ප්‍රංශයේ ප්‍රසිද්ධ කිරි ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත ශාලාවකින් සැල්මොනෙල්ලා බැක්ටීරියාව සොයාගැනීමෙන් අනතුරුව ඔවුන් වෙළඳපොළට නිකුත් කරනු ලැබ තිබූ නිශ්පාදන ආපසු ගෙන්වා ගැනීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ සිට ලැක්ටලිස් නම් මෙම සමාගමේ එක්කෝටි විසිලක්ෂයකට අධික ළදරු කිරිපිටි පෙට්ටි ප්‍රමාණයක් නැවත ගෙන්වාගෙන ඇත.
"ලැක්ටලිස්" ලෝකයේ මහාපරිමාණ කිරිපිටි නිපදවන සමාගමක් වන අතර ඔවුන් ළදරු කිරිපිටි හා කිරි ආශ්‍රිත නිශ්පාදන ආසියානු, ලතින් ඇමරිකානු සහ යුරෝපා රටවල් වලට අලෙවි කරනු ලබයි.
මෙම ළදරු කිරිපිටි පාවිච්චිය නිසා සැල්මොනෙල්ලා බැක්ටීරියාව ශරීරගතවීම් 35ක් ප්‍රංශයෙන් වාර්තා වී ඇති අතර වෙනත් රටවලින් ද මේ සම්බන්ධ පැමිණිලි ලැබී ඇතැයි ප්‍රංශ බලධාරීහු පවසති.
පැමිණිලි සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වෙන බව කම්හලේ ප්‍රධාන විධායක නිලධාරියා පවසා ඇති අතර ප්‍රංශ රජය පවසන්නේ මෙම පරීක්ෂණ අවසන් වනතුරු අදාල සමාගමේ නිශ්පාදන තහනම් කරන බවයි.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සැල්මොනෙල්ලා බැක්ටීරියාව නිසා ප්‍රංශ කිරිපිටි කම්හල අනතුරක