IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සිරියා නායකයාගේ ඉඩමක් ප්‍රංශ රජය පවරා ගනී

සිරියාවේ නායක බෂාර් අල් අෂාඩ් පවුලට අයත් ප‍්‍රංශයේ පැරීස් නුවර පිහිටි වර්ග මීටර 788ක් පමණ වූ ඉඩමක් පසුගියදා  ප‍්‍රංශ රජය විසින් පවරා ගන්නා ලදී. පැරීසියේ කලාප අංක 16 ලෙස සැලකෙන භූමි ප‍්‍රමාණය ලෝකයේ බොහෝ රටවල ධන කුවේරයන්ගේ පරාදීසයකි.

මෙම කලාපය ඉතාමත්ම මිල අධික ප‍්‍රදේශයක් ලෙස ලෝකයේම ප‍්‍රසිද්ධය. පැරීසියේ පෞරාණික සිද්ධස්ථාන බොහෝමයක් මෙම වපසරිය තුල පිහිටා තිබීම එයට හේතුවයි. එබැවින් බොහෝ රටවල රාජ්‍ය නායකයන්, ධන කුවේරයන්, රජවරු ,කුමරු, කුමරියන් සතු ඉඩකඩම්, නිවාස බොහෝමයක් මෙම ප‍්‍රදේශයෙන් මිලදී ගෙන ඇත්තේය. එලෙස මිලයට ගත් ඉහත වර්ග ප‍්‍රමාණයට අයත් භූමි භාගයක් සිරියාවේ බෂාර් අල් අෂාඞ් පවුලටද ඇත්තේය.

පසුගියදා පැරීසියේ නගර සභා නියෝජිත සභා වාරයකදී ඉහත ඉඩම පවරා ගැනීමේ යෝජනාවක් සියලූ දෙනාගේ කැමැත්තෙන් සභා සම්මතවූ අතර ඉන්පසු සිදුකළ අධිකරණ ක‍්‍රියාවලියකින් පසු ඉහත ඉඩම රජයට පවරා ගැනීම සිදුවිය. ඒ අනුව වාහන 14කට ඉඩ පහසුකම් ඇති රථ වාහන ගාලක් සමඟ ළදරු පාසැලක් ඉදි කිරීමට පැරිස් නගර සභාව සැලසුම් කොට ඇත. වර්ෂ 2020 දී එම ඉදිකිරීම් අවසන් වීමට නියමිතය.

මහජන උද්ඝෝෂණ ඉදිරියේ රටින් පලා ගිය ටියුනිසියානු හිටපු නායක බෙන් අලී පවුලට හා ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆිට අයත් නිවෙස් හා ඉඩම් පසුගිය වසරේදී මෙලෙසම රජයට පවරා ගන්නා ලදී. තම රටේ රාජ්‍ය ධනය සොරකම් කොට ලබා ගත් මෙවැනි දේපොල පැරීසියේ තවත් ඇති අතර ඔවුන්ගේ රටවල සිදුවන දේශපාලන වෙනස්වීම් වලට සාපේක්ෂව ප‍්‍රංශ රජය විසින් එම දේපොලද ඉදිරියේදි පවරා ගැනීමට බොහෝ ලෙස ඉඩ කඩ පවතින බව ඉහත සිද්ධීන් සනාථ කරයි.

සමහර රටවල ඒකාධිපති පාලකයන්ට අයත් මෙවැනි දේපොල විකුණා එම මුදල් එම රට වලට ලබා දෙන බව ප‍්‍රංශය පැවැසුවද මෙතෙක් එවැන්නක් සිදුවූ බවක් නම් දැන ගැනීමට නොමැත.

 wevBACHAR-LANDwebcouple-assad-(1)

 

 

 



අදහස් (0)

සිරියා නායකයාගේ ඉඩමක් ප්‍රංශ රජය පවරා ගනී

විජේවීර Thursday, 17 November 2016 01:56 AM

ප්‍රංශයේ ඕවා වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ! මේක මුතු ඇටයනේ .(හේ)

:       0       0

රූපවතී Wednesday, 16 November 2016 11:54 AM

මේ නළලේ පොට්ටු තියාගෙන ඉන්න සේරමලා අශාඩ් ගේ පවුලේ බෂාඩ් ලද? (බ)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 16 November 2016 12:55 PM

අපේ පැරදුන රජවරුන්ගේ සහ අැමතියෝගේ දේපල නැතිද දන්නේ නැහැ (බ)

:       0       0

විජේකෝන් මීරිගම Wednesday, 16 November 2016 01:46 PM

අපේ හිටපු රජතුමාට අයත් දේවල් පැරිසියේ නැද්ද? මෙහේ දේවල් රාජසන්තක නොකරන එකේ, ඔහේ තියෙන දේවල්වත් රාජසන්තක කරගන්න. අපේ අයට එහෙම දෙයක් බැහැනේ. අනේ අපොයි! (නි)

:       0       0

දුමින්ද දර්මසිරි Thursday, 17 November 2016 12:19 AM

බණ්ඩාර කුවේට්, එහෙම අයට පක්ෂයේ කට්ටියගේ දේපොළ තියෙන්නත් බැරි නැහැ . හොයලා බැලුවොත් නරකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 139 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site