IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හිට්ලර්ගේ කෑම කත පොතක් ලියයි

හිට්ලර්ගේ ආහාර පරීක්ෂිකාවක ලෙස සේවය කළ කාන්තාවක් තම ජීවන පුවත ලොවට හෙළිකර ඇත්තීය.

මාර්ගොට් වොල්ක් නම් වන ඇය දැන් 96 හැවිරිදිය.හිට්ලර්ට සැපයූ ආහාර පරීක්ෂා කිරීමට තමන් ඇතුලූ කාන්තාවන් කණ්ඩායමක් සිටි බවත් තමන් හැරෙන්නට අනෙක් අය සියල්ලෝ බර්ලිනය අත්පත් කරගත් රතු හමුදාවන් අතින් ඝාතනය වූ බවත් ඇය පවසන්නීය.

මාර්ගොට් වොක් ඇතුලූ කණ්ඩායමට පැවැරී තිබී ඇති රාජකාරියව ඇත්තේ ඇඩොල්ෆ් හිට්ලර්ට සැපැයුනු ආහාර ඔහු අනුභව කිරීමට ප්‍රථමයෙන් අනුභව කර බැලීමයි.

‘‘අපි ආහාර ගන්නේ පුදුම බයකින්.පස්සේ ආහාර ගෙන අවසන් වෙලා අපට කිසි හානියක් වෙලා නැහැ කියලා දැනගත්තම අපි මහහඩින් බෙරිහන් දීලා අඩනවා ජීවිතය ගැලවිච්ච සතුටට.‘‘ඇය කියන්නීය.

මෙවන් කණ්ඩායමක් හිට්ලර් වෙනුවෙන් පිහිටුවීමට හේතුව වී තිබුණේ දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගයේදී ආඥාදායකයා මරණයට පත්කිරිමට වඩා සූක්ෂම ක්‍රම භාවිතයට සතුරා පෙළඹීමයි.ආහාර වලට වස දමා එවිය හැකි වීම ඉන් එක් ක්‍රමයක් ලෙස බර්ලින් බළධාරින් හඳුනාගත් අතර මාර්ගොට් ඇතුලූ ආහාර පරීක්ෂණ කණ්ඩායම පිහිටැවුනේ ඒ අනුවය.

‘‘ඔහු නිර්මාංශ භක්ෂකයෙක්.මස් මාලූ අනුභව කළේ නැහැ.ඒ නිසා අපිට ලැබුණේ සලාද,නූඩ්ල්ස් වැනි ආහාර.අපි ඒවා කා බලනවා.ඒවායින් අපට හානියක් වුනේ නැත්නම් තමයි ඔහුට ඒවා යැවෙන්නේ‘‘ මාර්ගොට් පවසන්නීය.

දෙවන ලෝක යුද්ධය නොපිටට පෙරැලෙන්නට පටන් ගැනීමත් සමග හිට්ලර් ‘‘වෘක අඩවිය‘‘ ‘‘වුල්ෆ්ස් ලෙයාර්‘‘ ලෙස හැදින්වෙන භූගත බංකර සංකීර්ණයක පදිංචියට ගිය අතර මාර්ගොට් ඇතුලූ කණ්ඩායමද එහි සේවයට අනුයුක්ත කෙරිණ.

හිට්ලර් මරණයට පත් කිරීමට නාසි හමුදාවේම නිළධාරියෙකු බෝම්බයක් සවිකළ අත්බෑගයක් ගෙන ආවේ මේ සමයේදීය.බෝම්බය පුපුරා ගියද හිට්ලර් දිවි ගලවා ගැනීමට සමත් විය.මෙම ප්‍රහාරයට අඩු වැඩි ආකාරයට සම්බන්ධ වූ 5000 ක් පමණ දෙනා හදුනාගත් නාසි බළධාරීහු ඔවුන් සියලූදෙනා මරා දැමූහ.

කෙසේ හෝ දෙවන ලෝක යුද්ධය අවසන් වී බර්ලිනය රතු හමුදා ග්‍රහණයට පත්වූ විට මාර්ගොට්ට හිමිව ඇත්තේ අවාසනාවමය.ඇය ඇතුලූ ඇයගේ කණ්ඩායමේ සාමාජිකාවන් රතු හමුදාවන් තමන්ගේ ආශාවන් සතර්පණය කරගැනීමට යොදාගෙන ඇත.

‘‘ඔවුන් අපව බර්ලින් නුවර බිම්මහලකට ගෙන ගියා.අපව දවස් 14 ක් තිස්සේ නොනවත්වාම දුෂණය කෙරුණා.හිට්ලර් එක්ක අපේ කිසි සම්බන්ධයක් නැහැ කියලා ඔවුන් හමුවේ වැඳ වැටිලා කීවත් කිසිම ඵලක් වුනේ නැහැ‘‘ ඒ අප්‍රසන්න අත්දැකීම මතක් වීදෝ ඇයගේ හඩ සැලෙන්නේය.

කෙසේහෝ බ්‍රිතාන්‍යය හමුදා භටයෙකුගේ පිහිටෙන් ඇය එතැනින් ගැලවී බ්‍රිතාන්‍යය බලා පැමිණ තිබෙන්නීය.එහි අලූත් ජීවිතයක් ආරම්භ කළ ඇය මියගොස් ඇතැයි විශ්වාස කළ කාර්ල්වද අනාථ කදවුරක සිට සොයාගැනීමට සමත්වූවාය.දෙදනා එක්ව සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළෝය.

‘‘වැඩක් වුනේ නැහැ.ඒ කාලයේ මම දුටුව, අහපු අප්‍රසන්න,පිළිකුල් දේවල් වල අදුරු මතකයන් ආයේ ආයේ මගේ ඔලූවේ හොල්මන් කරන්න ගත්තා.ඒවත් එක්ක සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරන්න මට පුලූවන් වුනේ නැහැ.ඉතින් අපි දික්කසාද වුනා‘‘ඇයගේ හඩ ශෝකාත්මකය.

තවත් වසර කිහිපයක් ගතවෙද්දී කාර්ල් මිය ගිය පුවත ඇයට ලැබුණි.අද දිනය වන විට කාර්ල් මියගොස් වසර 24 ක් ගතව අවසානය.ඇයගේ වයසද අවුරුදු 96 ක් ව ඇත.

ඇය තවමත් ජීවත් වන්නේ තනිවමය.බ්‍රිතාන්‍යයේ කුඩා නගරයක පිහිටා ඇති නිවහනේ ඇය තම මතකයන් සමග තනිව සිටින්නීය.

article-2315369-19802583000005DC-338_634x761 article-2315369-19802998000005DC-212_634x395



අදහස් (0)

හිට්ලර්ගේ කෑම කත පොතක් ලියයි

හෙර්බෙර්ට් Friday, 19 September 2014 10:39 AM

මසුත් කෑවනම් තව කොහොමට හිටීද (අ)

:       0       0

බටු ගෙදර Thursday, 18 September 2014 11:39 AM

ඔන්න ලෝකේ නිර්මාංශ මිනී මරුවා හරිම අහිංසකයි. (අ)

:       0       0

චමි Friday, 19 September 2014 04:26 AM

එදා ලස්සන තරුණිය අද කොහොමද බලන්න. අටලෝ දහම සිහිවෙනවා (නදී)

:       0       0

ලලිත් Thursday, 18 September 2014 09:02 PM

ප්‍රභාකරන් ළඟ හිටි කට්ටියත් අවුරුදු අසුවක් අනුවක් වුණහම ඔය වගේ පොත් ලියයි. (නි)

:       0       0

සමිපත් Friday, 19 September 2014 08:03 AM

හිට්ලර් කියන්නේ කාලකන්නියෙක්. (ස)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 18 September 2014 07:46 AM

ලෝක යුද්ධයක් පවතින අවස්ථාවක යුධ නායකයෙකු සමීපව සිට පණබේරා ගත් එකත් ආශ්චර්යයක් !මස් මාංශ වලින් තොරව ඇයද ඉන්න ඇති.96 ක ආයු කාලය වැඩිවීමේ රහස එය විය යුතුයි !(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31373 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13597 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11016 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 129 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1022 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site