නියමුවන් රහිත ඩ්රෝන යානා යොදා ගනිමින් යේමන අල් කයිඩා සංවිධානයේ ප්රධාන පෙළේ නායකයකු මරා දැමීමට ඇමෙරිකා හමුදාව ඊයේ (7) සමත් විය. මරා දැමුණු ෆාද් අල් කූසෝ (37) අල් කයිඩා සංවිධානයේ ජ්යේෂ්ඨ නායකයෙකි. ඇමෙරිකා හමුදාව, ඔහු සොයා ඝාතන මෙහෙයුම ඇරැඹුවේ, යේමන ආරක්ෂක අංශ සමඟ එක්වෙමිනි. ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු පාදක කර ගනිමින් මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව ඇමෙරිකා රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අල් කූසෝ, ඉලක්ක කර ගනිමින් ඩ්රෝන යානා එල්ල කළ මිසයිල ප්රහාරයෙන්, තවත් අල් කයිඩා ජ්යේෂ්ඨ සාමාජිකයකු ද ජීවිතක්ෂයට පත් වී ඇතැයි යේමන රජය පවසයි. යේමනයේ කි්රයාත්මක අල් කයිඩා සංවිධානයට එරෙහි සටනේදී යේමන රජයට සහ ආරක්ෂක අංශවලට සහාය ලබා දෙන්නේ ඇමෙරිකාවය. 2000 වසරේදී, යේමන්යේ ඒඩන් වරායේ නැංගුරම් ලා තිබියදී ඇමෙරිකා නාවික හමුදාවට අයත්, යූ.එස්.එස්. කෝල් යුද නැවට බෝම්බ ප්රහාරයක් එල්ල කළේ ද අල් කූසෝය. එම ප්රහාරයෙන් ඇමෙරිකා නාවික සෙබළුන් 17 දෙනකු මියගිය අතර, 39 දෙනෙක් තුවාල ලැබූහ. එම ප්රහාරයෙන් පසු ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂණ ආයතනයේ ප්රධාන පෙළේ අපරාධකරුවන් අතරට ෆාද් අල් කූසෝගේ නම ද එක් කෙරුණි. ඇමෙරිකා රාජ්ය දෙපාර්තමේන්තුව, 37 හැවිරිදි ෆාද් අල් කූසෝගේ නම ලෝකයේ වඩාත් බිහිසුණු ත්රස්තවාදීන්ගේ ලැයිස්තුවට ද එක් කර තිබුණි. ඔහු මරා හෝ පණ පිටින් හෝ අල්ලා දෙන්නේ නම් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදල් තෑග්ගක් පිරිනමන බවට ද ඇමෙරිකාව ප්රකාශ කර තිබුණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයන් පෙලක් ඉන්නවා. ඇමරිකාවට කාලාන්තරයක් යයි.
මෙ ඇමරිකාවෙන් මරණයට පත්කරන හැමෝම නායකයෝ. සේවකයෝ නැද්ද ඔතන?
කවුද දන්නේ ඇමෙරිකාව කියන්නේ ඇත්තද කියලා.