'ෆේස්බුක්' සමාජ මාධ්‍ය ජාලය තරුණ දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානිකර බවත්, සමාජයේ බෙදීම් ඇති කරන බවත් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බවත් 'ෆේස්බුක්' සමාගමේ නිලධාරිනියක ලෙස රැකියාව කළ ෆ්‍රාන්සෙස් හෝගන් ඇමෙරිකන් සෙනෙට් උප කමිටුවක් හමුවේ පැහැදිලි කර තිබේ.
'ෆේස්බුක්' සමාගමෙන් ඉවත් වීමෙන් පසු ෆ්‍රාන්සෙස් හෝගන් 'ෆේස්බුක්' සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පළමුවෙන් චෝදනා කළේ පසුගිය ඔක්තෝබර් 3 වැනිදා ඇමෙරිකන් පුවත් නාළිකාවක් ඔස්සේය. චෝදනා බරපතල බැවින්, ඇයට සෙනෙට් උල කමිටුවක් හමුවට ගොස් කරුණු දැක්වීමට සිදුවිය.
සෙනෙට් උප කමිටුව හමුවේ ෆ්‍රාන්සෙස් හෝගන් පෙන්වා දුන්නේ 'ෆේස්බුක්' සමාගමේ 'ෆ්ස්බුක්', 'ඉන්ටග්‍රෑම්' ඇතුළු සමාජ මාධ්‍ය නිසි නියාමනයක් යටතේ සිදුවිය යුතු බවත් ඇමෙරිකන් රජය ඊට මැදිහත් වී තීන්දු තීරණ ගැනීම කළ යුතු බවත්ය.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැයගේ ප්‍රකාශය හරියටම හරි