අධිකරණ නියෝගයට හිස නමමින්, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා පොලිසියට බාර විය. ඒ අනුව, ඔහුට මාස 15 ක සිරදඩුවමක් හිමිවනු ඇතැයි දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කළේය.
හිටපු ජනාධිපති සූමා ට මාස 15 ක සිර දඩුවම් නියම කළේ දකුණු අප්‍රිකාවේ ඉහළ ම අධිකරණය වන ව්‍යවස්ථා අධිකරණය මගිනි. ඒ, පසුගිය සතියේය.
ජේකොබ් සූමා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස 2018 වසර තෙක් එම ධුරය හෙබවීය. සූමා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව පැවසෙන විවිධාකාරයේ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ.
එම විමර්ශනවලට සහාය දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ව්‍යවස්ථා අධිකරණය සූමාට දන්වා තිබුණි. කෙසේ නමුත් සූමා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
එම අවස්ථාවේදී, අධිකරණය හමුවේ පෙනී නොසිටීමෙන්, අධිකරණයට අපහාස කළේ යැයි ව්‍යවස්ථා අධිකරණය, සූමාට මාස 15 ක සිරදඩුවම් නියම කළේය. විනිසුරුවරයා එම අවස්ථාවේදී, හිටපු ජනාධිපති සූමාට කියා සිටියේ, දින 5 ක් ඇතුළත පොලිසියට බාර වන ලෙසය. එසේ නොකළොත්, වහා සූමා අත්අඩංගුවට ගන්නැයි පොලිසියට නියෝග කෙරුණි.
හිටපු ජනාධිපති සූමා පොලිසියට බාර වූයේ ඒ අනුවය. 79 හැවිරිදි සූමා, දකුණු අප්‍රිකාවේ 4 වැනි ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ජනාධිපතිවරයාය. අප්‍රිකා ජාතික කවුන්සිලයට නායකත්වය දෙමින් 2009 ජනාධිපතිවරණයෙන් ජයගත් සූමා, 2018 පෙබරවාරි 14 වැනිදා තෙක් ජනාධිපති ධුරය හෙබවීය.
ජනාධිපති ධුරය හොබවද්දී බලතල අයථා ලෙස භාවිත කළේ යැයි චෝදනා රැසක් සූමාට එල්ල වී ඇති අතර, ඒ එක් එක් චෝදනා සම්බන්ධයෙන් වෙන වෙනම නඩු විභාග පැවැත්වෙන බව දකුණු අප්‍රිකා පුවත් සේවා පෙන්වා දෙයි.
ප්‍රිටෝරියාහිදීය (රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
650
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ජනපති සූමා පොලිසියට බාර වෙයි