ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි පොස්පේට් නිෂ්පාදනාගරයක ඇති වූ අභ්‍යන්තර කුහරයක් හේතුවෙන් විකිරනශීලි ජලය එම ප්‍රදේශයේ භූගත ජලය හා මිශ්‍ර වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
එම කුහරය ඇති වී තිබෙන්නේ නිෂ්පාදනාගාරයේ අපද්‍රව්‍ය ජලය ගබඩාව ආශ්‍රිතව වීම හේතුවෙන් තත්වය තවත් දරුණු වී ඇත.කෙසේ වෙතත් එමගින් මහජනයාට හානියක් නොමැති බවත් එම ජලය සාමාන්‍ය ජල පද්ධති හා මිශ්‍ර නොවනු ඇති බවත් සමාගම පවසයි. බිය වීමට හේතුවක් නැති බවද එහි බලධාරීහු පවසති.
සති තුනක් තිස්සේ මෙවන් ව්‍යසනයක් රහසේ තබාගත් එම සමාගමේ කිසුදු ප්‍රකාශයක් විශවාස කළ නොහැකි බව පරිසරවේදීහු පවසති. අඩි 45ක විශ්කම්භයකින් යුත් එම කුහරය සොයාගෙන තිබෙන්නේ අගෝස්තු 27 වනදා බව සදහන් වේ.නමුත් එය ප්‍රසිද්ධියට පත් කර තිබෙන්නේ ඊට සති තුනකට පසුවයි. මේ වන විට එම අපජලය නළ හරහා ඉවත් කරමිනි සිටින බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd