කළු සල්ලි ජාවාරම වැළැක්වීමේ අරමුණින් ඉන්දියාවේ රුපියල් 500 සහ 1000 නෝට්ටු තහනම් කිරීමට එරට රජය ගත් පියවරට විරෝධය පළ කරමින් ඉන්දියාව පුරා අද (28) විරෝධතා පැවැත්විණි.
කල්කටා, කේරළ හා බැංග්ලෝර් ප්‍රාන්තවල වැසියෝ දහස් ගණනක් වීදි බැස උද්ඝෝෂණවල යෙදුණහ. එරට විපක්ෂය මෙම විරෝධතා සංවිධානය කැර තිබිණි.
හිටපු අගමැති මන්මෝහන් සිං ද වත්මන් අගමැති මෝදි ප්‍රමුඛ රජය ගත් මෙම තීරණය විවේචනය කළේය. නමුත් මෝදි සඳහන් කරනුයේ තමන් ඇතුළු රජය ගත් මෙම තීරණය ඉතා වැදගත් මෙන්ම නිවැරදි එකක් වන බවයි.
මෝදිගේ තීරණය සම්බන්ධයෙන් ඔහු සමාව ගත යුතු බව කියමින් විපක්ෂය පසුගිය සතියේ ඉන්දීය පාර්ලිමේන්තුවේ නැගී සිටිමින් විරෝධය ප්‍රකාශ කළේය.
නමුත් එරට ඇතැම් ප්‍රාන්තවල මහ ඇමැතිවරුන් මෙන්ම ජනයාද මෝදිගේ තීරණය හොඳ එකක් බව කියති.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සල්ලි තහනමට එරෙහිව ඉන්දීය වැසියෝ වීදි බසිති
මාලක Tuesday, 29 November 2016 03:15 AM
මේ උද්ඝෝෂණ පස්සේ ඉන්නේ කවුද කියලා හිතාගන්න එක සුළු දෙයක් (නි)