නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ඝාතන වහා නතර කරන්නැයි ඇමෙරිකානු රජයට බල කරමින් නිව්යෝක් නුවර ඊයේ (4) දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.
විරෝධතාව සංවිධානය කළේත් ඊට සහභාගී වූයේත් ඇමෙරිකානු සාම කි‍්‍රයාකාරීන්ය.
ඇමෙරිකා රජයේ අනුදැනුම පරිදි, සී.අයි.ඒ. බුද්ධි අංශය සහ ඇමෙරිකානු හමුදාව, ඩ්‍රෝන යානා යොදා ගනිමින් කරන ඝාතන වහා නැවැත්විය යුතු බවත් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් විරෝධතාකරුවෝ චෝදනා කළහ.
විරෝධතාකරුවන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටියේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ඝාතන වහා නවත්වා දමන ලෙසටය.
සී.අයි.ඒ. බුද්ධි අංශය සහ ඇමෙරිකානු හමුදාව විදේශවල ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළින්ම විරෝධතාවක් හටගත් ප‍්‍රථම අවස්ථාව මෙයයි.
”ඇමෙරිකා රජය පවසන්නේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් තමන් ‘ත‍්‍රස්තවාදීන්’ ඝාතනය කරනවා කියලයි. ඒත් සිදුවන්නේ සිවිල් වැසියන් ඝාතන වීම යැයි විරෝධාතාවට එක් වුණු එක් සාම කි‍්‍රයාකාරිකයෙක් පැවැසීය.
ලන්ඩන් නුවර පාදක කර ගත් ගවේෂණාත්මක මාධ්‍ය කාර්යංශය එළිදැක්වූ වාර්තාවක දැක්වෙන්නේ ඇමෙරිකා හමුදා පාකිස්තානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශවල සිදු කළ ඩ්‍රෝන ප‍්‍රහාර 366 කින් 3,581 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි. එයින් 884 දෙනෙක් සිවිල් වැසියෝ වෙති.
මේ වසර මුලදී දෙවැනි ධුරය ආරම්භ කළ අවස්ථාවේදී ජනාධිපති බැරැුක් ඔබාමා කියා සිටියේ ලබන වසරේ එනම් 2014 දී ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමෙන් පසු ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ කි‍්‍රයාත්මක සටන්කාමීන් ගැන වැඩි අවධානයක් යොමු කරන බවය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.