කාර්යබහුල එඩින්බර්ග් නගරයේදී නොසැලකිලිමත් රියැදුරෙකු විසින් පැයට සැතපුම් 35 ක වෙගයෙන් තම මෝටර් රථය පදවන අතරතුර ඔහුගේ උදේ ආහාරය වශයෙන් ධාන්‍ය වර්ගයකට කිරි දමා එය උකුල මත තබා ගෙන ආහාරයට ගෙන ඇත.
මෙහි විශේෂම සිදුවීම වන්නේ මෙම සියලුම සිදුවීම් දාමය කැමරාවක් සහිත හෙල්මටයක් පැලදගිය සය්කල්කරුවකුගේ කැමරාවේ සටහන් වීමයි. ඔහු එම විඩියෝ දර්ශනය යූ ටියුබ්හි පලකර ඇති අතර ඉන්පසුව මෝටර් රථ රියදුරාද එය දැක පුදුමයට පත්ව ඇත.
රියැදුරාගේ වාසනාවට තවමත් පොලිසිය එම විඩීයෝව දැක නැතැයි කියති. නැතිනම් ඔහුට යූරෝ 1000 ක (රුපියල් 182920) දඩයක් හිමිවනු ඇත.
(ඩේලි මේල් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද ලංකාවේ ජංගම දුරකථන කනේ ගහගෙන වාහන පදවන අය වැහි වැහැලා.තව හෙල්මට් එක අස්සෙන් දුරකථනය ගහගෙන යන අයත් ඕනේ තරම්. (ස)
නීතී සිය ගාණක් තිබුනත් වැඩක් නැහැ යුක්ති ගරුකව ජනතාව වැඩ කිරීමට පුරුදු වෙන්නේ නැත්නම්.හැම රටේම ඉන්නවා වගකීමකින් තරව වැඩ කර තමුන්වත් අනුන්වවත් අමාරුවේ දමන අය. (ස)
මේ වේගය නම් එතරම් ගානක් නැහැ. ඕස්ට්‍රේලියාවේ මේ වගේ කෙනෙක්ව අහුවුනා ,වේගය පැයට කිලෝ මීටර් 110 යි. කකුල් දෙකම ඩෑෂ් බෝඩ් එක උඩ. ලොකු දඩයකුත් කාල, රියදුරු බලපත්‍රයත් සැහෙන කාලයකට නැති කර ගත්තා. (ස)
එතකොට බයිසිකල්කරු කරේ හරි වැඩක්ද? බයිසිකලේ පදින ගමන් ෆෝන් එකෙන් වීඩියෝ කරපු එක. (ස)
වයර් කනේ ගහ ගෙන සිංදු අහ අහ ඩ්‍රයිව් කරන අය කොළඹ පාරවල් වලත් ඉන්නවා. ගොඩක් අය ඉස් ඉසෙල්ලාම වාහනයක් ගත්ත අය කියලා පේනවා. හෝන් ගැහුවට ඇහෙන්නෙත් නෑ.පාරෙ කෙලින් යන්න තේරෙන්නෙත් නෑ. අහිංසකයො තමා අමාරුවෙ වැටෙන්නෙ. (ස)
කැමරාවක් සහිත හෙල්මට් එකක්ලු නේද එය දාගෙන ඉඳලා තියෙන්නේ.කොහොම වුණත් පැපරාසියෙක් වගේනේ? (නි)
සම්, මා ළගත් තිබෙනවා ඔය කැමරාව.හෙල්මට් එකට සවි කරන්න පුළුවන්. ෆෝන් එකෙන් වීඩියෝ කරලා නැහැ. (නි)
ලක්ෂ්මන් ,මෙයා පැපරාසියෙක් නොවෙයි. මේ වාගේ කැමරා වලට කියනවා [ඇක්සිඩන්ට් කෑම්, වෙහිකල් රෙකෝඩර් ] කියලා. වාහන වල වින්ඩ්ස්ක්‍රීනයටත් මේවා සවි කරන්න පුළුවන්. සමහර කැමරා එනවා තනි ලෙන්ස් එක, සමහර ඒවා එනවා ලෙන්සස් දෙක. මේ ලෙන්සස් ඕනෑම අතකට හැරවිය හැකියි. යම් කිසි අනතුරක් සිදු වුවහොත් රියදුරාගේ නිර්දෝෂීභාවය ඔප්පු කීරීමට හෝ එතන සිදුවූ අනතුර සම්බන්ධයෙන් සාක්ෂියක් හැටියට මේ පටිගත කීරීම පොලිසියට හෝ උසාවියකට ඉදිරිපත් කළ හැකියි. වාහන හිමිකරුවන් මෙවැනි කැමරා සවි කීරීම අදට ඉතා කාලෝචිත දෙයක් බව මාගේ හැගීමයි. නමුත් ගණන නම් ටිකක් වැඩි ඇති. (නි)