IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


2021 වසරේ පුද්ගලයා ඉලොන් මස්ක්

ලෝ සුපතල ඇමෙරිකාවේ 'ටයිම්' සඟරාව, මෙම 2021 වසරේ ලොව වඩාත් කැපී පෙනෙන පුද්ගලයා ලෙස නම් කර ඇත්තේ, 'ටස්ලා' සහ 'ස්පේස් එක්ස්' යන සමාගම්වල හිමිකරු බිලියනපති ඉලොන් මස්ක්ය.

ඉලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ද වෙයි. ඒ, 'ඇමසන්' සමාගම පිහිටුවූ බිලියනපති ජෙෆ් බේසෝස් අභිබවා යමිනි.
ඇමෙරිකන් ජාතිකයකු මෙන්ම ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරිකයකු ද වන මස්ක්, උපතින් දකුණු අප්‍රිකානුවෙකි.

මස්ක් අනාගතය ගැන සිහින මවමින් ඒ සිහින සැබෑ කර ගැනීම උත්සාහ ගන්නා ධෛර්යවන්තයෙකි. මස්ක් අඟහරු සවාරියකට ද සූදානම් වෙයි. දිනෙක තමා අඟහරු බලා යන්නේ, යළි පෘථිවියට නොපැමිණීමට බවත්, තමාගේ අවසන් කටයුතු අඟහරු මත සිදුවනු ඇති බවත් මස්ක් අවස්ථා ගණනාවකදී පවසා ඇත.

50 හැවිරිදි මස්ක්ගේ වත්මක් ඉහළ යෑම සිදුවූයේ පසුගිය 'කොවිඩ් 19' වසංගත සමයේ යැයි 'ටයිම්' සඟරාව පවසයි. ඒ, 'ෆෝබ්ස්' ව්‍යාපාරික සඟරාව උපුටා දක්වමිනි. එම කාලයේ මක්ස්ගේ වත්කම් ඇමෙරිකන් ඩොලර් බිලියන 250 ක ඉහළ ගිය බව ද පැවැසෙයි. 

'ටෙස්ලා' යනු ඉලොන් මස්ක්ගේ මෝටර් රථ නිෂ්පාදන සමාගමය. අනාගතයට ගැලපෙන නවීන පන්නයේ පරිසර හිතකාමී මෝටර් රථ නිර්මාණයේ ප්‍රමුඛයා වන්නේ 'ටස්ලා' ය. රියදුරන් නොමැති මෝටර් රථ 'ටෙස්ලා' නිර්මාණය කරයි.

'ස්පේස් එක්ස්' යනු අභ්‍යවකාශ ගමන් බිමන් සිදු කරන සමාගමය. මේ වනවිට 'ස්පේස් එක්ස්' පෞද්ගලික ගගන සංචාර පවා ආරම්භ කර තිබේ. 'ස්පේස් එක්ස්' සමාගම ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ. නාසා ගගනගාමීන් සඳහා රොකට්ටු සහ කැප්සියුල නිර්මාණය කර ඇත්තේ ද 'ස්පේස් එක්ස්' සමාගමය.

'ටයිම්' සඟරාවේ කවරය මෙවර හැඩ ගැන්වී ඇත්තේ ද ඉලොන් මස්ක්ගේ රුවිනි. පසුගිය 2020 වසරේ ලොව කැපී පෙනෙන පුද්ගලයන් ලෙස 'ටයිම්' සඟරාව දෙදෙනකු නම් කළේය. ඒ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ උප ජනාධිපතිනී කමලා හැරිස්ය. 'ටයිම්' සඟරාව සෑම වසරකම ලොව කැපී පෙනෙන පුද්ගලයන් නම් කිරීම සිදු කරන්නේ, 1927 වසරේ සිටය.

(රොයිටර්)



අදහස් (0)

2021 වසරේ පුද්ගලයා ඉලොන් මස්ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site