IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හයිද්‍රාබාද් නුවර මුඩුක්කුවක මහා ගින්නකින් 7 ක් මරුට

ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර මුඩුක්කු සංකීර්ණයක පෙරේදා (18) හදිසියේ හටගත් මහා ගින්නකින් පුද්ගලයන් හත් දෙනකු මියගිය අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ගින්න හටගත්තේ හයිද්‍රාබාද් නුවර සිට කිලෝ මීටර් 30 ක් දුරින් පිහිටි මුඩුක්කුවකය. මුඩුක්කුවේ තාවකාලිකව අටවා ගත් පැල්පත්වල ජීවත් වූයේ බිහාර්, බටහිර බෙංගාලය, ආන්ද්‍රා ප‍්‍රදේශ් ආදී ප‍්‍රාන්තවල ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ය. ගින්න ඉක්මනින් පැතිර ගිය බවත් එය නිවා දැමීමට ගිනි නිවන හමුදාව දැඩි පරිශ‍්‍රමයක් දැරූ බවත් ඉන්දීය එන්.ඞී.ටී. පුවත් සේවා වාර්තා කරයි. ගින්න හටගත් අවස්ථාවේදී ගිනි නිවන හමුදා භටයන් පැමිණීමට පෙර ගින්න නිවා දැමීමට උත්සාහ කළ පිරිස් ගින්නට හසුවී බරපතළ ලෙස තුවාල ලැබූ අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කර ඇත. මියගිය අය අතර කුඩා දරුවන් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සිටින බව පොලිසිය පවසයි. පිළිස්සුම් තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි. ගෑස් කාන්දුවක් නිසා ගින්න හට ගෙන ඇතැයි සිදුකළ පරීක්ෂණවලින් හෙලි වූ බව ගිනි නිවන භටයෝ පවසති. ගින්නට බිලිවූ දරුවන්ගේ වියෝව දරාගත නොහැකිව වැළපෙන මවක්



අදහස් (0)

හයිද්‍රාබාද් නුවර මුඩුක්කුවක මහා ගින්නකින් 7 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 207 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site