ජනපි‍්‍රය හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක, බි‍්‍රතාන්‍ය ජාතික 68 හැවිරිදි ටෝනී ස්කොට් දිවි හානි කරගෙන ඇතැයි ලොස් ඇන්ජලීස් පොලිසිය පවසයි.
ස්කොට් දිවි හානිකරගෙන ඇත්තේ පෙරේදා සවස 4.30 ට පමණ ලොස් ඇන්ජලීස් නුවර පාලමකින් පැනීමෙනි.
පැය කිහිපයක සෙවිල්ලකින් පසු ස්කොට්ගේ සිරුර සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
ස්කොට්, ලෝ පුරා ජනපි‍්‍රය වූයේ 1986 වසරේ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ‘ටොප් ගන්’ චිත‍්‍රපටයෙනි.
ඇමෙරිකානු ප‍්‍රහාරක ගුවන් නියමුවකු ගැන කියැවෙන එම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපණය කළේ ජනපි‍්‍රය හොලිවුඞ් නළු ටොම් කෲස්ය.
ඊට අමතරව ස්කොට් අධ්‍යක්ෂණය කළ ‘බෙවර්ලි හිල්ස් 2’, ‘එනමි ඔෆ් ද ස්ටේට්’, ‘කි‍්‍රම්සන් ටයිඞ්’ සහ ‘අන්ස්ටොපබල්’ වැනි කි‍්‍රයාදාම චිත‍්‍රපටය ද අතිශයින් ජනපි‍්‍රය විය. ටෝනී ස්කොට් තවත් ජනපි‍්‍රය මෙන්ම සම්මානනීය හොලිවුඞ් අධ්‍යක්ෂකවරයකු වන රිඞ්ලි ස්කොට්ගේ බාල සොහොයුරාය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එහෙම දෙයක් කර ගත්තේ? (නි)
"ඇක්ට්" එකක් පුහුණු වෙනකොට වරදින්න ඇති. (නි)
අයියෝ මේ වහේ අය (දී)