සඳ මත ශාඛ වගා කළ හැකි පරිසරයක් පවතින්නේදැයි සොයාබැලීමට ඇමෙරිකාවේ ජාතික දෘෂ්ටාකාශ (නාසා) ආයතනය සැළසුම් සකස් කරයි.

සැළසුමට අනුව කුඩා ප්ලාස්ටික් කුටීරයක වගා කරන ලද පැළෑටි කිහිපයක් සඳමත රැඳවීමට නියමිතය.අනතුරු සඳේ විකිරණශීලී පරිසරය,පෘථිවියට වඩා දස ගුණයකින් පමණ අඩු වන ගුරුත්වය යටතේ එම පැළෑටි කෙසේ වැඬේදැයි නීරීක්ෂණය කෙරෙනු ඇත.

පැළෑටි නොනැසී පවතින කාල සීමාව අනුව සඳ මත පරිසරය ගැන අදහසක් ඇති කර ගැනීමට විද්‍යාඥයින්ට හැකි වෙතියි  සදහන්ය.එය අනුව ඉදිරියට කුමන පියවරයන් ගත යුතුදැයි තීරණය කිරීමට ඔවුනට අවස්ථාව ලැබෙනු ඇත.

 මිනිසුන් සේම ශාඛා ද පරිසර තත්ත්වයන්ට සංවේදී වන බැවින් සද මත ශාඛ වැවීමට හැකි වුවහොත් සාර්ථක ලෙස මිනිස් ජනාවාස පිහිටුවීමටත් හැකි වනු ඇති බව විද්‍යාඥයින් කියයි.

නාසා ආයතනයේ මෙම වැඩසටහන 2015 වසරේදී කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.