උතුරු සිරියාවේ තුර්කි දේශ සීමාව අසල සිදු වූ බොම්බ පිපිරීමකින් 20 දෙනෙකු මිය ගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මිය ගිය අයගෙන් වැඩි දෙනෙකු කැරළිකරුවන් බව වාර්තා වෙයි.

ඉඩ්ලිබ් පළාතේ ඇට්මේහ් සීමාව අසල පිපිරීම සිදු වූ බව බ්‍රිතාන්‍ය නිරික්ෂකයෙකු පැවසීය.කැරළිකරුවන්ගේ රථ පෙළක් ප්‍රහාරයේ ඉලක්කය වූ බව අයි එස් සටන්කරුවන්ගේ මාධ්‍ය ඒජන්සියක් ප්‍රකාශ කළේය.පිපිරීම සිදු වී  ඇත්තේ ආරක්ෂකයින් වැඩමුරය අවසන් වන අවස්ථාවේදී බව වාර්තා වෙයි.