ්ඩලයකින් බාගෙට ටිකක් වැඩියෙන් අපට විරුද්ධව යෝජනාවක් සම්මත කළත් අපි වෙවුලනවා. අපි ලෝකෙට ණයවෙලා වැඩි හින්දද? හිඟා කන්න නම් ලොකු රටවල හොඳ හිත තියාගන්න ඕනෑ හින්දද? (නි)