IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ෆින්ලන්ත අගමැති අනූනවයෙන් බේරේ

ෆින්ලන්ත අගමැති ජරිකී කටයිනන් පෙරේදා (22) එරට ටුරූකු නගරයේ දී එක්තරා පුද්ගලයකුගේ පිහි ප‍්‍රහාරයකින් අනූ නවයෙන් දිවි ගලවා ගත්තේය. අගමැතිවරයා එම සිද්ධියට මුහුණ දුන්නේ ලබන ඉරිදාට යෙදෙන නගරසභා මැතිවරණයේ ඡන්ද කටයුතුවල නියැළී සිටියදීය. අගමැතිවරයා ජනතාව හමුවෙද්දී හිටිහැටියේම පිහියක් අතින් ගත් තැනැත්තකු ඔහුට පහර දීමට පැමිණි බවත් ආරක්ෂක අංශ වහා මැදිහත් වී එම පුද්ගලයා යටත් කර ගත් බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. අගමැතිවරයාට එසේ පහර දීමට තැත් කළේ ඇයි ද යන්න පිළිබඳ දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි. සිදුවීමෙන් පසුව ද අගමැතිවරයා ජනතාව හමුවී ඡන්ද කටයුතුවල නියැළුණු බව වාර්තා විය. 41 හැවිරිදි අගමැති ජරිකී කටයිනන් එරට ජාතික සන්ධාන පක්ෂයේ නායකයා ද වෙයි. ඔහු යුරෝපාවාදියකු වන අතර ඉතා ජනපි‍්‍රය නායකයෙකි. ලබන ඉරිදා පැවැත්වෙන නාගරික මැතිවරණයෙන් ජරිකී කටයිනන්ගේ පක්ෂයට විශිෂ්ට ජයක් හිමි වනු ඇති බව ජනමත සමීක්ෂණවලින් ද හෙළි වී තිබේ.



අදහස් (0)

ෆින්ලන්ත අගමැති අනූනවයෙන් බේරේ

වරුණ Wednesday, 24 October 2012 01:55 PM

එහෙම බලද්දී ලංකාව දියුණූයිනේ. ලංකාවෙ ඇමති පුත්තුන්ටත් බොඩිගාඩ්ලා. (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 24 October 2012 08:59 PM

ෆින්ලන්ත අගමැති පින් කරලා තියෙනවා. (නි)

:       0       0

හසන්ති Thursday, 25 October 2012 01:12 AM

ඇත්තමයි

:       0       0

සුනිල් Thursday, 25 October 2012 09:04 AM

ඇයි එයාලා තවමත් 17 වැනි ශතවර්ෂයේ සිටින්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site