සමඟි රජයක් පිහිටුවීමට එකමුතු වෙන්නැයි ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලයේ නායක මොහොමඞ් ජිබ්රිල් ඊයේ (9) එරට දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළේය. ලිබියාවේ ඉකුත් 7 වැනිදා මැතිවරණයක් පැවැත් වුණු අතර ඊට දේශපාලන පක්ෂ 150 ක් සහ අපේක්ෂකයෝ 3.700 දෙනෙක් සහභාගී වූහ. ලිබියාවේ වසර 60 කට පසු පැවැත්වුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණය වන්නේ ද මෙයයි. නිල නොවන ඡුන්ද ප‍්‍රතිඵල අනුව  මැතිවරණයට ඉදිරිපත් වූ ඉස්ලාමීය දේශපාලන පක්ෂ නියෝජනය කළ අපේක්ෂකයෝ මේ වනවිට ඉදිරියට පැමිණ සිටි බව වාර්තා වේ. මැතිවරණයෙන් මන්තී‍්‍රවරුන් 200 දෙනකුගෙන් යුත් මන්ත‍්‍රණ සභාවක් තෝරාගෙන අගමැතිවරයකු පත් කිරීමට නියමිතය. එමගින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැණෙන අතර 2013 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වීමටත් ද නියමිතය.