දශක පහක් තිස්සේ කොලොම්බියා රජය සමඟ සටන් වැද සිටින ෆාක් ගරිල්ලන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් යැයි එරට ජනපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් පවසයි. සැන්ටෝස් මේ බව කියා සිටියේ ඊයේ (28) ජනපති මන්දිරයේ සිට ජනතාව අමතමිනි. ගරිල්ලා සටන්කාමීන් සමඟ මීට පෙර අවස්ථා ගණනාවකදී ද කොලොම්බියා නායකයෝ සාම සාකච්ඡා පැවැත්වීමට උත්සහ කළද ඒවා අසාර්ථක විය. ජනපති සැන්ටෝස් පවසන්නේ පසුගිය ජනපතිවරුන් ගත් වැරදි තීරණ නිසා ගරිල්ලන් සහ රජය අතර පැවැති අර්බුදය දිග්ගැස්සුණු බවය. එම වැරදි නිවැරදි කරමින් සාම සාකච්ඡා ආරම්භ කෙරෙන බවත් ෆාක් ගරිල්ලා සංවිධානයෙන් ද ඊට කැමැත්ත පළ වී ඇති බවත් ජනපති සැන්ටෝස් වැඩිදුරටත් කියා සිටී. ගරිල්ලන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ජනපති සැන්ටෝස් තීරණය කළේ අසල්වැසි ලතින් ඇමෙරිකා නායකයන් වන වෙනිසියුලා නායක හියුගෝ චාවේස් සහ කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ හමුවී ඒ ගැන සාකච්ඡා කිරීමෙන් ද පසුවය.
2025 දෙසැම්බර් මස 04
600
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
512
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෆාර්ක් ගරිල්ලන් එක්ක සාම කතා පවත්වනවා
දමිත් Wednesday, 29 August 2012 01:49 PM
හොඳ තීරණයක් .මුළු ලෝකයටම සාමය උදා වේවා !!.(ස)