ළමුන් 276ක් අපයෝජනය කළ බවට වරද පිළිගත් කොළොම්බියානු ජාතිකයකුට එරට අධිකරණය විසින් 60 වසරක සිර දඬුවමක් නියම කර ඇත.
ජුවාන් කාලෝස් නම් වන මෙම සැකකරු 2007 -2008 කාලය තුළ මෙම අපරාධ සිදුකර ඇතැයි එරට මාධ්‍ය වාර්ථා කරයි.
අපයෝජනයට ලක් වූ ළමුන්ගේ ඡායාරූප සහ වීඩියෝපට ඔහු අන්තර්ජාලයට නිකුත් කර තිබිණි.
ව්‍යාජ හැඳුනුම්පතක්ද සමඟින් වෙනිසියුලාවේ මැරකයිබෝ නුවරදී පසුගිය වසරේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.
මොහු අපයෝජනය කළ ළමුන්ව අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගනිමින් ඔවුන් බියකර මුදල් ලබාගෙන ඇතැයි නීතීඥවරු වැඩිදුරටත් පවසති.
(බී බී සී ඇසුරිනි)
16844

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.