දැනට ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස සැළකෙන ඇමරිකා ජාතික ජෙරලියන් ටෙලී පසුගියදා තම 116 වැනි උපන්දිනය සැමරුවාය.

ඇයගේ එකම දියණියගේ වයසද අවුරුදු 77 කි.තමාටත් වඩා හොද සිහිකල්පනාවක් තම මවට තිබෙන බව ඇය කියන්නීය.

වයස අවුරුදු සියය වන තෙක්ම ඉතාම කි‍්‍රයාශීලී දිවියක් ගතකළ ජෙරලියන් දැන් ජීවිතයේ සැදෑ සමයේ තවත් දුර පැමිණ ඇති නිසාදෝ විවේකීව සිටින්නීය. එසේ සිටීමටද ඇයගේ වැඩි කැමැත්තක් නැත.

ඇයගේ උපන්දිනය දා ඇමරිකා ජනපති බරක් ඔබාමාද ඇයට සුබපතමින් පණිවුඩයක් එවීමට කටයුතු කර තිබිණ.

මෙතරම් කල් ජීවත්වීමේ රහස කුමක්දැයි තමාගෙන් බොහෝ දෙනා විමසුවත් ඔවුන්ට දිය යුතු නිශ්චිත පිළිතුරක් තමන් ළග නොමැති බව ජෙරලියන් පවසන්නීය.

මට කියන්න තියෙන්නේ ඔබ අනෙක් අයගෙන් බලාපොරොත්තු වන සැලකිල්ලක් තිබෙනවානේ. ආන්න ඒ වගේ අනෙක් අයට සළකන්න. මට කියන්න රහසක් කියලා තියෙන්නේ ඔච්චරයි.ඇය කියන්නීය.