හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කීප දෙනකු අත්අඩංගුවට ගත් බවත්, ඝාතනයේ මහ මොළකරු සොයා දිගටම පොලිස් පරීක්ෂණ පවත්වන බවත් හයිටි පොලිස්පති ලියොන් චාල්ස් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.
හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනය කෙරුණේ පෙරේදා 7 වැනිදාය. වෙඩි ප්‍රහාරයට ලක් වෙද්දී, ජනාධිපතිවරයා පෝට් ඕ ප්‍රින්ස් අගනුවර සිය පෞද්ගලික නිවසේ රැඳී සිටියේය.
ඝාතකයන් කණ්ඩායම පිකප් රියකින් ජනාධිපතිනිවසට පැමිණි බවත්, ඔවුන් ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ බස කතා කරන පුද්ගලයන් බවත් තහවුරු වී තිබේ. කළු ඇඳුමින් සැරසී සිටි ඔවුන් ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන ඩී.ඒ.ඊ කාර්යාංශයේ ඒජන්තවරුන් යැයි බැලූ බැල්මට පෙනී යන බව හයිටි පොලිස් වාර්තා උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබේ. හයිටියේ ඇමෙරිකන් තානාපති බොචිට් එඩ්මොන්ඩ් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ඝාතකයන්, ඇමෙරිකන් ඩී.ඒ.ඊ ඒජන්තවරුන් මෙන් පෙනී සිටීමට උත්සාහ ගෙන ඇතැයි පෙනී යන බවය.
ඊයේ (8) සිදු කළ වැඩලීමකින්, ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනයට සම්බන්ධ යැයි සැක කළ සය දෙනකු පොලිසිය විසින් කොටු කර ගන්නා ලදී. එම අවස්ථාවේදී, සැකකරුවන් සහ පොලිසිය අතර දරුණු අවි ගැටුමක් හටගත් අතර, ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකිවූයේ සැකකරුවන් දෙදෙනකු පමණි.
එම සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු තවත් සැකකරුවන් සය දෙනකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ බව පැවැසෙයි. එම පිරිස අත්අඩංගුවට ගැනීමට හයිටි වැසියන්ගේ සහාය හිමිවුණු බව ද පැවැසෙයි. අත්අඩංගුවේ සිටින සියලු දෙනා විදේශිකයන් බවත් ඇමෙරිකන් පුරවැසියන් බවත් පොලිසිපතිවරයා වැඩිදුරටත් කියා සිටී. ඔවුන් කුලී හේවායන් කණ්ඩායමක සාමාජිකයන් යැයි තමන් සැක කරන බව ද පොලිස්පති ලියොන් චාල්ස් පැහැදිලි කර තිබේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව කිසිවක් පවසා නැත. ජොවෙනෙල් මොයිස් ඝාතනය වූ අවස්ථාවේදී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එම ඝාතනය පිළිකුලෙන් යුතුව හෙලා දැකීමට කටයුතු කළේය. හයිටි රාජ්‍යයේ සිදුවුණේ කුමක්දැයි තමන් සොයා බලන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා පැවැසුවේය.
2017 වසරේ ජනාධිපති ධුරයට පත් වුණු ජොවෙනෙල් මොයිස්, 2018 වසරේ දී බලතල අයථා ලෙස භාවිත කරමින්, විශේෂ නියෝගයක් හරහා දිගටම බලයේ රැදී සිටීමට කටයුතු කළේය. මෙය හයිටි විපක්ෂයේත්, එරට ජනතාවගේත් දැඩි විරෝධයටත් අප්‍රසාදයටත් හේතුවක් විය. ජනාධිපතිවරයා ඝාතනය වූ පසුගිය 7 වැනිදා ද රට පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වුණේ මේ නිසාය. විපක්ෂ කණ්ඩායම් තමන් ඝාතනය කිරිමට උත්සාහ ගන්නා බව ජොවෙනෙල් මොයිස් පසුගිය පෙබරවාරියේ චෝදනා කර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි ඝාතනයේ මහ මොළකරු යැයි සිතිය හැකි පුද්ගලයන් ගැන තොරතුරු ලැබී ඇති බවත්, එම පුද්ගලයන් සොයා මේ වනවිටත් මෙහෙයුම් සිදු කරන බවත් පොලිසිපතිවරයා තමන් සමඟ පවසා ඇතැයි රටේ පාලනය බාරගත් අන්තර්වාර අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජොසෙප් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
පෝට් ඕ ප්‍රින්ස් (රොයිටර්)
2025 නොවැම්බර් මස 21
19
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
136
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
982
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හයිටි ජනපති ඝාතනයේ මහ මොළකරු නිදැල්ලේ
බද්රානි Saturday, 10 July 2021 02:17 PM
එයාට මගේ ගෞරවනීය ප්‍රණාමය!! ඔබ වැනි උතුම් නිර්භීත වීරයින් ලංකාවෙත් බහුලව බිහි වේවා!!!