මෝටර් රථයක වීදුරුව බිඳ දැමීමට එයට ගල් පහරක් එල්ල කළ විට නොසිතූ පරිදි එම ගල වීදුරුවේ වැදී පොලා පැන නළලේ වැදීම නිසා සිහිසුන්ව තමන් සොරකම් කිරීමට ගිය මෝටර් රථය අසලම වැටී සිටි සොරෙකු අල්ලාගැනීමට අයර්ලන්ත පොලිසිය සමත්විය.
අවන්හලක් අසළ නවතා තිබූ මෝටර් රථයේ හිමිකරුවන් පිටතට පැමිණ විත් බලන විට තම මෝටර් රථය අසළ පුද්ගලයෙකු වැටී සිටින බව දැක තිබෙන අතර ඔවුන් සිතා ඇත්තේ ඔහු මාර්ගයේ යන්නට ඇති වෙනත් වාහනයක ගැටී අනතුරකට පත්ව සිටින්නෙක් බවය.
ඒ අනුව ඔවුන් එම පුද්ගලයා අසළට ගොස් සුවදුක් විචාරා ඔහුව තම මෝටර් රථයේම නංවාගෙන රෝහල වෙත ගෙනයෑමට ඉදිරිපත් ව ඇත.මෝටර් රථයට කිසිවෙකු පහරදී ඇති බව ඔවුන් දැක ඇත්තේ එසේ කියා මෝටර් රථය වෙත සොරාව රැුගෙන යන විටය.
වහාම පොලිසිය දැනුම්වත් කළ මෝටර් රථයේ හිමිකරුවෝ ඔවුන් පැමිණි විට සිදුවී ඇති දෙය ඔවුන් හා පැවසූහ.
පොලිසිය අසළ ගොඩනැගිල්ලක වූ ආරක්ෂක කැමරාවක වීඩියෝ පටය තමන් භාරයට ගත් අතර එයින් මෙම ගැටලූවට විසදුමක් සොයාගැනීම ඔවුන්ගේ අරමුණ විය.
වීඩියෝ පටය නැරඹීමේදී සැබෑවටම සිදුව ඇත්තේ කුමක්දැයි අනාවරණය වුනි.
පළමු වර සොරා පැමිණ කුඩා ගල්කැටයකින් වීදුරුව බිද දැමිීමට තැත් කරන අතර එය අසාර්ථක වීමෙන් පසු තිරයෙන් මොහොතකට නොපෙනී යන ඔහු නැවත මතුවන්නේ ගඩොල් කැටයක්ද අතැතිවය.
ඔහු එම ගඩොල් කැටය වෙර යොදා වීදුරුව වෙත විසිකරන අයුරු වීඩියෝවේ සටහන්ව තිබේ. හොඳම දෙය වන්නේ ඉන්පසුවය.
විසිකළ ගඩොල් කැටය පොලා පැන ඔහු වෙතම පැමිණෙන්නේ නොසිතූ පරිදිය.වේගයෙන් ඔහුගේ නළලේ වදින ගඩොල් කැටය ඔහුව බිම හෙළන්නේ කපාහෙලූ ගසක් පරිද්දෙනි.
සොරාගේ නළලට තුවාළ සිදුවී තිබුණි.ප‍්‍රතිකාර වලින් පසු ඔහුට එරෙහි පියවර ගන්නා බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරාගේ ගල බූමරංගයක් වේ