IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘හමුදා ඉරාකයේ ස්ථාපිත කරන්න ට්‍රම්ප් අවසර ඉල්ලුවේ නෑ’

ඉරානය කරන්නේ කුමක්දැයි බැලීම සඳහා ඇමෙරිකානු හමුදා ඉරාකයේ ස්ථාපිත කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාකයෙන් අවසර ඉල්ලුවේ නැතැයි එරට ජනාධිපති බර්හාම් සාලිහ් මහතා පැවැසීය. 
 
බැග්ඩෑඩ් නුවර පැවැති සමුළුවක් අමතමින් ඉරාක ජනාධිපතිවරයා ඒ බව කීවේය. ඉරානය කරන්නේ මොනවාදැයි අවධානයෙන් සිටීම සඳහා ඉරාකයෙන් අවසර ඉල්ලීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පැවැසීය. 
 
ඇමෙරිකාවේ සී.බී.එස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්  ජනාධිපති ට්‍රම්ප් එම කරුණු පැවැසීය. ඇමෙරිකා ජනාධිපතිවරයා පළ කළ අදහස් උපුටා දක්වමින් මාධ්‍යවේදීන් ඉරාක ජනාධිපතිවරයාට ප්‍රශ්න යොමු කළේය.
 
එම ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඉරාක ජනාධිපතිවරයා ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් එවැනි ඉල්ලීමක් කර නැතැයි කීවේය. 
 
ඇමෙරිකාව සහ ඉරාකය අතර අත්සන් තැබූ ගිවිසුමකට අනුව ඇමෙරිකානු හමුදා ඉරාකයේ රැඳී සිටී. ඇමෙරිකානු හමුදා ඉරාකයේ රැඳී සිටින්නේ ත්‍රස්තවාදයට එරෙහිව දියත් කර තිබෙන විශේෂ මෙහෙයුම්වලට සහාය දැක්වීමට යැයි ඔවුන් එම කටයුතුවලට පමණක් අවධානය යොමු කළ යුතු යැයි ද ඉරාක ජනාධිපතිවරයා කීවේය.
 
ඉරාකයේ ඇමෙරිකානු හමුදා ස්ථාපිත කිරීම වැදගත් යැයි එමගින් ඉරානය කරන්නේ මොනවාදැයි  සමීපව බලා සිටිය හැකි යැයි ද ජනාධිපති ට්‍රම්ප් කීය. එමෙන්ම ඉරානය සත්‍ය වශයෙන් ම ප්‍රශ්නයක් යැයි ද ට්‍රම්ප් කීවේය. 
 
“ඔවුන්ගේ ප්‍රශ්නවලින් ඉරාකය අවුල් කරන්න එපා. ඇමෙරිකාව සුපිරි බලවතෙක්. එහෙත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවලට මෙහි ඉඩක් නැහැ. අපි මෙහේ ජීවත් වෙනවා” යැයි ඉරාක ජනාධිපති සාලිහ් කීය. 
 
ඇමෙරිකාව සහ ඉරානය ඉරාකයේ විශාලතම මිත්‍ර රටවල් දෙක වන අතර ඉරානය සහ ඇමෙරිකාව අතර බල අරගලයට ඉරාකය මැදිව සිටී. 
 
“ඉරාකය විදියට අසල්වාසීන් සමඟ අපි හොඳ සබඳතා පවත්වා ගන්න ඕනේ. ඉරානය අපේ අසල්වැසියා. අපි ඉරානය සමඟ හොඳ සබඳතා පවත්වාගෙන යනවා” යැයි ඉරාක ජනාධිපතිවරයා තවදුරටත් කීවේය. 
 
ඒ.එෆ්.පී. ඇසුරිනි
 
055



අදහස් (0)

‘හමුදා ඉරාකයේ ස්ථාපිත කරන්න ට්‍රම්ප් අවසර ඉල්ලුවේ නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site