කොරෝනා ව්‍යාප්තියත් සමඟ පාසල් වැසී යෑමත් සමඟ ඔන්ලයින් 'සූම්' තාක්ෂණය ඔස්සේ ලබාදෙන අධ්‍යාපනය තමන්ට පමණක් නොව තමන්ගේ වයසේ අනෙකුත් දරු දැරියන්ට පවා දරා ගැනීමට නොහැකි තරම් බර වැඩි යැයි පෙන්වා දෙමින්, ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ 6 හැවිරිදි දැරියක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට වීඩියෝ පණිවුඩයක් යොමු කර තිබේ.
වීඩියෝ පණිවුඩය අග්‍රාමාත්‍ය මෝදිට යොමු කිරීම සිදුවූයේ ජම්මු කාශ්මීර ආණ්ඩුකාර මනෝජ් සිංහා හරහාය. මේ වනවිට ඉන්දීය මාධ්‍ය හරහා එය ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
"ආයුබෝවන්, මෝදි සර්! මා පුංචි ගෑනු ළමයෙක්. වයස අවුරුදු හයයි. සූම් ඉගැන්වීම් ගැන මා යමක් පැහැදිලි කරන්න ඕනෑ. අපට ඉංග්‍රීසි, ගණිතය, උර්දු, පරිසර විද්‍යාව, පරිගණක තාක්ෂණය කියන මේ සේරම සූම් වීඩියෝවලින් උගන්වනවා. ඒක හොඳයි. ඒත් මේ පාඩම් පුංචි අපට බර වැඩියි. ඉහළ පංතිවල අයියලා අක්කලාට නම් ඒවා තේරෙනවා. ගෙදර වැඩත් ගොඩක් කරන්න ලැබෙනවා. ඒවා ඉවර කරගන්නවත් අපට බෑ. ගුරුවරුන් හුඟක් ගෙදර වැඩ දෙනවා. එක දිගට පැය ගණනක් වාඩි වෙලා ඉන්නත් අමාරුයි.'' යැයි දැරිය වීඩියෝ පණිවුඩය හරහා පැහැදිලි කරයි.
දැරිය අධ්‍යාපනය ලබන පාසල විසින් සූම් තාක්ෂණය ඔස්සේ දිනපතා උදේ 10 සිට 2 තෙක් ඉගැන්වීම් සිදු කරයි. දැරිය පෙන්වා දෙන ආකාරයට නිර්දේශිත විෂය නිර්දේශය පොඩි දරුවන්ට සංකීර්ණ වැඩිය.
දැරිය, අග්‍රාමාත්‍ය මෝදිගෙන් ඉල්ලා ඇත්තේ ඒ සම්බන්ධයෙන් මැදිහත් වී සොයා බැලිමක් කරන ලෙසය.
දැරියගේ මෙම වීඩියෝව නැරැඹූ මාපියන් පමණක් නොව, ගුරුවරුන් ද අදහස් දක්වමින් මාධ්‍ය හරහා පවසා ඇත්තේ පොඩි දරුවන්ගේ මනසට ගැලපෙන අයුරින් නව විෂය නිර්දේශ සැකැසිය යුතු බවත්, දැනට පවතින්නේ යල් පැන ගිය විෂය නිර්දේශ බවත්ය. ඉන්දීය අධ්‍යාපන කටයුතු අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් ජම්මු කාශ්මීර අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය.
නවදිල්ලියේදීය (හින්දුස්ථානී ටයිම්ස්)
2025 නොවැම්බර් මස 21
251
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
299
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
6 හැවිරිදි දැරියකගෙන් මෝදිට පැමිණිල්ලක්