ෆානි සුළි කුණාටුවෙන් අද(03) ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ තිදෙනෙකු මියගොස් බොහෝ දේපල හානි සිදුවී ඇතැයි වාර්තා වේ.
 
පැයට කිලෝමීටර් 200ක වේගයෙන් සුළං හමාගිය බව කාලගුණ අංශ සඳහන් කරයි. 
 
නැගෙනහිර ඔරිස්සා ප්‍රාන්තයේ මිලියනයක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇත.
 
ගුවන් සේවා, දුම්රිය ගමනා ගමනය ඇතුළු සියලු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇත.
 
ඔරිස්සා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 15කට සුළි සුළං බලපැවැත්වෙනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවා තිබේ. 
 
ඔරිස්සා ඉන්දියාවේ දරිද්‍රතාව වැඩිම ප්‍රාන්තයයි.
 
ඉරිදා(05) වනවිට සුළි කුණාටුව දුර්වල වනු ඇතැයි කාලගුණ අංශ පවසයි.
 
(බීබීසී ඇසුරිනි - 085)